ආණ්ඩුව වැඩ පෙන්නයි බස් ගාස්තු පහලට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව 2002 මස සිට බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ.

    එම බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වාර්ෂික බස් ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජුලි මස 01 දින ප්‍රකාශයට පත්කළ යුතු වේ.

    ඒ අනුව 2025 වර්ෂයේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගණනය කරන ලද අතර ඒ අනුව සියයට දෙකයි දශම පහකින් (2.5%) බස් ගාස්තු අඩු වන බව නිරීක්ෂණය විය.

    නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය වන බැවින් 2025.06.30 දින සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනය (ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රු.274/- සිට රු.289/- දක්වා රුපියල් පහලොවකින් ඉහල යාම) ගැලපීමෙන් පසුව බස් ගාස්තු අඩු වීමේ ප්‍රතිශතය සියයට බිංදුවයි දශම පහයි පහක් (0.55%) වේ.

    ඒ අනුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) බස් ගාස්තු අඩු කිරීමටත් නව බස් ගාස්තු 2025.07.04 දින 00.01 පැයේ සිට ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව 2025 07 04 දින 00.01 පැයේ සිට පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය කරනු ලබන බස් රථ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව / පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින් නිකුත් කළ වලංගු මගීසේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ වල දැනට ක්‍රියාත්මක බස් ගාස්තුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) අඩු වේ.

    (0.55%) (කුහක නොවි ලොකුවටම දැම්මා ජෙප්පනේ)​

    මෙම බස් ගාස්තු අඩු වීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා හා අධිවේගී මාර්ග වල ධාවනය වන සියළුම බස්රථ සේවා සදහා අදාළ වේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සත පනහකින් බස් ගාස්තු අඩු කිරීමේ ගෞරවය දෙන්න එපැයි අපි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,399
    113
    2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව 2002 මස සිට බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ.

    එම බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වාර්ෂික බස් ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජුලි මස 01 දින ප්‍රකාශයට පත්කළ යුතු වේ.

    ඒ අනුව 2025 වර්ෂයේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගණනය කරන ලද අතර ඒ අනුව සියයට දෙකයි දශම පහකින් (2.5%) බස් ගාස්තු අඩු වන බව නිරීක්ෂණය විය.

    නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය වන බැවින් 2025.06.30 දින සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනය (ලංකා සුදු ඩීසල් ලීටර් එකක මිල රු.274/- සිට රු.289/- දක්වා රුපියල් පහලොවකින් ඉහල යාම) ගැලපීමෙන් පසුව බස් ගාස්තු අඩු වීමේ ප්‍රතිශතය සියයට බිංදුවයි දශම පහයි පහක් (0.55%) වේ.

    ඒ අනුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) බස් ගාස්තු අඩු කිරීමටත් නව බස් ගාස්තු 2025.07.04 දින 00.01 පැයේ සිට ක්‍රියාත්මක කිරීමටත් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව 2025 07 04 දින 00.01 පැයේ සිට පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය කරනු ලබන බස් රථ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව / පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින් නිකුත් කළ වලංගු මගීසේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ වල දැනට ක්‍රියාත්මක බස් ගාස්තුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55%) අඩු වේ.

    (0.55%) (කුහක නොවි ලොකුවටම දැම්මා ජෙප්පනේ)​

    මෙම බස් ගාස්තු අඩු වීම සාමාන්‍ය සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා, සුඛෝපභෝගී සේවා, අධි සුඛෝපභෝගී සේවා හා අධිවේගී මාර්ග වල ධාවනය වන සියළුම බස්රථ සේවා සදහා අදාළ වේ.
    දූශන නැති නිසා අවුලක් නෑ මචන් 🥴 🥴