බස්_ගාස්තුව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පසුගියදා ඉදිරිපත් කෙරුණු අතුරු අයවැයත් සමග පාරිභෝගික භාණ්ඩ දහතුනක මිල ගණන් සංශෝධනය විය. ඒ මහජනතාවට බොහෝ වාසි අත්වන අයුරිනි. නමුත් ඊට පෙර සිටම සංශෝධනයට ලක්වූ බස් ගාස්තු පිළිබඳව ජනතාව තුළ ඇත්තේ යම් ආකාරයක මතභේදයකි. මන්ද යත් බස් ගාස්තු අඩුවීමෙන් ලද උපරිම වාසිය මහජනතාවට අත්වන්නේද යන්න පිළිබඳව බොහෝ දෙනකු තුළ පැහැදිලි අදහසක් නැති බැවිනි.
    බස් ගාස්තු සංශෝධනය වන්නට පෙර අවම ගාස්තුව වූයේ රුපියල් නවයකි. බස් මගියෙකු විසින් රුපියල් දහයක් දුන් අවස්ථාවක බස්කොන්දොස්තරවරුන්ගෙන් සියයට අනූවක්ම ඉතිරි රුපියල ලබාදෙන්නට කටයුතු නොකළ ආකාරයක් දකින්නට ලැබිණි. මේ ආකාරයටම බස් ගාස්තුව රුපියල් 17ක්, 28ක්, ආදී වන අවස්ථාවේදී ඉතිරි රුපියල් දෙක තුන පවා ලබා නොදුන් කොන්දොස්තරවරු පිළිබඳව පැමිණිලි ඕනෑතරම් ලැබි තිබිණ. ඒ ආකාරයට බැලූ විට බස් ගාස්තු සංශෝධනයේ නියම වාසිය බස් මගියාට හිමිවන්නේ ද යන්න පිළිබඳව සැක සහිත ය.
    නව බස් ගාස්තු සංශෝධනය නිසා රුපියල් නවයක්ව තිබූ අවම ගාස්තුව රුපියල් අට දක්වා අඩු වී තිබේ. ඒ අනුව රුපියල් දහයක් ලබා දෙන මගියා වෙත ඉතිරි රුපියල් දෙක ආපසු ලැබේ ද යන්න ගැන ස්ථීරත්වයක් නැත. මන්ද යත් බස් කොන්දොස්තරවරුන් පවසන අන්දමට මේ වනවිට ශ්‍රී ලංකාව තුළ රුපිය‍ලේ දෙකේ කාසි භාවිත කරන්නේ ඉතාම අඩු වශයෙනි. ශ්‍රී ලංකාව තුළ රුපියල් දෙකේ කාසි එතරම් ප්‍රමාණයක් නොමැති බවට තියරියක් ගොඩ නංවා ගනිමින් ඔව්හු රුපියල් අටේ ටිකට්ටුවෙන් රුපියල් දෙකක අතිරේක මුදලක් ‘මාටියා’ ගසති. විශේෂයෙන්ම මේ අසාධාරණය වනුයේ පෞද්ගලික බස් රථ වලිනි.
    මෙහි දක්වා ඇති නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් හැත්තෑ හතරක් වූ ගමන් ගාස්තුව රුපියල් හයකින් අඩුවී රුපියල් හැට අටක් බවට පත්වී තිබේ. මෙහිදී ද රුපියල් හැත්තෑවක් හෝ රුපියල් සියයේ කොළයක් කොන්දොස්තර වරයා වෙත දුන් මගියෙකුට ඉතිරි මුදල ලෙස ලැබිය යුතු කාසිය වන රුපියල් දෙක ලැබිම හෝ නොලැබිම ගැන ස්ථීර වශයෙන් කිව හැකි නොවේ. මේ සටහනට අනුව සංශෝධිත නව ගාස්තුවල මුල් ගාස්තු අවස්ථා විසි පහ තුළම රවුම් සංඛ්‍යා, ඇත්තේ දෙකකි. ඒ රුපියල් තිහ සහ හතළිහ වශයෙනි. රුපියල් පහෙන් අවසන් වන ගාස්තු ඇත්තේ ද දෙකකි. ඒ රුපියල් පහළොව සහ පනස් පහ වශයෙනි. ඒ අනුව මුල් ගමන් ගාස්තු අවස්ථා විසි පහෙන් ගමන් ගාස්තු අවස්ථා විසි එකකම රුපියල් දෙකේ සහ රුපිය‍ලේ මාරු කාසි මගින් ඉතුරු දීමට කොන්දොස්තරට සිදුවෙයි.
    ඒ අනුව මෙසේ ‘මාටියා ගැසීමෙන්’ කොන්දොස්තරවරුන්ට අවම වශයෙන් දිනකට රුපියල් දහසක් වත් අමතර මුදලක් එකතු වේ. මෙම අමතර ගාස්තුව ඔවුන් බස් රථ හිමියන්ට ලබා නොදෙන බව කවුරුත් දනිති.
    එසේ නම් එහි වාසිය සම්පූර්ණ වශයෙන්ම හිමිවන්නේ කොන්දොස්තරවරයාට ය. මේ අකාරයට මසකට සමස්තයක් වශයෙන් රට පුරා බස් කොන්දොස්තරවරුන් වෙත දිනකට ලැබෙන වාසිය රුපියල් මිලියන ගණනක් බවට සැක නැත. අප මේ කතා කරනුයේ වැඩි ගමන් ගාස්තු සහිත දුර සේවා ගමන් ගාස්තු මදකට අමතක කරමිනි. මේ නිසා බස් ගාස්තු සංශෝධනය කළ ද නොකළ ද බස් මගියාට ඉන් ලැබෙන වාසියට වඩා වැඩි වාසියක් බස් කොන්දොස්තරවරුන්ට ලැබේ. එබැවින්, මෙහිදී වැඩියෙන්ම සතුටට පත්වන පුද්ගලයා වන්නේ බස් කොන්දොස්තරවරයායි.
    රජය මගින් පෙබරවාරි 01 දා සිට බස් ගාස්තුව අඩු කළද’ද එහි වාසිය බස් මගියාට ලබා ගත හැකි ආකාරයක් පිළිබඳව මේ දක්වා විධිමත් යාන්ත්‍රණයක් හෝ නිසි ක්‍රියා පටිපාටියක් සකස් වී නැත. කළ යුතු එකම පිළියම වන්නේ මගීන් විසින් තම ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් වන පරිදි මාරු කාසි තමා ළඟ තබාගැනීම ය. එහෙත් තමන්ට ලැබිය යුතු ඉතිරි මුදල් නොලැබිම ගැන පැමිණිලි කළ හැකි ආයතනයක් තිබේ. ඒ ජාතික ප්‍රවාහන කොමිසමයි. එහි ඇති පැය විසි හතර පුරාම විවෘත දුරකථන අංක 011 2595555 ඔස්සේ ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.
    පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම බස් රථයේ අංකයත්, මාර්ග අංකයත් දැන සිටිය යුතුය. මෙම කොමිසම බලාත්මක වන්නේ අන්තර් පළාත් බස් සේවාවන් සඳහා පමණක් වුවද ඉන් පසු ඔබට සිදුවන අසාධාරණය ගැන ඔවුන් විසින් නිසි ක්‍රියා මාර්ග ඔවුන් ඔබට දැනුම් දෙනු ඇත.
    නමුදු දැනට ඉතිරි මුදල් ලබාදීමේ දී මගීන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අප්‍රමාදව ක්‍රියා කොට මෙම අගතිය පිටුදැකීම සඳහා විධිමත් සහ සවිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාවය දැන් දැඩිව දැනෙමින් තිබේ.

    Bus-faire.jpg



    http://www.lakbima.lk


    me mage 50 weni thread eka elakiriye damana :yes::D
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Mama ada ude galle idan kaduwela awa. Gana 375i. mama hariyatama 375k dunnama konda kiyanawa 380i lu gana.

    Passengers la 42 *5 * turn 3* 2 way * 30 days = Rs.37800.00 i


    Kohomada konda ge gahilla
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    100 ගහමු....එල එල ඔවුං ඉතුරු දෙන්නේ නෑ බං කොහොම අඩු උනත් දැන් 10 දීල බලහන්කො
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    100 ගහමු....එල එල ඔවුං ඉතුරු දෙන්නේ නෑ බං කොහොම අඩු උනත් දැන් 10 දීල බලහන්කො

    :D:D ow ban..hora yakku..dan un gaawa 2 kaasi naalu :sorry:

    Mama ada ude galle idan kaduwela awa. Gana 375i. mama hariyatama 375k dunnama konda kiyanawa 380i lu gana.

    Passengers la 42 *5 * turn 3* 2 way * 30 days = Rs.37800.00 i


    Kohomada konda ge gahilla

    :shocked::shocked::shocked: eka maaseka padiyak ne??? ammage gahllak gahanne...