බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනක් හිරේට🦮🥰👍

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පල පල හින්දු කොටියා..තොපේ ඩස්පයොන්ට බල්ලො කසාද බඳින්න හොඳයි මේ වගේ දෙයක් බල්ලො වෙනුවෙන් කරහම රිදෙනවා..

    man_dog_marriage_20071120.jpg
    sri-lankan-prime-minister-mahinda-rajapaksa-during-his-visit-to-kal-bhairav-temple-in-varanasi_158131333890.jpg



    See the source image


    Image result for MAHINDA RAJAPAKSHA VISIT THIRUPATHI
     
    • Haha
    Reactions: dilann

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    TOQFtxf.jpeg


    සුනඛයෙකුට ගල් පහරක් එල්ල කළත් එම සත්ව හිංසනයට රුපියල් 125,000 ක දඩයක් හා වසර තුනක සිර දඩුවමක් නියම කළ හැකි පරිදි සකස් කරන ලද සත්ව සුභ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

    සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 19 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අනුමැතිය ලැබී තිබුණි.

    සත්ව හිංසනයක් සිදුකරන අයකුට රුපියල් 125,000 ක උපරිම දඩයක් හා වසර තුනකට නොඅඩු සිරදඬුවමක් සත්ව සුභ සාධන නව පනතට අනුව ලබාදිය හැකි බවත්,මෙම පනත අනුව කටයුතු කිරීමට වෙනම පශු වෛද්‍ය නිලධාරියකු පත්කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. ගොවිපළවල, නිවෙස්වල, කැලෑබද, අයාලේ යන කුමන සතෙකුට වුවද කෲර වධ හිංසා පැමිණවීම මෙම සත්ව සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැළකෙන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

    “ මෙරටේ සත්ව සුබසාධනය සඳහා දැනට ක්‍රියාත්මක වෙන්නේ 1907 සම්මත කර ඇති සත්ව හිංසා ආඥා පනතට අනුවයි. එම පනත යටතේ සත්ව හිංසාවන් සඳහා පැනවිය හැකි දඩය රුපියල් 100ක් පමණයි. මේ නිසා මේ පනත සංශෝධනය කරන්න අපි පියවර ගත්තා.⁣ ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙම යෝජිත පනත ගැසට් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අනුමැතිය ලබා ගන්න අපේක්ෂා කරනවා.”යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය..

    https://mawurata.lk/archives/15528
    බල්ලෙක්ට හූ කිව්වොත් මරණ දඬුවමද ?
     
    • Haha
    Reactions: topkollek

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    යකෝ උදේ පාරේ දුවන්න තියා බයිසිකලේකින් වත් යන්න බෑ බල්ලො ඉන්නවා. ගල් ගහන්නේ නැතුව කන්න දෙන්නද කියන්නේ?
     
    • Haha
    Reactions: TCB Rox

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    රට බල්ලට ගියා, බල්ලට රට ගියා

    යකෝ අමාරුවෙන් පෝලිමේ ඉදලා ගන්න එක ලාම්පුතෙල් පොඩ්ඩක්වත් ආයි ගැරඩියෙක්ටවත් ගහන්ඩ වෙන්නෙ නෑ. ගැරඩියා නඩු දැම්මොත් 125,000 පුහ්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,160
    1
    58,518
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යකෝ උදේ පාරේ දුවන්න තියා බයිසිකලේකින් වත් යන්න බෑ බල්ලො ඉන්නවා. ගල් ගහන්නේ නැතුව කන්න දෙන්නද කියන්නේ?
    කන්න දුන්නනම් යාලුවෙයි. බිස්කට් ටිකක් සාක්කුවෙ දාගෙන දුවපන්
     
    • Love
    • Like
    Reactions: NRTG and animation