බස් රථයකට කළ වැඩේ!

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    බස් රථයකට කළ වැඩේ!

    දියුණුව බලන් ඉන්න බැරි පිරිසක් බස් රථයකට කළ වැඩේ!​
    :(:(

    සිය පියා බෝහො කැපකිරීම් කර ඉටුකර ගත් සිහිනයකට සමාජයේ කුරිරු මිනිසුන් පිරිසක් විසින් සිදුකළ නොහොබිනා ක්‍රියාවක් පිළිබදව තරුණයෙක් තැබූ සටහනක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සටහනක් පළව තිබුනා.

    එම සටහන පහතින්,

    "මේ කතාව මගේ තාත්තා ගැන. මගේ තාත්තා සරත්. බස් සරත්. සමහරුන්ට සරත් මාමා වෙනකොට ගොඩක් දෙනෙකුට සරත් අයියා. අපේ තාත්තා අද යාගොඩ හිටියට ගොඩක් මෙහෙ මිනිස්සු කියන විදියට අපි මේ ගමේ උං නෙමේ. අපි පිටගම්කාරයො. මගේ තාත්තා මිරිස්වත්තෙන් ඇතුලෙ අරලිය ගස් හන්දියේ. අවුරුදු 4 වෙනකොට අම්ම නැති වෙලා අවුරුදු 7 වෙනකොට තාත්තා නැති උන අනාතයෙක්. එදා නන්නත්තාර ජීවිතේ යනකොට තාත්තාගෙ නැන්දා තමා මෙහෙට ගෙනාවේ. එදා ඉඳන් තමා අපිට යාගොඩට එන්න උනේ. මගේ අම්මා මේ ගමේ.
    මේ ගමේ ගොඩක් අය අම්මට වඩා හිතවත් තාත්තා එක්ක. හැමදාම උදේම පාරට එන්නේ මගේ තාත්තා. උදේම මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ වලට ටවුමට ගෙනියන්න. ඒ පටං ගන්න දවස හැමෝම එක්ක හිනා වෙලා පොඩි උන්ට ගෙදර ගහේ හැදෙන පේර ගෙඩි ටිකත් ගෙනියන්නෙ කහට හිතේ නැති නිසා. අම්මෙක් තාත්තෙක් නැතුව ජීවිතේට මූන දීපු මගෙ තාත්තා බුලත් විකුණලා එදා වේල හොයාගන්න ගම්පහ පේමන්ට් වල නිදාගත්තෙ අවුරුදු 14 දි ලු.

    මගෙ තාත්තා උපාධි ගත්තු මිනිහෙක් නෙමේ. මගෙ තාත්තා ඉගෙනගෙන නෑ. ඒත් හැමදාමත් මට මං යනපාරෙ ඉස්සරහම හිටියා මහා එලියක් වෙලා. මං අද යම් තැනක ඉන්නවා නං ඒ සේරගෙම අයිතිකාරයා මගේ තාත්තා.
    පේමන්ට් එකේ නිදාගන්න ගෝනියක් අරගන්න හස්තගිරියේ පිටි කොට්ට ඇදපු තාත්තා හතුරෙක්ටවත් වෛර නොකර මුලු ජීවිත කාලෙම කොල්ලෝ තුන්දෙනෙක් උස් මහත් කලාට අමතරව හම්බ කලා නම් ඒ ගමක මිනිස්සුන්ගේ ආදරේ විතරයි. ඊට අමතරව අපේ මේ බස් එක. මේකෙන් තමා අපි එදා වේල හොයාගෙන කෑවේ. අපිට වතුර උගුරක් හරි ගෙනත් දුන්නේ.

    මේ පහල රූප වල බලන්න ඊයෙ උදේ බස් එකට කරල තිබුන දේ. මිනිස්සුන්ට සේවය කරපු ඒ මනුස්සයා ජීවිතේ අවසාන කාලයේ තමන්ගේ කියලා මවාපු හීනෙ තමයි මේ. මං මගෙ තාත්තගෙ ඇස්වල මුලින්ම කඳුළු දැක්කෙ ඊයෙ.

    කරපු මිනිස්සු මේ වෙනකොටත් විඳවනවා ඇති. ඒත් පේමන්ට් එකේ ඉඳන් ආපු මේ මනුස්සයට නැති වෙන්න දේවල් නැතියි කියලා දැනගන්න. මේ කරපු සියලු දේ යම් මතු දිනයක නැවතත් ඔබ වෙතම ලැබෙනා බව දැනගන්න. ගමක මිනිසුන්ගේ විලාපය මෙලොව යම් ධර්මයක් ඇතිනම් එය දරාගන්නා බව දැනගන්න. අවසානයට තාත්තා කියපු දෙයින්ම මේ කතාව අවසන් කරන්නම්.


    පුතේ, අවසානෙ ලං වෙනකොට මෙරුවොත් පියාඹගෙන යනවනේ. කරපු කෙනා දැන් බලං සතුටු වේවි. ඒකත් මට පිනක් බං"

    37111251_1758664840916432_3647084566163750912_n.jpg

    37190752_1758663647583218_4333023102834311168_n.jpg

    37160897_1758665147583068_6437057096436416512_n.jpg

    37196143_1758664530916463_4345183542523723776_n.jpg

    37226812_1758663597583223_5028495174116835328_n.jpg

    මේවා නම් මහා කැත වැඩ බන්​
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කතාව ඇත්තක් නම්...කැරිම වැඩක් ..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    වැඩේ කරපු එකා දන්නවනම් ‘‘සිතුවම් (අහවලාගෙන්)’’ කියලා බෝඩ් එකක් ගහගෙන වෙනද වගේම පාරෙ දුවන්න තියෙන්න.
     

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    oya andala tiyana symbol welin hoyaganna baida kauda ande kiyala...light welai glass welai andala naa...body eke witarai andala tiyenne..:confused::confused:e patte hardware welin hewwanam kauda toe spray gatte kiyala kerepu ekawa nikamma mattu wenawa..:yes::yes: