බ්‍රයන් අයියා continue

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    බ්‍රයන් අයියා continue

    c8e107f978e40ec0a53f16b28f5d_grande.jpg


    අපේ බ්‍රයන් අයියා හරි හෙල්ත් කොන්ෂස් . ඉතින් පොර ෆුල් ට්‍රයි ඔය පපුව හරියේ අර බැට්‍රි කෑලි තුන හතරක් හදා ගන්න. ඉතින් පොර ජිම් එකකට එහෙම බැඳිලා ෆුල් එක්සයිස් පාරක් දාන්න සෙට් උනාලු. ඉතින් ඕකෙ ජිම් ඉන්ස්ට්‍රක්ටර් කාරයත් පොරට හොඳ ෂැඩූල් එකකුත් හදලා දුන්නලු. කාලෙකට පස්සෙත් බ්‍රයන් අයියා කිසි වෙනසක් නැහැ, හිටියා වගේමලු. ජිම් එකේ තියෙන මැෂිනුත් හැමදාම රෙපෙයාර් කරන්න වෙනවලු. ඔන්න ඉතින් ජිම් ඉන්ස්ට්‍රක්ටර් ඇහුවලු අපේ බ්‍රයන් අයියාගෙන්,

    "මිස්ටර් බ්‍රයන්, ඔයාගේ ඊටින් හැබිට්ස් එහෙම කොහොමද ? " කියලා.

    ඉතින් බ්‍රයන් අයියා කියනවලු,

    "මම හොඳට බ්‍රෙක්ෆස්ට් ගන්නවා, දවල්ට ඉතින් ඔය බුරියානි එකක් හරි, ඉන්දියන් තාලි එකක් වගේ කනවා, ඊට පස්සෙ ඩිනර් එකත් වරද්දන්නෙ නැහැ . . . තව ගොඩක් වෙලාවට වැඩ ඇරිලා ගෙදර යන ගමන් පොඩි ස්නැක් එකකුත් ගන්නවා . . ." කියලා.

    "මොන වගේ ස්නැක් එකක්ද ගෙදර යන ගමන් ගන්නෙ .. ?" ජිම් ඉන්ස්ට්‍රක්ටරුත් දැන් අහනවලු.

    "ආහ් ස්නැක් එකද ? හැමදාම වගේ ඉතින් ඔය මැක් ඩොනල්ඩ්ස් එකෙන් බිග් මැක් දෙකක් විතර තමයි කන්නෙ, ඩිනර් වලට කලින්. . . ."




    ඊට පස්සෙ අපිට ආරංචිය නම් ආවේ අපේ බ්‍රයන් අයියාව ජිම් එකෙන් අස් කරලා දාලා කියලයි.


    ඔන්න ඉතින් ඔය සිද්ධියෙන් පස්සෙ පපුවට බැට්‍රි කෑලි ටිකක් දාගන්න තිබුනු චාන්ස් එකත් නැතිවෙච්ච නිසා බ්‍රයන් අයියා හොඳට හිතට අරගෙන ෆුල් ඩයටින් ප්‍රෝග්‍රෑම් එකකට සෙට් උනා. හැම සිකුරාදම අපේ බ්‍රයන් අයියා සහ මිතුරු කැළ ක්‍රිකට් ගහනවා. ඔන්න එදාත් බ්‍රයන් අයියත් මැච් එකට ආවලු කෙසෙල් ගෙඩි දෙකකුත් අරගෙන.

    හැමෝටම පෙන්න පෙන්න පොර කියනවා,

    "මල්ලි, අයි හැඩ් ඔන්ලි සීරියල්ස් ෆො මයි බ්‍රෙක්ෆස්ට් ටුඩේ . . ඇන්ඩ් දීස් ටූ බනානාස් ආර් ෆො මයි ලන්ච්...."
    (malli, I had only cereals for my breakfast today. . . And these two bananas are for my lunch . )

    සාමාන්‍යයෙන් සිකුරාදට ක්‍රිකට් ගහලා රෑට කට්ටිය කාගෙ හරි ගෙදරක ඉතින් සෙට් වෙනවා මොකද ගොඩක් අයට සෙනසුරාදත් නිවාඩු නිසා. ඉතින් එදත් කට්ටිය මැච් එකෙන් පස්සෙ එහෙම සෙට් වෙලා. බ්‍රයන් අයියත් එදා සෙට් වෙන්න ඇවිල්ලා. ඔන්න ඉතින් කට්ටිය බයිට් එකකුත් හදලා තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා, එක කට්ටියක් වොෂ් එකක් දාගෙන එන්නම් කියලා ගිහිල්ලා, තව කට්ටියක් අඩුම කුඩුම ගේන්න කියලා ග්‍රොසරියකට ගිහිල්ලා. ඔන්න ඊට පස්සෙ කට්ටිය සෙට් වෙන්න යන කොට එකෙක් මල පන්නගෙන කෑගනවා...

    "කවුද බං මේ බයිට් එකට හදපු ඌරු මස් කිලෝ දෙක කෑවෙ ?"

    මම ගල් කලේ මෙතනින්


    කියවල ඉවරනන් comment එකක් දාලම යන්නකො.
    හොද නම් Rep දීල යන්න අමතක කරන්න එපා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Lokka Ayya

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    බ්ලොග් වලින්ම උස්සලා ත්‍රෙඩ් දාන්නේ නැතුව තමන්ගේම එකක් දැම්මොත් නරකද

    blog kiyawanne nethi ayata kiywanna thamai elakiri eke demme :)
    source eka daala tiyenne kemthi ayata gihin kiywanna