බ්‍රහස්පතින්දා එලිදකින Samsung Galaxy S4

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බ්‍රහස්පතින්දා එලිදකින Samsung Galaxy S4

    සැම්සුන්ග් ගැලැක්සි S4, සැම්සුන්ග් සමාගමේ නවතම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනය ලබන බ්‍රහස්පතින්දා එනම් 14/03/2013 දින අමෙරිකාවේදී හා යුරෝපයේදී එලි දැක්වීමට නියමිතය. විචාරකයින් පවසන අන්දමට ඇපල් අයිෆෝන් 5 ස්මාර්ට්ෆෝනයට ඉතා හොඳ තරඟයක් දිය හැකි මෙය දැවැන්ත අභියෝගයක් බව ඇපල් සමාගම පවා වටහාගෙන සිටින බව ඇපල් සමාගම අඇපල් අයිෆෝනයේ නවතම උපාංග හා ඇප්ස් විස්තර කෙරෙන දැන්වීම් මාලාවක් මේ සතියේදී මෙරිකාව පුරා රූපවාහිනී චැනලවල ප්‍රචාරය කිරීමෙන් පෙනේ.

    සැම්සුන්ග් සමාගම ගැලැක්සි S4 ස්මාර්ෆෝන මිලියන 10ක් පලමු දින 30 ඇතුලති විකිණෙනු ඇතැයි විශ්වාසය පලකරයි. ගැළැක්සි S4 ෆෝනය S3 ෆෝනයට වඩා ප්‍රමණයෙන් මදක් විශාල වන අතර විශාල මෙන්ම ඉතා තීව්‍ර තිරයකින්ද යුක්තය.

    samsung+galaxy+s4-lansering+i+mars.jpg


    ගැළැක්සි S4 ෆෝනයේ තාක්ශණික දත්ත (දැනට හෙලිවී ඇති අන්දමට)

    Screen : 5-inch Super AMOLED 1080p HD screen

    Resolution: 1,080 x 1,920 with 440 pixels per inch (PPI)

    OS : Android 4.2. Code-named Jelly Bean

    jb-new-logo.png

    Processor : Exynos 5 Octa eight-core processor running at 1.8 GHz

    Camera (Primary & Front facing) : 13-megapixel camera + 2.2. megapixel front-facing camera.

    Network : 4G LTE + 802.11 ac superfast WiFi

    Eyetracking Technology : ෆෝනයේ ඉදිරිපස කැමරාව භාවිතාකරන්නාගේ දෑස් අධ්‍යයනය කරන අතර වෙබ් පිටුවක් හෝ වෙනත් යමක් කියවනවිට තිරයේ දැක්වෙන කොටස කියවා අවසන් බව වටහාගෙන ස්වයංක්‍රීයව ඊලඟ පිටුව පෙරලීමේ හැකියාව ඇතැයි පැවසේ. එමෙන්ම වීඩියෝ දර්ශණ පෙන්වීමේදී නරඹන්නාගේ දෑස් තිරයෙන් ඉවත්වූ විට ෆෝනය වීඩියෝව තාවකාලිකව නවතයි. නැවතත් දෑස් තිරයට යොමුවූවිට වීඩියෝව ධාවනය වේ.

    Wireless charging