බස් එකේදි නිරුවත් වුනා
බෙල් එක
බසයේ සැමන් ගබඩා කල ගානට සෙනග සිටියේ නැත.
හත් අට දෙනෙකු සිටගෙන සිටි අතර පිටිපස ඒලියන්ස්ලාවත් සිටියාද කියා බැලුවේද නැත.
හාමුදුරු සීට් එකට පිටිපස සීට් එක ලග සිටගෙන පොල්ලේ එල්ලී කල්පණා ලොව මල්වනේ කියා..මනෝපාරකට වැටුණේ තවත් විනාඩි 20ක් 30ක් යනතුරුවත් ඉදගැනීමට නොලැබෙන බව අත්දැකීමෙන් දන්නා නිසාය..
යාන්තං විනාඩි 10ක් ගතවන්නට ඇත
එක්වරම ලග සීට් එකේ සිටි අන්කල් අයියා තට්ටුවක් දමා isis ස්ටයිල් එකට ඇගිල්ල ඉහලට ඔසවා මා හට කිව්වේ "නුඹ ඒකාන්තයෙන්ම මාගෙ බෑනන්ඩිය විය යුතුය"
කියා නොව බෙල් එක ගහන ලෙසයි!
මාද පොඩි හිනාවකින් එය බාරගෙන ක්ෂණිකව තංගුස් පොට ඇද්දේ සාමාන්‍යයෙන් බස් එකක බෙල් එකක් ගසන්නෙ ඒ ආකාරයට නිසාය.
ම්හ්හු! කිසිදු සද්දයක් නැත..ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ කැන් පයි යන ශේෂ්ඨ කියමන සිහි කරමින් මා නැවතත් උපරිම වෙර වීරිය යොදා ඇද්දෙමි..තංගුස්පොට කැඩුනද බෙල් එක වැදුනේ නැත..
හෝව් හෝව් ඉස්සරහා බහිනවෝ..එවිටම කෑ ගසනු ඇසුනේ අර බෙල් එක ගසන රාජකාරිය මට බාරදුන් පුද්ගලයාය,ඔහුගේ කෑගැසීම අසා මට සිහි වූයේ LTTE යුධ සමයේ බසයක බෝම්බයක් තිබෙනුදුටු අයෙකුගේ හැසිරීමකි!
කෙසේ හෝ ඔහු බැසගත් පසු මා ඔහු සිටි සීට් එකේ වාඩි විය.
ඉහත සිදුවීම් පෙල සිදුවීමට තත්පර 5ක්වත් ගත නොවුනුබවනම් විස්වාසය.
කෙසේ හෝ බැසගිය අන්කල් සිටි සීට් එකේ මා වාඩි වූවා පමණි!
ඈ බොල ගොං බූරුවෝ..
හෑ මේ කවුද යකෝ මේ මට බණින ශුක්‍රාණුවා
තෝ ගමේ බස් එකේ බෙල් එක වැඩ නැතිවග දන්නෙ නැද්ද?
ඒ වෙනුවට තියෙන්නෙ ස්විච් එක ඔබාන හිටියාම ඩ්‍රයිවර් අයියා ලග බුද්ධ රූපෙට පහලින් තියෙන ලයිට් එක ටොයින් ගා පත්තු වෙන මෙව්වා එකක් බව දන්නෙ නැද්ද මෝඩ මූසලයො..
ඒ බැණ වැදී ඇත්තේ බසයේ සිටි අයෙකු නොව..
මගේම මොලයේ logical core එක බව මා හට වැටහී යාමට වැඩි වේලාවක් ගත වූයේ නැත..
ලොකුම ගැටලුව එය නොව,
ගමේ උන් පිටුපස සිට ටෙලිනාට්‍යක් මෙන් මේ සිද්ධිය රස විදින්නට ඇත
කියූ දේවල් හොදින් ධාරණය කොටගෙන වෙච්ච දේට එන්න සෙයියදු කියා logical core එකට පවසා හරිබරි ගැහී ඉදගත්තා පමණි!
එහා පැත්තේ සිටි සීයා හාල් මලු භූමිතෙල් කෑන් රැගෙන ෆීනික්ස් කුරුල්ලා මෙන් නැගී සිටියේ ඉස්සරහ බහිනවා කියා මා හට කියුවේ මා හට කෝචොක් ලුක් එකක් දමමිනි..එවිටම මාත් නැගිට ඔහුට බැසීමට ඉඩ දෙන ගමන් ඔහු කෙරෙහි කාරුණික සිතක් පහල වී..ඔහුට බැසීමට බෙල් එක ගැසිය යුතුබව මාත් මගේ මොලයේ logical core එකත් එක මතයකට පැමිණියේය..
දෙන්නං ජම්බු කියා මෙවර කිසිදු වැරදීමකින් තොරව..
දොබෙන් යන්ඩ කදුරු ගෙඩි වාන් ඇලට වැටෙන්ඩ අර ලයිට් එක පත්තු වෙන ස්විච් එක ඔබාගෙන සිටියේ ඇමති උන්නැහේ කෙනෙක් විදුලි ව්‍යාපෘතියක් විවුර්ථ කරන ලීලාවෙනි..
ඉස්සරහින් බසය නැවැත්වීය..
හුකා..අර යකා බහින පාටක් නැත..බසය නවත්වාගෙන සිටී!
මේ මොන නවනිංගිරාවක්ද යකෝ උනේ..
ඒ සීයා බඩුමලු ටිකද ඔසවාගෙන හිටගෙන සිටී..
හරී යාං! ඒ කොන්දොස්තර මල්ලීගෙ හඩය!
බසය තුලම නිරුවත් වූ සෙයියාවක් ඇති විය..
සීයා ටිකක් ඉස්සරහින් බෙල් එක ගසා..ආහ් සොරි බෙල් එක නෙවෙයි ලයිට් එක ගසා බැස ගියේය!