බස්වල යාචකයන් ගැන මගේ ප්රතිපත්තිය
පහුගිය දවස් වල කුරුණෑගල හිඟන්නෙක් හා කෙල්ලක් එක්ක වෙච්චි සීන් එකක් ගැන ගියා. මේකෙ ඇතුලාන්ත කතාව මමවත් ඔය කමෙන්ට් දාන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒක පැත්තකින් තියමුකෝ. බස් වල හිඟන අය, ආධාර එකතු කරන අය ගැන මගේ ප්රතිපත්තිය තමා මේ.
හිඟන්නන්/ යාචකයක් ගැන කට්ටියගෙ අදහස් , අත්දැකීම් හෙමත් දාන්න.

- හිඟමන්/ආධාර ඉල්ලලා ලඟට ඇවිත් සල්ලි නොදුන්නම ඇඟිල්ලෙන් අනින, බෙලෙක්කය හෝ රබාන ඇගේ වද්ද වද්ද ආධාර ඉල්ලන එකෙක්ට සතයක් දෙන්නෙ නෑ
- සමහර උන් පොඩි උන් දම්මලා ආධාර ඉල්ලනවා. අර පොඩි එකා ඇඟිල්ලෙන් අනිමින් ආධාර එකතු කරන්නෙ (උගන්නලා). හරියට කප්පං ඉල්ලනවා වගේ. පොඩි එකා දිහා බලලා මිනිස්සු සල්ලි දානවා. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ
- ඔය එක එක ඔපරේශන් වලට සල්ලි එකතු කරන්න එන උන් ටිකට් වගේ ඒවා බෙදනවා. ඒකෙ ගාන ගහලා තියෙනවා. රු 50 වගේ එකක්. එහෙම ගානක් ගහලා තියෙන එකක් දුන්නොත් සත පහක් දෙන්නෙ නෑ. එහෙම කෝමද බං ආධාරෙකට දෙන්න ඕනගානත් උන්ම කියන්නෙ. ආධාරයක් කරන්න කිව්වමා මිනුස්සු පුළුවන් ගානක් දෙයි. පොඩි එකාගෙ විස්තරේ විතරක් එක්ක ආධාරයක් දෙන්න කියලා විතරක් තිබ්බොත් නම් මම සලකා බලනවා
- විරිඳු, සින්දු කිය්න උන් ආධාර එක්තු කරනකොට ඒ ඒ සීට් වලින් මේ මේ ගාන දුන්නා කියලා හඩනඟා කියනවා. " මේ සිට් එකේ නෝනත් රුපියල් පනහ දුන්නා" වගේ. ඒ කියන්නෙ මෙයා පනහ දීපු හින්දා උබලත් ඒ වගේ දීපල්ලා කියන එකෙනෙ. උන්ටත් සතපහක් දෙන්නෙ නෑ. මිනිහෙක් ආධාර කරන්නෙ තමන්ට පුළුවන් ගාන. ඒක රුපියක් පහක් හෝ සීයක් වෙන්න පුළුවන්. ඒක මහලොකුවට හඬනඟලා කියන්න ඕන නෑනෙ.
- සමහර හිගන්නෙ දෙන්නෙක් එක බස් එකක සෙට් උනාම එලිපිටම වලිදා ගන්නවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
- සමහර උන් සල්ලි නොදෙන උන්ට(කෙල්ලොන්ට වගේ) හින්ට් එකට වගේ ලැජ්ජ හිතෙන ඒවා මේවා දැනෙනෙ නොදැනෙනෙ ගානට කියලා දානවා. උන්ටත් සතපහක් දෙන්නෑ.
හිඟන්නන්/ යාචකයක් ගැන කට්ටියගෙ අදහස් , අත්දැකීම් හෙමත් දාන්න.
Last edited: