බලහත්කාරයෙන් අමතක කරපු ජයග්‍රහණය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අතීතයෙන් අද්දැකීම් ඉගනගෙන දිනෙන් දින සාර්ථක දේශපාලන චරිතයක් ලෙස සරත් ෆොන්සේකා මහතා හැදින්විය හැකියි. එදා මරාගෙන මැරෙන්න ෆොන්සේකා වෙනුවෙන් හිටපු අය දැන් ෆොන්සේකා කියන්නේ කව්දැයි මතක නැත. ෆොන්සේකා ගේ පක්ෂය jvp එකත් පරද කරමින්, ලංකාවේ තුන්වෙනි බලවේගය බවට පත් වෙමින් ඇත. මෙය එසේ මෙසේ ජයග්‍රහණයක් නොවේ. ලංකාවේ අනාගත මැතිවරණයකදී තීරණාත්මක බලවේගය බවට ෆොන්සේකා පත්වෙන්න ඉඩ තිබේ. පුවත්පත් වල සහ අන්තර්ජාලය තුල මේ ගැන කතා කර තිබෙන්නේ ඉතා අඩුවෙන්. සමහරු එක unp චන්ද ටිකක් තමයි වැටිලා තියෙන්නේ කියා සැහැල්ලුවෙන් කතාකරනවා.
එන ඡන්දෙන් එජාපය පරද්දනවා… අවුරුදු හතරකින් ආණ්ඩුවක් හදනවා
තම නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තව අවුරුදු හතරක් යෑමට පෙර මේ රටේ පාලන බලය ලබාගන්නා බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජික සාමාජිකාවන් සඳහා ආසන සංවිධායක තනතුරු ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව කෝට්ටේ පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
මීළග දකුණු ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අභිබවා වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගන්නවා යැයිද ඒ මහතා කීය.
කව දුරත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයට ගිය වියදමින් 1/10 පමණ වැය කොට එය ඉදි කිරීමට හැකියාව තිබියදී ඊට වඩා අති විශාල මුදලක් වැය කර ඇති බව පෙන්වන්නේ ඉතිරි මුදල් කොමිස් ලෙස රාජපක්ෂ පවුලට ලබා ගෙන ඇති නිසා බවයි.
නව අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට ඩොලර් මිලියන 14ක් වැය වී ඇති බවට ආණ්ඩුව ගෙන යන්නේ අසත්‍ය ප‍්‍රචාරයක් බවත්, හමුදාපති ධූරයේ හිදිමින් විදෙස් රටවල් සමග ගනුදෙනු කළ තමා ඩොලර් මිලියනයකින් කළ හැකි දේවල් පිළිබදව පැවසීමට සූදානම් බවත් එහිදී වැඩිදුරටත් කීය.
lankacnews source