this is a part of a comic story called "buwalanthaya", published in silumina. just thought it to share it with the guys who haven't seen it. enjoy!
දිනෙක මම බුවා නගරයෙහි සැරිසරා ආපසු එන්නට ප‍්‍රධාන බස්පොළට පැමිණ බසයකට ගොඩවුණෙමි. එක පෙළට බස් දෙකක් නවත්තා තිබුණ අතර රතු පැහැ ගන්වා තිබුණ හෙයින් ඒවා පෞද්ගලික ඒවා නොවන බව දැනගතිමි.
මොහොතකින් කොංදොස්තර බුවා පැමිණ ටිකට් කැඩීම ඇරැඹීය.
”කොහාටද?”
”බුවලියගොඩ..”
”එහෙ යන්නෑ..” කී ඔහු අනෙක් මඟී බුවා දෙස හැරුණි. අර බුවා බඩුමලුත් ගෙන බසයෙන් බැස ගියේය.
”හතර කණුවට එකක්..”
”එහෙ යන්නෙ නෑ..” ඒ බුවා ද නොකැමැත්තෙන් මෙන් බැස ගියේය.
”මිස් කොහාටද?”
”බුවබත්ගොඩ..”
”බෝඩ් එක බලල නෙමේද නැග්ගෙ.. මේක එහෙ යන්නෙ නෑ..
ඊළඟ ටිකට්ස්..
”නමය කණුවට දෙකක්”
”අච්චර ලොකු අකුරු බෝඩ් එකක් දාලත් කියවන්න බැරිද.. මේක එහෙ යන්නෙ නෑ.. නගින්ඩ ඉස්සර බෝඩ් එක බලල ඉන්ඩ...
”එහෙනං .. මේක යන්නෙ කොහාටද?”
බුවා නෝනා ගේ පැනයෙන් මඳක් සසල වූ කොංදොස්තර බුවා බසයේ උඩ බිම බැලීය.
”මළකෙළියයි.. මං නැගලා තියෙන්නෙ වැරදි බස් එකට..”
ටිකට් මැසිමත් උස්සාගත් කොන්දොස්තර බුවා දඩිබිඩි ගා බසයෙන් බැස අනෙක් පස වූ බසය වෙත දිවගියේ බසයේ සිටි අනෙක් මගී බුවාලාගේ ප‍්‍රසාදය මැදිනි.

Too bad the author stopped writing it.