බ්ලේක් ආණ්ඩුවට සත්තම දාලා
ජනරාල් සම්බන්ධයෙන් රටේ පවතින නීතියට අනුව කටයුතු කරන්න - බ්ලේක් කියයි
දේශීය 2010 පෙබරවාරි 23 වෙනි අඟහරුවාදා, 12:59
ජනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් වත්මන් රජය කටයුතුකරන ආකාරය පිළිබඳව තමන් කිසිසේත් සතුටට පත් නොවන බවත්, ඔහු සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතියට අනුව කටයුතු කරල ලෙසත්, ඒ අනුව රටේ පවතින නීතියට අනුව කඩිනමින් ජනරාල්වරයාට එරෙහිව චෝදනා ගොනු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි. එහි සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ. බ්ලේක් මහතා බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පවසා ඇත.
මේ දක්වා ජනරාල්වරයා පිලිබඳව ශී‍්‍ර ලංකා රජය කටයුතු කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් වොෂින්ටන් පාලනය සෑහීමකට පත් නොවන බවත්, ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කොට, ප්‍රමාදයකින් තොරව ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසට රජයට දැනුම් දුන් බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත. ජනරාල්වරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බ්ලේක් මහතා, තමන් ඒ සම්බන්ධයෙන් නොදන්නා බව පවසා ඇත.