බහුතරය අවශ්‍ය නෑ

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    බහුතරය අවශ්‍ය නෑ

    රටේ ව්‍යවස්ථාපිත නීතියට අනුව ජනපතිවරයාගේ මතය අනුව අගමැති ලෙස පත් කරන මන්ත්‍රීවරයාට අගමැතිධූරය ඉසිලීමට පාර්ලිමේන්තුවේ බහුතරය අවශ්‍ය නොමැති බව නීති විශාරදයන් පවසනවා. මේ පිළිබදව අදහස් දක්වන නීති විශාරද, අධි නීතිඥ ගාමිණි පෙරේරා මේ බව සඳහන් කරනවා.

    සිදුවීම සම්බන්ධව අදහස් දක්වන අධි නිතීඥවරයා පවසන්නේ

    " වර්තමානයේ පවතින ගැටළුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අගමැතිවරයාද යන්න ගැන ගැටළුව පැන නැගී තිබෙනවා. මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධි විධාන මොනවාද යන්න ගැන විවිධ මත පලවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බැලුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) කියන ව්‍යවස්ථාව වැදගත් වනවා.

    ඒ අනුව ක්‍රම දෙකකින් අග්‍රාමාත්‍ය ධුරය හිස්විය හැකි. ඉන් එකක් තමයි ඔහු විසින් ජනාධිපතිට ලිපියක් ලියලා ඉල්ලා අස්වෙන්න ඕනේ. එසේත් නැත්නම් ඔහුගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිධුරය නැති විය යුතුයි. මෙන්න මේ ක්‍රම දෙකින් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතිනවාද එසේ නම් ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය පවතිනවා. එයයි සරලව කියන්න පුළුවන් කාරණාව.

    පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය, මුළු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 ඉක්මවන්න බැහැ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) අ අනු-ව්‍යවස්ථාවෙන් කියවෙනවා. පසුගිය මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව ගත් පක්ෂය තවත් පක්ෂ සමග එක්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සම්බන්ධ වෙච්ච අනෙකුත් පක්ෂ සමග එක්ව ජාතික ආණ්ඩුවක් හැදුවා.

    ජාතික ආණ්ඩුවක් කියලා කියන්නේ ව්‍යවස්ථානුකුලව ඇති වන දෙයක්. මෙහිදී සාමාන්‍ය තත්ත්වය යටතේ 30 ක් වෙන්න ඕනේ ඇමති මණ්ඩලය ඊට වඩා වැඩි ගානකට ගෙන්න ජාතික ආණ්ඩුවක් යටතේ හැකියාව පවතිනවා.

    ව්‍යවස්ථානුකුලව එම ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සැදීමට සම්බන්ධ වෙච්ච එක්සත් ජනතා නිදහස් සන්ධානය එයින් ඉවත් වෙනවා. ඒ ඉවත් වීමෙන් පසු ජාතික ආණ්ඩුවක් පවතින්නේ නැහැ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 30 දක්වා පැමිණිය යුතුයි. එහිදී කලින් තිබ්බ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරෙනවා.

    මිට පෙර සදහන් කළ පරිදි 46 (2) කියන ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානවලට අනුව යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතිනවාද එසේ නම් ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය පවතිනවා කියන ව්‍යවස්ථාව බලාත්මක වෙනවා, මෙහිදී ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අහෝසි වීම නිසා අග්‍රාමාත්‍ය ධුරයද අහෝසි වෙනවා.

    එය සිදුවූ වහාම ඉන් පසුව 48 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. 48 (1) ව්‍යවස්ථාවෙන් කියවෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහ මැතිවරණය අවසාන වීමත් අතර කාලය අතරතුර හැර, ( පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුවී නොමැති නිසා ) ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් අග්‍රාමාත්‍යධුරයෙන් නතරවූ විට 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකිය බලය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය කියා සදහන්.

    පාර්ලිමේන්තුව විසුරුවා හැර නැති අවස්ථාවක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ ඉවත් කිරීමෙන් හෝ අන්‍යාකාරයෙන් අග්‍රාමාත්‍ය ධුරය දැරීම නතරවී ඇත්නම් (පාර්ලිමේන්තුව විසිරිලා නැත්නම්) අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය. ඒ අනුව 42,43,44 සහ 45 කියන ව්‍යවස්ථාවන්ට අනුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍ය මණ්ඩලය නොවන නිලධාරින් ඉවත් කිරීමේ බලය හිමිවෙනවා.

    ඒ අනුව මේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව අග්‍රාමාත්‍යවරයාට පවතින්න තිබෙන මාධ්‍ය හෙවත් අමාත්‍ය මණ්ඩලය විසිරිලා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නෙමෙයි මෙහිදී ජනාධිපතිවරයාට ස්වකිය බලතල අනුව නව අගමැතිවරයෙක් පත් කරන්න හැකියාව ලැබෙනවා.

    මෙතන වැදගත්ම දේ තමයි ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනක වත් සදහන් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගත් මන්ත්‍රිවරයා කියා හදුන්වන්නේ නැහැ) අගමැතිවරයා ලෙස පත් කරන්න පුළුවන්.

    ජනාධිපතිවරයාගේ උපරිමය විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා අගමැතිවරයා ලෙස පත් කරන්න හැකියාව තිබෙන්නේ ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය යටතේයි. මෙහි කොතනකවත් සදහන් වන්නේ නැහැ.. පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ සහය අවශ්‍ය නැහැ. එසේ උරගා බලන්න පාර්ලිමේන්තු ක්‍රමය තුල සදහන් වන්නේ නැහැ. යම් කෙනෙක් කියනවා නම් පාර්ලිමේන්තුව කැඳවලා ඒ අවස්ථාව උරගා බලන්න හැකියාවක් නැහැ.

    යම් හෙයකින් අගමැතිවරයා පත් කොට අමාත්‍ය මණ්ඩලය ඉවත් කිරීම සදහා විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් ද කියා විමසීම වැදගත්.

    විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව තිබෙනවා. විශ්වාස භංග යෝජනාවක් ගේන්න විශ්වාසය භංග වෙන ආකාරයේ සිදුවීමක් වෙලා තියෙන්නේ ඕනේ. අගමැතිවරයා පත් වුනා පමණයි. ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගේන්නේ කුමන පදනමක් යටතේද? පත්වෙන අගමැතිවරයා පාර්ලිමේන්තුවේ තමන්ට හිමි බලය පෙන්විය යුතුයි කියලා පෙන්වන්න නියමයක් නැහැ.

    ජනාධිපතිවරයා ස්වකිය මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා අගමැතිවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමේ හැකියාව තිබෙනවා." යනුවෙනි.

    මේ අනුව අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇත්තේ විශ්වාසභංග යෝජනාවකින් හෝ අයවැය පරාජය කිරීමෙන් පමණයි. එසේ නොමැතිව පාර්ලිමේන්තුව රැස්කර බහුතර බලය පෙන්වීමෙන් අගමැතිවරයා ඉවත් කළ නොහැකි බව අධි නීතිඥ ගාමිණී පෙරේරා සදහන් කරනවා.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඉස්පිරිතාලෙන් ටිකට් කැපුවම ලෙඩා දැනගන්න ඕන ගෙදර යන්න...
    එහෙම නැතුව තවදුරටත් බලෙන් රෝහල් ගතවෙලා හිටියොත් වෙන්නෙ සුව වීම වෙනුවට තව දුරටත් ලෙඩ වීම, ලෙඩ වැඩි වීම, වාතයක් වීම.
     
    • Like
    Reactions: EUMA175

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    44953651-101282727543035-6188202112871038976-n.jpg


    45068324-101282294209745-3553356581489868800-n.jpg


    45081599-101282447543063-1361170540210946048-n.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    If so why did MR objected late Laxman kadiragarmer being appointed as PM from UPFA ? (are we a nation who forgets easily)
     

    gihan18

    Junior member
  • Apr 16, 2015
    76
    7
    8
    "මෙතන වැදගත්ම දේ තමයි ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනක වත් සදහන් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගත් මන්ත්‍රිවරයා කියා හදුන්වන්නේ නැහැ) අගමැතිවරයා ලෙස පත් කරන්න පුළුවන්."

    Methana thiyenne logic ekak. " බහුතර බලයක් ලබා ගත් මන්ත්‍රිවරයා කියා හදුන්වන්නේ නැහැ " Meka sinhalen mema liyala na. Namuth "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා" wiya uthui kiyala thiyenawa. Meke thiyana wedagath de thamai menna me උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා kiyana eka mesure karanne komada. Mesure karanna one janadipathi unata eka mesure karanne komada kiyana thenadi eka karanna puluwan krama 2k thiyanawa.

    1. Jnadipathita puluwan me මන්ත්‍රීවරයාට උපරිම විශ්වාසය තිබෙනwa kiyala janadipathitama hithala danna. Namuth methanadi 46 (4) වගන්තියට අනුව "පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රිවරයා" kiyana kotasa nosalaka harima sidu wenawa.

    2. Ema naththam ganithanukulawa saha winiwidabawayak sahitha sadarana kramayak bawitha karanna. E kiyanne manthri kandayamen wena wenama wimasimak karanna puluwan. E awasthawedi thamai bahutharaya kiyana kathawa enne. E kiyanne 113.

    Namuth Janadipathi ganne 1da 2da kiyala ohuge thiranayk. E wagema janadipathi mema thiranaya ganimedi pudgalika karana ho pakshagrahi nowiya uthui yanna mage mathayai. We'll see
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Ehema kiyanna epa ban. Buwa loku kepakirimak karanne thawakaalika agamathi beraganna

    තාම හෝප්ස් තියාගෙන ඉන්නෙ නේද රනිල් ආයි අගමැති වෙලා සිංග වගේ කරයි කියල :love::love:
    පොඩ්ඩක් අයිනෙන් හිටපන් තෙරේඩ් එකේ මැදට පැන්නම

    ගූ ඇන්ඩ් පී ගදක් එනව
    images
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    “Appointment and removal of PM is exclusively within the domain of the President”
    Constitutional lawyer Chrishmal Warnasuriya pointed out that when the UPFA moved out of the National Government on Friday, the National Government consisting of the Prime Minister and the Cabinet formed under Article 46 (4) no longer existed. “When communication has been made that they are no longer part of the National Government, then the present cabinet stands dissolved,” he said.

    When pointed out that there are no constitutional provisions stating that the Cabinet dissolves under such a circumstance, he questioned as to whether there were provisions in the Constitution stating the contrary- that the Cabinet was not dissolved. “A Government comprises an Executive President who commands Executive Power together with the Cabinet of ministers of which the Prime Minister is a member. Article 46 (2) states that the “Prime Minister shall continue to hold office throughout the period during which the Cabinet of Ministers continues to function.” So when the cabinet goes out the Prime Minister goes out,” he said.

    “Then under Article 42 (4) the President shall appoint as Prime Minister the Member of Parliament who, in the President’s opinion, is most likely to command the confidence of Parliament. He further explained that “confidence of Parliament” is subjective. “If the President thinks that the man with the loudest voice can command the Parliament, that’s his opinion. The Constitution doesn’t say anywhere how that confidence is measured,” he said.

    “According to my interpretation the appointment and removal of the Prime Minister is exclusively within the domain of the President. There is nothing in the constitution which says that its dependent on numbers of heads of Parliament,” he added.