බහරේන රජ කුමරා ජැකලයින් හැරයයි
ශ්‍රී ලංකාවේ රූ රැජිණක් ලෙසින් මතුව පසුව බොලිවුඩය ජයගත් ජැකලයින් ෆර්නැන්ඩස් හා බහරේන රජ කුමරෙකු වන ෂෙයික් හසන් බින් රෂීඩ් අල් කලීෆා අතර වසර දෙකක් පමණ තිබී ඇති ආදර සම්බන්ධතාවය බිඳ වැටී තිබෙන බව වාර්තා වේ.
“ටයිම්ස් ඔෆ් ඉන්ඩියා“ මේ බව වාර්තා කරන අතර මෙම සම්බන්ධය මීට සති කිහිපයකට පෙර බිඳ වැටුණු බවත් ජැකීට එල්ලවන කටකතා හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යාම නිසා දෙදෙනා වෙන්වූ බවත් සඳහන්ය.
බහරේන රජකුමරා වෙනුවෙන් ජැකී මුලින් වැඩි කාලයක් කැප කළත් පසුව සිනමාව වෙනුවෙන් ඇය වැඩිපුර නැඹුරුවීම හේතුවෙන් මෙම සම්බන්ධතාවය දෙදරා ගියබව ඇතමුන් පවසන බවද මෙම මාධ්‍ය වාර්තාව කියයි.