බ්‍රවුන් ෂුගර්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බ්‍රවුන් ෂුගර්

    දකුණු ආසියාවේ ලොකුම කුඩු තොගය රේගු දැලේ

    වටිනාකම කෝටි 100 පනී
    පාකිස්‌තානුවකු ඇතු`ථ 4 දෙනෙක්‌ අත්අඩංගුවට

    ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය, සමන් ගමගේ
    kud200.jpg

    දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම මත්කුඩු තොගය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් පරීක්‍ෂා කළ අයුරු.
    ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

    දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනූ ලැබූ විශාලතම මත් කුඩු තොගය වන රුපියල් කෝටි 100කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 100ක්‌ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (30 වැනිදා) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    ant333.jpg

    මත්කුඩු තොගය ගෙනා කන්ටේනරය පකිස්‌තාන පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් මෙහි මත්ද්‍රව්‍ය නොමැති බවට සඳහන් කරමින් ග්‍රීස්‌ ටින් සහිත පෙට්‌ටිවල අලවා තිබූ ස්‌ටිකරය. ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

    අධික මිලෙන් යුත් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය ගෙන්වීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පකිස්‌තානු ජාතිකයකු ද ඒ අතර වන බව රේගුව පවසයි.

    පකිස්‌තානයේ කරච්චි නුවර සිට ගෙන්වා තිබූ ග්‍රීස්‌ ටින් සහිත අඩි හතළිහක කන්ටේනරයක ඉතා සූක්‍ෂම ලෙස ග්‍රීස්‌ ටින්වල අසුරා මෙම හෙරොයින් තොගය මෙරටට ගෙනවිත් තිබූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතා පැවසීය.

    cunta.jpg
    මෙම කන්ටේනරය තුළ ග්‍රෑම් 250 ග්‍රීස්‌ ටින් 17500 ක්‌ පමණ තිබූ අතර ඉන් ග්‍රීස්‌ ටින් 5000කට ආසන්න ප්‍රමාණයක තිබී මෙම හෙරොයින් තොගය හමුවී තිබේ.

    ශ්‍රී ලංකා රේගුව නොමග යෑවීමේ අරමුණින් පකිස්‌තාන පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අලවන ලද බවට හැඟවෙන ලෙස මෙහි මත්ද්‍රව්‍ය නොමැති බවට සඳහන් කළ ස්‌ටිකර් මෙම ගී්‍රස්‌ ටින් සහිත පෙට්‌ටිවල අලවා තිබිණි.

    මෙම කන්ටේනරය පිළිබඳව සැක සිතූ රේගුව පසුගිය ජූලි මස 03 වැනිදා සිට වැඩිදුර පරීක්‍ෂණ සඳහා එය රඳවා ගත්තේය.

    මෙම කන්ටේරනයේ මත්ද්‍රව්‍ය අඩංගු බවට පොලිස්‌ බස්‌නාහිර බුද්ධි කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පී. ආර්. පී. සේනානායක මහතාට මාස තුනකට ඉහතදී තොරතුරු ලැබී ඇති අතර ඔහු විසින් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා මහතාට මේ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඉතා රහසිගත ලෙස මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු කර තිබේ.

    රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. වීඡේවීර මහතාගේ උපදෙස්‌ පරිදි රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන සිරිපාල එදිරිමාන්න, ඡේ. පී. චන්ද්‍රරත්න, රේගු අධිකාරීවරුන් වන පරාක්‍රම බස්‌නායක ජී. බී. ඥානරාඡ්, වසන්ත රන්දෙණිය, පී. කේ. ටික්‌සන්, ඡේ. ඒ. එස්‌. ජයකොඩි, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන විපුල ප්‍රනාන්දු, මැක්‌සි ප්‍රනාන්දු, නිශාන්ත ආරියපාල යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.