බලු සංහාරය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Nmc3Boy.jpg

    පාකිස්තානයේ කරච්චි නගරයේ අයාලේ යන සුනඛයන් විසින් මිනිසුන් සපා කෑම ඉහළ යෑම නිසා බලධාරීන් සුනඛයන් ඝාතනය කිරීමට තීරණය කර තිබේ.මේවන විට එම තීරණය නිසා මරාදමන ලද සුනඛයන් ප්‍රමාණය අවම වශයෙන් 700ක් පමණ වෙතැයි කියවේ.බලධාරීන්ගේ මෙම ක්‍රියාවට එරෙහිව මේවන විට සමාජ ජාල ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.නමුත් ඔවුන් කියන්නේ මෙම ගැටලුවට වෙනත් විසඳුමක් නොමැති බවයි.

    wCQlyZh.jpg

    පසුගිය දින කිහිපය තුලදී කරච්චි නගරයේ ප්‍රදේශ දෙකකදී මෙලෙස සුනඛයන් විශාල ප්‍රමාණයක් මරා දමා තිබේ.කුකුල් මස්වලට විෂ කවා ඒවා සුනඛයන්ට කෑමට ලබා දීමෙන් මෙම සමූල ඝාතනයන් සිදුකර තිබේ.පසුගිය වසරේදී කරච්චි හි ජින්නාහ් රෝහලට සුනඛයන් සපා කෑ පුද්ගලයින් 6,500ක් ප්‍රතිකාර සඳහා පැමිණ තිබේ.මෙම වසරේදී එම ගණන 3,700ක් බවයි එහි වෛද්‍යවරයෙක් පවසා තිබෙන්නේ.මරා දමන සුනඛයන් ප්‍රමාණය ගැන බලධාරීන් සතුව සංඛ්‍යාලේඛන නොමැති බව සඳහන්.ඔවුන්ගේ ඉලක්කය සුනඛයින් දහස්ගණනක් මරාදැමීම බව කියවේ.

    WeNmvSK.jpg


    JT5INvy.jpg


    8vL6ppE.jpg




    Source:rt.com
     
    • Like
    Reactions: akilar25