ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව තිලකරත්න ඩිල්ෂාන් තීරණය කළහොත් ඔහුගේ තැන ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන බව ශ්‍රී ලංකා නායක මැතිව්ස් ඊයේ මාධ්‍ය හමුවේ විමසන ලදුව පැවසීය.
ඇත්තටම ඒකට හරිම ලේසි උත්තරයක් තමයි දෙන්න තියෙන්නෙ. ඩිල්ෂාන් එහෙම තීරණයක් ගත්තොත් ධනුෂ්ක ගුණතිලකට ඒ තැන දෙනවා. මොකද ඩිල්ෂාන් නැති අවස්ථාවේ කුසල් පෙරේරාත් එක්ක අනිත් පැත්තෙන් ගැහැව්වෙ ධනුෂ්ක.
අද තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ සවස්වරුවේ ආර්.ප්‍රේමදාස පිටියේදී පුහුණු සැසියකට සහභාගි විය. පළමු තරගය ජය ගෙන සිටින ඔස්ටේ්‍රලියානුවන් කිසිදු වෙනසකමක් නොකළ එම සංයුතිය සමගම සටනට අවතීර්ණ වනු ඇතැයි වාර්තා වේ.
තරගයට සහභාගිවීමට අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම
තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, සීකුගේ ප්‍රසන්න හෝ ඇන්ජලෝ පෙරේරා, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු සහ ලක්ෂාන් සඳකැන්