UNP එක 1977දි බලයට ආවෙ කේවල ආසන ක්‍රමයට තිබුනු චන්දෙන්. ජනාධිපතිවරණයක් නෙමෙයි මහ මැතිවරණයක්. ඇවිල්ල ව්‍යවස්ථාවක් හැදුව. විධායක බලය තියෙන ජනාධිපතිකමයි මනාප ක්‍රමයයි හඳුන්වල දුන්නෙ ඒකෙන්. ඒ කියන්නෙ UNP නායකයා JR විධායක ජනාධිපතිවුනේ ජනාධිපතිවරණයකින් නොවෙයි.
තමන් හඳුන්වල දුන්නු මනාප ක්‍රමයට චන්දයක් තිබ්බෙ නැහැ හිටපු අවුරුදු 12ටම. රනිල් එදා ඒ ආන්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක්. එහෙව් රනිල් තමයි තමන්ගෙ ආන්ඩුව හඳුන්වල දුන්නු ව්‍යවස්ථාවෙ තමන්ගෙ වාසියට හදපු හිල් වලින් වෙන අය රිංගනකොට අවුල්වෙලා දඟලන්නෙ.
2015දි මයිත්‍රි ඒ වරද කරනකොට මයිත්‍රි හොඳයි. ඒකම 2018 කරනකොට රනිල්ට අවුල්. මැදහත් මිනිස්සුන්ට මේ දෙකම අවුල්.