බව්ව්නට මේ ආහාර විස වෙන්න පුළුවන්..!

sdsewwa

Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    🙄 Wtf is this?? You cannot embed a YouTube video like this.
    oh then how can I embed a video? this is my first time i tried

    පූස් පැටවුන්ටත් මේවා අගුනයිද?
    ඒක වෙනස් වෙනවා. මං ඒ ගැනත් පොස්ට් එකක් දාන්නම්
    ------ Post added on Oct 3, 2023 at 7:41 PM
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    511944.jpg


    හවසට මහන්සියට පොඩ්ඩක් බිවුවට අවුලක් නැහැනේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    අර කතාවටත් කියන්නේ පුංචි දරුවෙක් ගෙදර ඉන්නකොට මුලු ගෙදරම පිරිල කියල. ඉතින් පුංචි දරුවෝ වගේම තමයි හුරතලේට ඇතිකරන සත්තුත්. බොහෝමයක් සුරතල් සතුන් හිමිකරුවන් කියන්නේ නම් බල්ලෙක් ගෙදරක ඉන්නවා කියල කියන්නේ කුඩා දරුවෙකු ගෙදරක ඉන්නවා හා සමානයි කියල. දැකල තියෙනවද චූටි ළමයි දකින දකින හැම දේම කටට දාගන්නවා. ඒ ගොල්ලෝ හිතන්නේ ඒ හැම දෙයක්ම කන්න පුලුවන් කියල. ඉතින් බලු සුරතල්ලුත් අන්න ඒ වගේම තමයි. ඒයාලත් හරියටම පුංචිම පුංචි ළමයි වගේ. වයර් එකක්, සෙරෙප්පුවක් හරි කමක් නෑ කටේ දාගන්නවා ඇසි පිය හෙලන පමාවට.

    පුංචි ළමයි පරිස්සම් කරනවා වගේම තමයි මේ පුංචි සුරතලුන් පරිස්සම් කරන එකත්. විශේෂයෙන්ම බලු සුරතලුන්. මේ ලිපිය බලන ඔයාටත් ඉන්නවා නම් පුංචිම පුංචි දරුවෙක් වගේ බලු සුරතලෙක් අනිවාර්යයෙන්ම ඉවර වෙනකම්ම බලන්න. ඔයා කොහොමද ඔයාගේ පුංචි යාලුවාව අනතුරුදායක කෑම වලින් ආරක්ෂා කරගන්නේ කියල සවිස්තරාත්මකව අපි අද කියල දෙන්නම්.

    01. චොකලට්​

    චොක්ලට් වල අඩංගු අමුද්‍රව්‍ය තුනක් ශරීරයට විෂ වෙන්න පුලුවන්. Methylxanthines, Theobromine සහ Caffeine. මේ රසායනික ද්‍රව්‍ය බල්ලන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සහ හෘද රිද්මයට ගැටළු ඇති කරන්න පුලුවන්.

    02.මුද්දරප්පලම් සහ මිදි​

    මුද්දරප්පලම් සහ මිදි වල විෂ සහිත බව වැඩි කරන්නේ ඒවා වල තියෙන Tartaric අcid. බල්ලන් මිදි සහ මුද්දරප්පලම් අධික ලෙස ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ අක්මාව හා වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුලුවන්.

    03. පැඟිරි පලතුරු​

    මිදි, දොඩම් සහ ලෙමන් වැනි පැඟිරි පලතුරු වල Citric acid බහුල ලෙස අඩංගු වෙනවා. ලෙමන් යුෂ වල සැලකිය යුතු pH අගයක්ද පවතිනවා. ලෙමන් වල පවතින 2.0-2.6 අතර pHඅගය ඒ කියන්නේ අධික ආම්ලික බව බලු සුරතලුන්ට හානිදායකයි. මෙම පලතුරු ඔයාගේ සුරතලාගේ ආමාශයේ බිත්ති පුච්චා දමන්නට තරම් බලසම්පන්න වෙනවා.

    04. ඇපල්, චෙරි, පෙයාර්ස් වැනි ජනප්‍රිය පළතුරු වල බීජ​

    චෙරි, පීච්, පෙයාර්ස් සහ ඇපල් වැනි ජනප්‍රිය පලතුරු මැද තියෙන බීජය තුල සැලකිය යුතු විෂ ප්‍රමාණයක් අඩංගු වෙන බව වෛද්‍යවරුන් තහවුරු කරගෙන සිටිනවා. ඒවායේ Amygdalin නම් රසායනිකය මගින් සයනයිඩ් නිකුත් කරන බවටයි ඔප්පු වෙලා තියෙනවා.

    05. කාමරංගා ( Star fruit)​

    ස්ටාර්ෆෘට් එහෙමත් නැතිනම් කාමරංගා සාමාන්‍යයෙන් රසවත් බව අඩු පලතුරක් විදිහට තමයි කාමරංගා ජනප්‍රිය වෙලා තියෙන්නේ. අවාසනාවකට වගේ, මේ පලතුර බල්ලන්ට නම් ඉතාමත් අහිතකරයි. බල්ලන්ට වකුගඩු ආබාධ ඇති කිරීමට තරම් හැකියාවක් ඇති පලතුරක් විදිහට කාමරංගා හඳුන්වන්න පුලුවන්.

    06. ඔක්සලික් අම්ලය බහුල ආහාර​

    අපි හැමෝම දන්න කරුණක් තමයි මිනිසුන්ගේ මූත්‍ර ගල් සහ වකුගඩු ආබාධ වලට ඔක්සලේට් කියන රසායනිකය හේතු වෙනවා. ඉතින් බල්ලන්ටත් ඒක එහෙමම තමයි. ආමන්ඩ් ඇට, නිවිති වැනි ඔක්සලේට් රසායනිකය බහුලව ඇති ආහාර ප්‍රමානය ඉක්මවා අධික ලෙස ලබාදීම බල්ලන්ට ඉතාම විෂ සහගතයි!

    07. සුදුළූණු, ළූණු, ලීක්ස් සහ ළූණු කොළ​

    ළූණු කියන්නේ බල්ලන්ට නම් ගොඩක්ම අහිතකර ආහාරයක්. විෂ වීම සඳහා 15-30g පමණ ප්‍රමාණවත්. මෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය රතු රුධිර සෛල විනාශ කරමින් ශරීරයේ රක්තහීනතාවය ඇති කරනවා.

    08. අලිගැටපේර​

    අලිගැටපේර මෙම ලැයිස්තුවේ තිබීමම ඔබව පුදුමයට පත් කරනවා ඇති. නමුත් විවිධ සතුන්ගේ සංවේදීතා මට්ටම් සඳහා එය හොඳ උදාහරණයකි. අලිගැටපේර වල විශාල මේද ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ හැරුණුකොට අලිගැට පේර එතරම් විෂ සහිත ආහාරයක් නෙමේ. මෙහි පර්සින් නම් විෂ ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. එම විෂ ද්‍රව්‍යට සුනඛයන්ට ඉතා සංවේදීයි. එමගින් බලු සුරතලුන්ට ඔක්කාරය, වමනය මෙන්ම හෘදයාබාධ පවා ඇතිවිය හැකිය.

    09. අබ​

    අබ වල Isothiocyanate නම් රසායනික සංයෝගයක් අඩංගු වෙනවා. මෙම රසායනිකය අධික ලෙස ශරීරගත වීමෙන් ඔයාගේ බලු පැටවාගේ ආමාශයේ ආන්ත්රයික රෝග ඇති කරන්න පුලුවන්.

    10. මස් කටු​

    සුනඛයන් මස් කටු හපන එක එච්චර හිතකර දෙයක් නෙමේ… මස් කටු හැපීම නිසා මුඛයේ තුවාල ඇති වීම, දත් වලට හානි සිදු වීම, කටු කැබලි ගිල දැමීම නිසා ආන්ත්රයික අවහිරතාවයට ලක්වීම වැනි රෝගි තත්ව වලට මුහුණ දෙන්නත් පුලුවන්. මේ කිව්වේ එයාලා වෙනුවෙන්ම හදලා විකුණන්න තියෙන මස් කටු නෙමෙ. සාමාන්‍ය විදිහට අපි මස් භාවිතා කරාම ඉතුරුවන කටු ගැනයි. ඉදිරියේදි අපි ඔබට මේ ගැන වෙනම ලිපියකින් පැහැදිළි කරන්නම්.

    11. කුළුබඩු සහිත ආහාර​

    කුළුබඩු, ඒ කියන්නේ මිරිස්, ගම්මිරිස්, තුනපහ වගේ සැර සහිත ආහාර. මේ ආහාර ගැනීමෙන් බල්ලන්ගේ හෘද ස්පන්දන වේගය වැඩි කරනවා.

    12. කුරුඳු සහ සාදික්කා​

    කුරුඳු සහ සාදික්කා බව් බව්ලට ඉතාම විෂ සහිතයි. කුරුඳු ආහාරයට ගැනීමෙන් ශ්වසන අපහසුතාව, වමනය සහ අඩු රුධිර පීඩනය ඇති වෙන්නත් පුලුවන්.

    13. Xylitol අඩංගු පැණි රස ආහාර සහ බබල්ගම්​

    Xylitol යනු බොහෝ පැණිරස නිෂ්පාදනවල තිබෙන ස්වභාවික රසකාරකයක්. නමුත් එය බල්ලන්ට ඉතාම විෂ සහිතයි.

    14. පිටි සහිත ආහාර​

    මේද හා සීනි බහුලව අඩංගු ආහාර ගැනීම ද සුරතල් සතුන්ට ඉතාමත් හානිකරයි. පාන් , බනිස් වර්ග, කැලරි බහුලව ඇති පාන් පිටි සහිත ආහාර වර්ග සුරතල් සතුන්ගේ තරබාරුව වැඩි කිරීමට හේතු වෙනවා.

    15. කොට්ටම්බා හෝ මැකඩමියා ගෙඩි​

    මැකැඩමියා සහ කොට්ටම්බා කියන්නෙත් හේසල් නට්, වෝල්නට්, පීනට් වගේ නට්ස් විශේෂයන්. මේ ගෙඩිත් බල්ලන්ට විෂ වෙන නිශ්චිත හේතුව තවමත් අනාවරණය කරගෙන නෑ. කොහොම උනත් මෙම ගෙඩි අධික ලෙස ආහාරයට ගන්නා බල්ලන් පැය 12ක් ඇතුළත වමනය, වෙව්ලීම වගේ දුර්වලතාවන් අත්විඳිනවා.

    16. ලුණු සහිත ස්නැක්ස්/ Salty snaks​

    Savory nuts, chit bits, lays, cheese bits, Krisco වගේ විවිධාකාරයේ රසකාරක දාපු Salty snacks කන්න මිනිසුන් විතරක් නෙමේ සුරතල් බල්ලනුත් ඉතා කැමැත්තක් දක්වනවා. ලුණු සහිත ආහාර අධික ලෙස අනුභව කිරීම බල්ලන්ට ඉතාමත් අහිතකරයි කියලා නම් අමතක කරන්න එපා.

    17. මත්පැන්​

    මේ ගැනනම් ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඕනෑම වර්ගයක මත්පැන් බල්න්ට ඉතාම අහිතකරයි.

    18. කැෆේන් අඩංගු බීම වර්ග​

    කැෆේන් අඩංගු බීම වර්ග වල සුරතල් සතුන්ට ඉතාමත් අහිතකර වන Methylxanthines රසායනිකය අඩංගු වෙනවා. මේ රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම නිසා වමනය සහ පාචනය ඇති වෙන්න පුලුවන්. කැෆේන් හෘදයේ ක්‍රියාකාරිත්වයට ද බලපානවා.

    19. කිරි නිෂ්පාදන​

    අපි කිරි අඩංගු ආහාර අනුභව කරන විට, ශරීරය තුල සීනි බිඳ දැමීම සඳහා Lactase නම් එන්සයිමය ශ්‍රාවය වෙනවා. බොහෝ වෙලාවට කිරි නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් බල්ලන් තුල උදරයේ වේදනාව, වමනය සහ පාචනය ඇති වන්න පුලුවන්.

    20. අමු හෝ නොපිසූ ආහාර​

    අමු හෝ නොපිසූ ආහාර වල Salmonella වැනි හානිකර බැක්ටීරියා අඩංගු වෙන්න පුලුවන්. Salmonella බැක්ටීරියාව බල්ලන් මෙන්ම මිනිසුන් තුළ ද ආහාර මගින් බෝවන රෝග ඇති කරනවා.

    21. පුස් ආහාර (Mycotoxins)​

    පූස් නෙමේ පුස් හොඳද. පුස් කාපු ආහාර අපි කන්නේ නෑ වගේම තමා සුරතල් සතුන්ටත් ඒ ආහාර දෙන්න හොඳ නෑ. පුස් යන දිලීරය එහෙමත් නැතිනම් Mycotoxin වලට නිරාවරණය වීමෙන් සතුන් බොහෝ ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුලුවන්.

    22. විෂ ශාකයුශ සහිත ශාක​

    ඔයාගේ ගෙදර බලු සුරතලෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගෙවත්තේ තියෙන විෂ සහිත ශාක ගැන ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. නියඟලා, කදුරු, අත්තන, මදටිය, ඔලිඳ වගේ ශාක ගෙවත්තේ තියෙනව නම් බොහොම පරිස්සමින් ඔයාගේ සුරතලාව බලාගන්න වෙනවා.

    23. Pseudoephedrine සමඟ ලබා දෙන ඖෂධ වර්ග​

    සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා සුරතල් සතුන්ට මිනිසුන් පාවිච්චි කරන Panadol, Paracetamol, ඇස්ප්‍ප්‍රීන් වගේ ඖෂධ ලබා දෙනවා. කවදාවත් මේ වැරදි වැඩේ නම් කරන්න එපා. අපි ලබාගන්නා ඖෂධ බල්ලන්ට ලබා දීම උචිත නෑ. ඔවුන්ට ඒවා ඉතාමත් සැර අධිකයි.

    24. ඇසිටමිනොෆෙන්/ Acetaminophen​

    තමාගේ සුරතලා වේදනාවෙන් සිටීම දැකීම ඉතාමත් දුෂ්කරයි.. ඔවුන්ගේ වේදනාව සමනය කිරීමට ඇසිටමිනොෆෙන් ලබා දෙන්න ඉක්මන් වෙන්න එපා. Acetaminophen ලබා දීමෙන් මුහුණ සහ පාද ඉදිමෙන්න පුලුවන්. එය අක්මාවට හානි වීමට ද හේතු වෙන්න පුලුවන්.

    25. Ibuprofen/ඉබුප්රොෆෙන්​

    Ibuprofen ශරීර ගත වීම බල්ලන්ට අහිතකර තත්ත්ව ඇති කරනවා. එය GI tract හෙවත් ආමාශ ආන්ත්රයික පත්රිකාව, මධ්‍යම ස්නායු පද්ධතිය සහ වකුගඩු වලට බලපෑම් කළ හැකියි.

    ඉතින් අද අපි කතා කලේ ඔයාගේ සුරතලාට, විශේෂයෙන්ම බලු සුරතලුන්ට ලබා නොදිය යුතු විෂ සහිත ආහාර සහ එවායින් ඇතිවන රෝග ලක්ෂණ ගැන… බලු සුරතලෙක් ඉන්නවනම්, නැතිනම් සුරතල් බලු පැටවෙක් ඇති කරන්න අදහසක් තියෙනවනම් අද මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති.


    මේව අපිට කන්න වත්කමකුත් නැතුව බල්ලන්ට අරන් දෙන්නෙ කොහොමද ?
     

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    බල්ලන්ටනම් ඒත් හොද නෑ. මිනිස්සුන්ටනම් අනේ මන්දා. මේ ළගදිත් videos 2ක් දැකකා doctorsලා 2ක්ගෙ. එක්කෙනෙක් okලු. අනිත් කෙනා එපාලු
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,212
    3,560
    113
    Kandy
    බල්ලන්ටනම් ඒත් හොද නෑ. මිනිස්සුන්ටනම් අනේ මන්දා. මේ ළගදිත් videos 2ක් දැකකා doctorsලා 2ක්ගෙ. එක්කෙනෙක් okලු. අනිත් කෙනා එපාලු
    ඔයා ඇත්තම ගර්ල්ඩ? 😁
     

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    ඔයා ඇත්තම ගර්ල්ඩ? 😁
    ඇයි ශැකද කොල්ලෝ?? 😂 කාලයක් ලොග් නොවී බල බල විතරක් හිටියා මේකෙ උන් කියන ලියන ඒවා නිසා. පස්සේ හිතුනා අනේ මට මොකෝ ඇගේ වදිනවද කියලා. ඒකයි රියල් නමින්ම ආවේ 😊

    meka chatgpt wagene bn. translate karapu ekak neda
    තරහ නැතුව ඉන්බොක්ස් බලන්නකො
    ------ Post added on Oct 3, 2023 at 8:14 PM