බලෙන්_මකමු_!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    මකන්න බැරිනම් බලෙන් මැකීම.

    unlocker+vimasumblog.png




    සමහර වෙලාවට අපි පරිගනකයේ ඇති යම් ෆයිල් එකක් මකන්න,රිනේම් කරන්න ගියාම එසේ කරන්න බැරිය යනුවෙන් මෙසේජ් එකක් දිස්වේ.එසේ වීමට හෙතු වන්නේ එම ෆයිල් එක පරිගනකයේ ඒ වන විට ධාවනය වෙමින් පැවතීමයි.ඒක නිසා එම ෆයිල් එක මැකීමට හෝ රිනේම් කිරීමට එය ධාවනය වීම වැලැක්විය යුතුය.ඒ සදහා ටාස්ක් මැනේජර් වෙත ගොස් එය අන්ප්‍රොසෙස් කිරීමට වඩා ලේසි වැඩක් දැන් අපට කළ හැක.ඒ සදහා භාවිතා කළ හැකි මෘදුකාංගයක් තමයි අන්ලොකර්.මෙම මෘදුකාංගයෙන් වැඩ කරන ආකාරය පහත රූප සටහන් වලින් පෙන්වා ඇත.

    පලමුව පහත ලින්ක් එකෙන් මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කර ගන්න.



    01.ඔන්න අපි මකන්න යන ෆයිල් එක මකන්න බෑ කියනවා.

    25+vimasumblog.JPG



    Vimasumblog+unlo.png


    02.දැන් අපි කරන්න ඕන මකන්න හෝ රිනේම් කරන්න ඕන ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා අන්ලොකර් යන්නට පිවිසීමයි.

    26vimasumblog.jpg


    03.එවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා.දැන් ඇක්ෂන් යන්න තුලින් ඔබට කිරීමට අවශ්‍ය දේ ‍තෝරා ඕකේ කරන්න.

    27vimasumblog.jpg


    04.එවිට ෆයිල් එක මැකුනාද මූව් වුනාද රිනේම් වුනාද යන්න සදහන් වින්ඩෝ එක දිස්වේ.

    28vimasumblog.jpg




    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     
    • Like
    Reactions: BanX and ncpasan

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මට නම් වැදගත් උනා මචන්.. ස්තුත්යි මහන්සිවෙලා මෙහෙම පොස්ට් දානවට.......