බස් එකේ උණු සිද්දියක්
මේක කියවපන් ( සත්‍ය සිදුවීමක් )....
ඉඳුවා is at කෑගල්ල - කුරුණෑගල
Bus එකේ ( ලක්මිණ travels NC - 9090 ) Handsfree කුට්ටම ගහගෙන ආව නිසා පිටත සද්ද බද්ද ඇහුනේ නෑ... ඒත් කොන්දොස්තර මාමා bus එකේ ඉන්න අම්මා කෙනෙක් එක්ක පොඩි වලියක් වගේ දැක්කා. වෙන්නේ මොකක් ද බලන්න පොඩ්ඩක් කන්දුන්නා ඒ පැත්තට. ඒ අම්මා කුරුණෑගල - පොතුහැර යන්න රුපියල් 20/= ක් දීලා. ඒත් ගාන 22/= යි කියලා කොන්දොස්තර මාමා මර ලතෝනි දෙනවා බස් එක මැද්දේ ඉතුරු රුපියල් 2/= ඉල්ලලා. අවසානේට ඒ අම්මා බෑග් එකේ හැම තැනම හොයලා ඒ රුපියල් 2/= නම් දුන්නා.
ඔට්ටු වෙලා ඔට්ටු වෙලා කොහොමහරි රුපියල් 2/= ගත්ත කොන්දොස්තර මාමා ඔහොම ඔහොම ආවේ ඉඳුවා ගාවට. ඉඳුවා යන්නේ කුරුණෑගල - ගොඩවෙල. ඒ සඳහා ගාස්තුව රුපියල් 34/= යි. ඉතින් ඉඳුවා කොන්දා මාමා ට රුපියල් 55/= ක් දුන්නා. ( 50/= කොලයක් සහ 5/= කාසියක් ) කොන්දා මාමා ඉඳුවා ට tiket එකයි රුපියල් 20/= කුයි දීලා අර අම්මා ට තවත් බැන බැන tiket කඩ කඩා යනවා.
අවුල කියන්නේ ඉඳුවාගෙත් කට ටිකක් හොඳ නෑ නේ... බස් එක මැද්දේ ඉඳුවාත් ඉඳුවා ගේ ඉතුරු රුපියල ඉල්ලලා කොන්දා මාමා එක්ක සූටි වලියක් දාගත්තා. සටනක් කරලා රුපියලක් ඉල්ලගෙන අඩුම ගානේ දිවට දැනෙන්න දෙයක් කන්න වත් බෑ මචං. නමුත් ඒක ඒ නූගත් කොන්දොස්තර මාමාට තේරුම් කරන්න තිබුන ප්‍රායෝගික ම ක්‍රමය ඒකයි මචං. නමුත් සල්ලි කාගෙත් සල්ලි මයි. අපිට ලැබුනත් අපෙන් ගත්තත් වටිනාකම එක මයි.
නමුත් අර වයසක අම්මාට ඒක කොන්දොස්තර මාමා ට කියාගන්න හයියක් තිබ්බේ නෑ. වීරයෙක් වගේ කෑගහපු කොන්දොස්තර මාමා ගේ සායම දියවෙන්න කතා කරන්න පුළුවන් එකෙක් bus එකේ හිටියත් නෑ. කොන්දොස්තර මාමා අර අම්මා ට සද්ද දැම්මේ ඒ ගෑණි අසරණයි කියලා දැන දැන. කොන්දොස්තර මාමා ට වචනයක් වත් කියන්නේ නෑ කියලා දැනුන නිසායි ඒ බැනිල්ල තව වැඩි වුනේ. ඒත් රුපියලට දෙකට ඔහොම පාච්චල් කරන්න හොඳනෑ මොනවා වුනත් ඒ ගෑණියෙක්, අම්මා කෙනෙක්.
ඉඳුවා කොන්දා මාමාට සද්දෙන් ම කීවේ එක දෙයයි. " අපෙන් සතේටම ගන්නවා නම් අපිටත් සතේට ම බේරපන් " අවසානේ ට රුපියලක් මාරු නෑ කියලා රුපියල් 2/= ක් ම දුන්නා. ඒ කතාව නම් එතනින් ඉවර වුනා. ඒත් ඇයි ඉඳුවා මේක public කළේ. හැමදාම කියනවා වගේ ඉඳුවාට ලකුණු එපා. උඹ කොන්දොස්තර කෙනෙක් කෝ මුදලාලි කෙනෙක් නම් මෙහෙම රුපියලට දෙකට තිරිසන්නු වගේ හැසිරෙන්න එපා මචං. උඹ ඒ ඉල්ලන රුපියල ම උඹ පොඩි කාලේ කෝච්චියට තියලා තලලා විනෝද වෙන්න ඇති. මතක තියාගනින් උඹ අද ඉල්ලලා කෑගැහුවෙත් ඒ රුපියලම තමා කියන එක.
නූගත් කොන්දෙක් වෙනුන්වෙන් කෑගහන්න වුන එක කණගාටුයි. නමුත්, මොකෙක් ට හරි බලු වැඩක් වෙනවා නම්, බය නැතුව කෙලින් කතාකරපන්. බලන් ඉන්න මිනිස්සු සමහර විට උඹට හිනාවෙයි. ඒකට කමක් නෑ ඒත් හිතට එකඟව වැඩ කරපන්. මේ උත්සාහය ඉඳුවා ට ලකුණු දමාගැනීම උදෙසා නම් නෙවෙයි මචං. මේක කියවන උඹ, අනාගතේ දවසක මේ වගේ අසාධාරණයක් වෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්න බය නැති එකෙක් වෙයන්. මොකද අපි අතපල්ලෙන් වැටුන එවුන් නෙවෙයි. දත් තිස් දෙකක් එක්ක දිවක් තියෙන උඹේ කටෙනුත් වැඩක් ගනින. හරි තැන හරි දේ වෙනුවෙන් හරි විදිහට. උඹත් මේ වගේ ඒ අසරණයින් වෙනුවෙන් පෙනී හිටපන්. ඉඳුවා ට ඕනි එච්චරයි මචං.
ඉඳුවා
ඉස්සුවේ බුකියෙන්.උබලත් එක්ක බෙදාගන්න හිතුනු හින්දයි දැම්මේ.මේ පේජ් එක.
https://web.facebook.com/ඉඳුවා-ගේ-අඩවිය-Forest-of-Induwa-1597792217149373/
මේ වගේ දෙයක් මටත් ගිය සතියේ දවසක උනා .මේක දැක්කම එකත් මතක් උනා .
මම 143 බස් එකේ ඔරුගොඩවත්තෙන් බහින්න හිතාගෙන එද්දී වල්ලම්පිටියෙන් කොල්ලෙක් නැග්ගා මොනවද කාඩ් මිටියකුත් අරගෙන.බස් එකේ වැඩිය සෙනග හිටියෙත් නෑ.සීට් ගානට වගේ තමයි හිටියේ.මූ ඉස්සරහින් නැගල වැඩිවෙලා ඉන්න සෙනග දිහා බල බල මාවත් පහුකරන් පස්සට ගියා.ඊලගට ආයෙත් පස්සේ ඉදන් ඉස්සරහට ආව.කාටවත් විකුනන්න try කලේ නෑ.මගේ එහාපැත්තේ සීට් එකේ වැඩිවෙලා හිටියේ ළමයෙක් උකුලේ තියන් හිටපු ගැණු ලමයෙකුයි,තව එයාගේ නංගි කියල හිතන්න පුළුවන් ගැණු ලමයෙකුයි.බැලුවම පෙනුනේ ටිකක් දුප්පත් අහිංසක වගේ අය.උබල වැරදියට හිතන්න එපා.මට හිතුනේ එහෙමයි.මූ හරියටම එතන නැවතිලා, ටිකක් පත්වෙලා හෙමින්. අර කාඩ් මිටිය දිග ඇරලා පෙන්න පෙන්න ටෝක් කරනවා මට පේනවා.මට සාමාන්යෙන් කෙනෙක් දැක්කම ඌ මොන වගේ ඩයල් එකක්ද කියල ගෙස් කරන්න පුළුවන්.ගොඩක් වෙලාවට ඒක හරි.මට එක සැරේටම හිතුනේ මූ නම් කුඩ්ඩෙක් කියලයි.මට මොකද, උගේ බිස්නස් එක නෙහ් කියල හිතල අහක බලාගෙන හිටියත්, මූ හෙමිහිට මොනවහරි ටෝක් කරන හින්දත්, 'කැම්පස්' කියන වචනේ අතරින් පතර ඇහුනු හින්දත් මම ටිකක් කන්දුන්නා මූ කියන දේට.මු නම් වැස්සකට වත් කැම්පස් නෙවෙයි ඉස්කෝලේ ගිහිපු පාටක් පෙන්න නැ.කකුල් වල නියපොතු වල තිබුණු කුණු වලින් පෙන්නේ මු හැමදාම බස් වල බඩගානවා , එහෙම නැත්නම් ගරාජ් එකක වැඩ කරනවා කියලයි.කැම්පස් එකෙක්,රබර් සෙරෙප්පු දෙක දාල, ෂෝට ගහන හිටියත් අදුන ගන්න පුළුවන්.මූ කාඩ් පෙන්නන ගමන් කියනවා අපි කැළණි කැම්පස් එකෙන් මොකද්ද අරමුදලකට කාර්ඩ් ගහල තියෙනවා, ගන්න කියල.අර කෙල්ලෝ දෙන්න ඇබරෙනවා ලජ්ජාවට වගේ. මූ දන්නවා දැන් ෂුවර් එකටම නවන්න පුළුවන් කියල. පොඩි ළමය කාර්ඩ් මිටිය තෝරනවා දැන්.අර ගැණු ළමය පර්ස් එක ගන්න ගමන් ඇහුව කීයද ඕක කියල.මූ කියපි 100 කියල.මමත් කොර උනා ඒක අහල.යකෝ මේ අර පොස්ට්කාඩ් සයිස් කාර්ඩ් එකකට 100ක් ? ඒ කෙල්ල අසරණ උනා ගොඩක්.අරූ දැන් තව ටෝක් කරනවා.මෙහෙමයි මේක හැමෝම ගන්නවා.අපේ කැම්පස් එකෙන් මේක හැම තැනම විකුනනවා, ඉගෙන ගන්න ළමයි ට අදාරයක් විදියට ගන්න.අරක මේක කතන්දර ගොඩයි.අර කෙල්ල කල්පනා කරනවා.මටත් දැන් ඉන්නම බෑ මේක දැකලා.මට බයයි දැන් අර කෙල්ල මෝඩ කමට ගනී කියල.මම කතාකළ අරුට.මචන්, උබ කැම්පස් ද බන්.මූ කියපි ඔව් කියල.මම ඇහුව මොකේද කියල.කැළණි කැම්පස් ලු.මම ක්ව්ව හරි, ගනින්කෝ කැම්පස් ID එක කියල.මූ කියපි එක ගෙනාවේ නෑ කියල.මම කිව්වා,උබ කැම්පස් එකේ නම විකුණලා මේ වගේ කාර්ඩ් විකුනනවා නම්, ඇයි උබට ID එක ගෙන්න බැරි කියල.ඌ අහනවා ඔයාට මොකටද එක කියල.මම එතකොට නම් ටිකක් සද්දෙටම කිව්වා, උබල මේ බොරු කියල, කැම්පස් එකේ නම විකුණලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න එපා,සල්ලි හම්බකරන්න වෙන විදියක් හොයාගනින් කියල.මට බයත් හිතුන මූ කෙලී ද මට කියල,නොන්ඩියටත් එක්ක කියල.එතකොටම, ඒ ලග හිටපු කීප දෙනකුත් සීන් එක දැකල මගේ සපෝට් එකට අවා.තමුසෙල මේ බොරු කරලා මිනිස්සුගේ සල්ලි කඩාගන්න එපා කියල.මූ බස් එක ස්ලෝ කරපු ගමන් පැනල දිව්වා කියපන්කො.මමත් බස් එකෙන් බැස්ස මගේ හෝල්ට් එක හින්ද. මූ ගියේ මචන්, අර ඔරුගොඩ වත්තේ හන්දියේ ත්‍රී වීල් පාර්ක් එක පස්සේ තියෙන මුඩුක්කු ගෙදරකට.
මචන්, උබලත් මේ වගේ අසාදාරණ දේවල් දැක්කොත් සද්ද නැතිව ඉන්න එපා.මම මචන් අසරණ කෙනෙකුට කියක් වත් දෙන්න චුට්ටක් වත් ලොබ එකෙක් නෙවෙයි.අසරණ මිනිස්සුන්ට,වැඩිහිටි නිවාස වලට ඕන තරම් මම උදව් කරලා තියෙනවා.එත් මේ වගේ හොරුන්ට සතයක් වත් දෙන්න නරකයි.දැන් මූ ඒ වැඩේ අයේ කරන්න කලින් හිතල බලනවා නෙහ් මේ වගේ දෙයක් උණු නිසා.අර කියපු ගෑණුළමයි දෙන්න වගේ කී දෙනෙක් මේ වගේ උන්ට වෙයිද නැත්නම්.