බහරේනයට විදේශ හමුදා ඇතුලූ වේ
බහරේනයට විදේශ හමුදා ඇතුලූ වේ
උද්ඝෝෂණ පැතිර යමින් පවතින බහරේනයට ගල්ෆ් අරාබි රටවල් කිහිපයකින් හමුදා පැමිණීමත් සමග පරීක්ෂාවෙන් කටයුතු කරන ලෙස ඇමරිකාව ඉල්ලීමක් කර තිබේ. බහරේන් ජනතාවගේ හඬට එරට පාලකයන් කන්දිය යුතු බව ධවල මන්දීර ප‍්‍රකාශකයෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත. කෙසේ නමුත් අරාබිකරයේ ප‍්‍රධානතම ඇමරිකානු හිතවතා වන සෞදි අරාබිය මෙලෙස වැඩිම හමුදා භට පිරිසක් එනම් හමුදා භටයන් දහසක් බහරේනයට යවා ඇත. එක්සත් අරාබි එමිර් රාජ්‍යය ද පොලිස් භටයන් 500 දෙනෙකු එහි යවා තිබෙන අතර සිය හමුදාවලට අමතරව හමුදා ප‍්‍රවාහන රථ 150 ක් ද සෞදි අරාබිය විසින් බහරේනයට යවා ඇති බව සඳහන්ය.