බහු වරණ පිළිතුරු සපයන විට

Dec 12, 2008
263
17
0
බහු වරණ පිළිතුරු සපයන විට

1. ප්‍රශ්නයක් කියවන විටම ඔබට ඒ ප්‍රශ්නයට අදාල පිළිතුර සිතට නැගෙන්න පුළුවන්. ඒත් පිළිතුරු අතරින් තිබෙන පළවෙනි පිළිතුර තෝරන්නේ නැතිව සියළුම පිළිතුරු කියවා වඩාත් නිවරදි පිළිතුර සොයා ගන්න. ලැබෙන මුල්ම නිවරදි පිළිතුර වෙනුවට වඩාත් නිවරදි පිළිතුර කරා යන්න.


2. ප්‍රශ්නය ඉතාම පරිස්සමින් කියවා තේරුම් ගන්න. ඔබෙන් අපේක්ෂා කරන දෙය වටහා ගන්න. බොහෝ පිළිතුරු ප්‍රකාෂයන් අඩක් නිවරදි වෙන්න පුළුවන්. එහෙත් ඔබ තෝරා ගත යුත්තේ මුළුමනින්ම නිවරදි පිළිතුරයි.


3. පැහැදිලිවම පෙනෙන වැරදි ප්‍රකාශ ඉවත් කරන්න. එවිට ඔබේ තෝරා ගැනීම් සීමිත වේ. 50:50 ලැබුනා වගේ ලේසි වේවි.


4. ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න. එක වචනයක් දෙකක් මගින් මුළුමනින්ම වෙනස් අදහසක් ඇතිවෙන්න පුළුවන්


5. හොඳින්ම දන්නේ නැති ප්‍රශ්න වලට ටක් ටික් ටුක් කරන්න කලින් හොඳටම පේන වැරදි පිළිතුරු අයින් කර නිවරදි පිළිතුර තෝරා ගැනීමේ සම්භාවිතාව වැඩි කරගන්න.


6. ඇතැම් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආචාර්ය වරුන් එකම අකුර පිළිතුර ලෙසින් බොහෝ වාර ගනනක් එන ලෙසින් ප්‍රශ්න පත්‍ර සකස් කරනවා. අපේක්ෂකයන් තමන් ගේ පිළිතුරු පිළිබඳව සැක සිතන්න පටන් ගන්නේ එකම අකුර එක දිගට වැඩිම වාර ගනනක් එන විට. ඔවුන් කලින් ලියූ පිළිතුරු පවා නැවත විමසනවා. එවැනි අවස්තා වන් වලදි සමහර අපේක්ෂකයන් එලෙස වෙන්න තියෙන ඉඩ කඩ ගැන නොසිතා තමන්ගේ පිළිතුර වෙනස් කරනවා. මෙය උගුලක්.
මෙය ටක් ටික් ටුක් ක්‍රමයයට එන පිළිතුරු වලක් වන්නත් කරන දෙයක්. ඔබේ පිළිතුර ගැන පමණක් අවදානය කරන්න. පසුගිය ප්‍රශ්න පත්‍ර වල පිළිතුරු බලන විට මේ බව ඔබටම තහවුරු වේවි.

කර්තෘ Sanath Gamaghe

 
  • Like
Reactions: Thuzanga and Cee7

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එල
    11.gif


    සනත් ගමගේ සර්ගේ සිසුවෙක් තමා මමත් :D

    ++
     
    Last edited: