බ්ලූටූත් හෑන්ඩ් ෆ්රී පාවිච්චි කරන රියදු
බ්ලූටූත් හෑන්ඩ් ෆ්රී පාවිච්චි කරන රියදුරන් උසාවියට - පොලිසියෙන් අනතුරු හැඟවීමක්
දුරකථනයක් භාවිත කරමින් රිය පැදවීම වරදක් ලෙසයි සැලකෙන්නේ.
එම වරදෙන් ගැලවීම සඳහා බ්ලූටූත් උපකරණ සහ හෑන්ඩ් ෆ්රී උපකරණ භාවිත කරමින් රියපැදවීම බහුලව දක්නට ලැබෙන කරුණක්.
එහෙත් දුරකථනයට හෝ වෙනත් උපකරණයකට සම්බන්ධ කර තිබෙන බ්ලූටූත් උපකරණ හෝ හෑන්ඩ් ෆ්රී උපකරණ භාවිත කරමින් රිය පදවන්නන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට තීරණය කර තිබෙනවා.
රථවාහන නීතිය අනුව එයද වරදක් බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ සඳහා දඩ කොළයක් ලබා දිය නොහැකි නිසා අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිමය තත්ත්වය බවයි පොලිසිය සඳහන් කරන්නේ .