බල්ලන්ටත්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බල්ලන්ටත් රියදුරු පුහුණුව දීමට සත්ව හිංසාවන්ට එරෙහි නවසීලන්තයේ සංවිධානයක් සැරසෙයි.

    පුහුණුකරු මාක් වෙටේ පවසන අන්දමට මේ සදහා අයාලේ යන බල්ලන් තෝරා ගෙන ඇත. මුලින්ම රෝද පුටුවක හැඩයට තනන මෝටර් රථයක අනුරුවක ආධාරයෙන් පුහුණුව ලබාදේ.

    261471_476802189038536_914120657_n.jpg


    261471_476802192371869_1963328203_n.jpg


    261471_476802195705202_2028649398_n.jpg


    261471_476802199038535_181305881_n.jpg


    261471_476802205705201_912874486_n.jpg


    64642_476802555705166_2102465583_n.jpg


    64642_476802559038499_582702384_n.jpg


    මාක් පවසන අන්දමට ලොකුම අභියෝගය නම් තිරිංග,පැඩල හා ගියර, භාවිතා කිරීමට මේ සිව්පා රියදුරන්ට හුරු කිරීමය.

    සාර්ථක ලෙස මූලික පුහුණුව නිම කළ බල්ලන් කිහිප දෙනෙකු මේ දිනවල සැබෑ මෝටර් රථයක් පැදවීමට පුහුණුව ලබති. විශේෂ ඇටවුමක් ආධාරයෙන් ඔවුන්ගේ පසු පා පැඩල හා සබන්ධ කෙරෙන අතර පෙර පා සුක්කානම හැසිරවීමට හා ගියර මාරු කිරීමට යොදාගැනෙනු ඇත.

    මේ සතුන්ගේ හැකියා දැකීමෙන් හෝ සිය සුරතලූන්ට නිසි ලෙස සැළැකීමට මිනිසුන් යොමු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මාක් කියයි.​