බ්‍රහ්මජාල සූත්‍රය

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
බ්‍රහ්මජාල සූත්‍රය

මේ සූත්‍රයෙන් ලෝකෙ තියන ඔක්කොම දෘශ්ඨි විස්තර කරනව. දෘෂ්ඨි 62ක් තියනව.. ඒව හැදෙන හැටිත් එක්කම පැහැදිලි කරල තියනවා..

ධර්ම දානය පිනිස...

මේ සූත්‍රය ඉතාම දිගයි මම ටිකයි දැම්මෙ. මේකට character 20000 එහාට දාන්න බෑනෙ.

ඕනෙ කෙනෙක් ඉන්නවනම් මේ link එකට ගිහින් මේක කියන්වන්න..

https://pitaka.lk/

දීඝ නිකාය
සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාල සූත්‍රය

දීඝ නිකාය
සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාල සූත්‍රය
පරිබ්බාජකකථා
චූල ශීලය
මධ්‍යම ශීලය
මහා ශීලය
පුබ්බන්තකප්පිකා
සස්සතවාදො
30
“සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලොකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් උදෙසා ආත්මයත් ලෝකයත් සදාකාලික යයි සතර කරුණකින් ප්‍රකාශ කරත්ද?
31
“මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ (කෙලෙස් හීනකිරීමට) වීර්යයෙන් වීර්යය නිතර යෙදීමෙන්, වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහි කරත්ද? එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක් ද, ජාති පනහක්ද, ජාති සියයක්ද, ජාති දාහක්ද, ජාති සියදහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක් මෙබඳු ආහාරයක්, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්. මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි.’ මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් (පුරුදු කිරීම) සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරති.
‘ඒ (දෘෂ්ටි හීතතෙම)පෙර උත්පත්ති දකින්නා මෙසේ කියයි. ‘ආත්මයද ලොකයද සදාකාලිකය. කිසිත් නූපදවයි, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත්වෙති, එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිති. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීනකරන වීර්යයෙන් වීර්ය නිතර යෙදීමෙන්, වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන්, යම් පරිද්දකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහි කෙළෙම්ද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලැබුවෙමි. එනම්, එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දාහක්ද, ජාති සියදහසක්ද, නොයෙක් සියගණන් ජාතිද, නොයෙක් දහස්ගණන් ජාතිද, නොයෙක් සියදහස් ගණන් ජාතිද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි, ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් (පුරුදු කිරීම්) සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරමි ආත්මයද ලොකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති එයින් මිදී යති. උපදිත්. සදාකාලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්මය ඇති බව ඒ කාරණයෙන් මම දනිමි’යි කියායි.
“මහණෙනි, මේ ඒ ප්‍රථම කාරණයයි, යම් කරුණක් නිසා යමක් හේතුකොටගෙන සමහර මහණ බමුණෝ සදාකාලික බව ගැන ඇදහීම් ඇතුව ආත්මය හා ලොකය සදාකාලිකයයි ප්‍රකාශ කරයි.
32
“දෙවෙනි කාරණයෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් හේතුකොටගෙණ සදාකාලික බව ගැන ඇදහීම් ඇතුව ආත්මය හා ලොකය සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්ය කොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, පමානොවී, යහපත් මෙනෙහි කිරීම කොට, යම්පරිද්දෙකින් සිත එකඟවූ කල, නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහිකෙරේද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලබයි. එනම්:- ‘සංවට්ට* විවට්ට+’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුවදුක් මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඉන් චුතවී අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවීමෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහිකරයි.
* සංවට්ට- අන්තඃකල්ප විස්සක් පමණවූ විනාශවේගන යන කාලය.
+ විවට්ට- අන්තඃකල්ප විස්සක් පමණවූ වැඩීගන යන කාලය.
“ඔහු මෙසේ කියයි;- ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාරපර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කුමක්ද? මම කෙලෙස් හීන කරන වීර්යයෙන් වීර්යය නිතර යෙදීමෙන්, වීර්ය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහිකෙළෙමි. එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද ‘සංවට්ටවිවට්ට’ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැප දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම්කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහිකෙරෙමි. ආත්මයද ලොකයද නිත්‍යය. එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත් මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේ යයි මේ කරුණින්ද නිත්‍යභාවය දනිමි’යි කියායි.
“මහණෙනි, යම්කරුණක් උදෙසා ඇතැම් මහණබමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලොකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද, මේ ඒ දෙවැනි කාරණයයි.
33
“තුන් වැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද?
“මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්යකොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, නොපමාවී, යහපත් මෙනෙහි කිරීම් කොට යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කෙරේද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලබයි. එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප විස්සක්ද, සංවට්ට විවට්ට’ නම් කල්ප තිහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නමක්, මෙබඳු ගොත්‍රයක් මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැපදුක්, මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම ඉන් චුතව ගොස් අසවල් තැන උපන්නෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු සැප දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි’යි කියායි.
“මෙයාකාර තේරුම්කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන්තැන් සිහිකරයි. ඔහු මෙසේ කියයි:- ආත්මයද ලොකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, හැසිරෙති. චුතවෙත්, උපදිත්; සදාකාලික වස්තු මෙන් පවතිත්. ඊට කරුණු කුමක්ද මම කෙලෙස් හීන කරන වීර්යයෙන්, වීර්යය නිතර යෙදීමෙන් වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන් මෙබඳු චිත්තසමාධියක් ලදිමි. කෙබඳුවූද යත්:- යම්සේ සිත එකඟවූ කල නොයෙක් ආකාර පෙර (ජාතිවල) සිටිතැන් සිහි කෙළෙමි එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප විස්සක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තිහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන උපන්නෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක් මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැපදුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී මෙහි උපන්නෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කෙළෙමි. මේ කරුණෙන්ද මෙය මම දනිමි. ඒ කුමක්ද? ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. සත්වයෝද භවයෙන් භවයට යති, හැසිරෙති, චුත වෙත්, උපදිත්, සදාකාලික දේ සමව සිටිත් යනුයි. ‘මහණෙනි, යම් කරුණක් උදෙසා ඇතැම් මහණ බමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද, මේ ඒ තුන්වැනි කාරණයයි.
34
“හතරවැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ සදාකාලික බවක් අදහා කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තු මෙන් නොනැසී සිටිත්’ යනුයි.
“මහණෙනි, යම් කරුණක් උදෙසා ඇතැම් මහණ බමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද? මේ හතරවැනි කාරණයයි.
35
“මහණෙනි, සදාකාලික බව අදහන ඒ මේ මහණ බමුණෝ, මේ කරුණු සතරින් ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරති. “මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති. මේ හැර වෙන අනික් කාරණයක් නැත්තේමය.
36
“මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ (මිසදිටු) වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැණීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දන්නා ලද්දේ (තර්කයෙන්) ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිසැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන්ගෙන් මිදුනෝය.
37
“මහණෙනි, ගැඹුරුවූ දැක්මට දුෂ්කරවූ, දුකසේ අවබොධ කරගත්තාවූ, ශාන්තවූ, මිහිරිවූ තර්කයෙන්ම වටහා ගත නොහැකිවූ සියුම්වූ නුවණැත්තන් විසින් ගරු කළයුතුවූ යම් ධර්මයක් ඇත්ද, ඒ ධර්ම තථාගතයෝ උසස් ඥානයෙන් තමන්ම පැහැදිලි ලෙස දැන ප්‍රකාශ කළෝය. යම් ධර්මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිහැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති.
පළමුවැනි බණ වරයි.
එකච්චසස්සතවාදො
38
“මහණෙනි, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේයයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය සහ ලොකය එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති.
“ඒ පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකවූ එක් කොටසක් සදාකාලික නොවූ ආත්මයද, ලොකයද, එක් කොටසක් සදාකාලිකයයිද, එක් කොටසක් සදාකාලික නොවේයයිද, කුමක් හේතුකොට කුමක් නිසා සතර කරුණකින් ප්‍රකාශ කරත්ද?
39
“මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලොකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.
40
“මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

41 සිට 148 දක්වා අනෙකුත් දෘෂ්ඨීන් ඇති වෙන ආකාරය විස්තර වේ.

ඉඩ ප්‍රමාණවත් නොවන නිසා පහල link එකෙන් ගොස් බලන්න,

https://pitaka.lk


දීඝ නිකාය
සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාල සූත්‍රය



“මහණෙනි, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරන්නෝව හෝ (ලෝක) අවසානය කල්පනා කරන්නෝව හෝ (ලොකයේ) පටන්ගැන්ම අවසානය කල්පනා කරන්නෝව හෝ පටන්ගැන්ම ගැන මත ඇත්තෝව පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝ මේ කරුණු හැටදෙකෙන් (මිථ්‍යා) දැලෙහි ඇතුළත් කරණ අය එහිම මතුවෙන්නාහුය. පාවෙන්නාහුය-එහි ඇතුලත් වූවාහු (ජලය යටට ගියාහු) මතුවෙන්නාහු පාවෙන්නාහුය.
“මහණෙනි, යම්සේ දක්ෂ මසුන් මරන්නෙක් හෝ මසුන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ සියුම් හිල් ඇති දැලකින් යුක්තව මදක් වතුර ඇති විලකට බසින්නේද ඔහුට මෙසේ සිතක් ඇති වන්නේය. ‘මේ දිය විලෙහි යම්කිසි විශාල (ප්‍රාණීහු) සත්තු වෙත්ද, ඒ සියල්ලෝ දැල ඇතුළත කරණ ලද්දාහු එහි බැඳුනාහු, කිඳෙන්නාහුය, පාවෙන්නාහුය. එහි මතුවෙන්නාහුය, (වතුර යටට) ගියාහු, කිඳෙන්නාහුය, පාවෙන්නාහුය.
“මහණෙනි, එලෙසින්ම යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරන්නෙක්ව හෝ (ලොක) අවසානය කල්පනා කරන්නෙක්ව හෝ පටන්ගැන්ම අවසානය කල්පනා කරන්නෙක්ව, පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෙක්ව පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝම මේ කරුණු හැටදෙකින් (මිථ්‍යා) දැලෙහි ඇතුළත කරණ ලද්දාහු එහිම මතුවෙන්නාහු කිඳෙන්නාහු පාවෙන්නාහුය. එහිම ඇතුළත් වූවාහුය, දැල ඇතුළත බැඳුනාහු මතුවෙන්නාහු පාවෙන්නාහුය.
147
“මහණෙනි, භවයට ඇති ආසාව සිඳින ලද තථාගතයන්ගේ ශරීරය පවතී. යම්තාක් ශරීරය පවතීද ඒතාක් දෙවි මිනිසුන් (එය) තථාගතයන් දකිති. ශරීරයේ බිඳී වෙන්වීමෙන් පසු ජීවිතය (ප්‍රතිසන්ධි රහිතව) පිරිහුන බැවින් දෙවිමිනිස්සු තථාගතයන් නොදකිත්.
“මහණෙනි, යම්සේ අඹවල්ලේ නටුව කැපුන කල නටුවේ බැඳුන සියලු අඹගෙඩි නටුව අනුව යන්නේද, මහණෙනි, එලෙසම භවයට ඇති ආසාව සිඳින ලද තථාගතයන්ගේ ශරීරය පවතී. යම්තාක් ශරීරය පවතීද එතාක් දෙවි මිනිස්සු ඒ ශරීරය දකිති. ශරීරය බිඳී වෙන්වීමෙන් පසු ජීවිතය (ප්‍රතිසන්ධි රහිතව) පිරිහුණු බැවින් දෙවි මිනිස්සු තථාගතයන් නොදකිති.
148
“මෙසේ වදාළ කල ආයුෂ්මත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියෝය. ‘ස්වාමීනි, පුදුමයි ‘ස්වාමීනි, බොහෝ පුදුමයි. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමයට මොනයම් නමක් විය යුතුද?”
ආනන්දය, එසේ වීනම්, මේ ධර්ම ක්‍රමය ‘අර්ථ ජාල’යයි (නම) දරව, ‘ධර්ම ජාල’යයිද එය දරව. ‘දෘෂ්ටි ජාල’යයිද එය දරව, නිරුත්තර සංඝග්‍රාමවිජය’යයිද එය දරවැයි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
149
සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ දෙසූ ධර්මයට පැසසූහ. මේ ගාථා නැති සූත්‍රය (වෙය්‍යාකරණ ධර්මය)දේසනා කරණ කල දශදහසක් ලොකධාතුව කම්පාවිය.
පළමුවන බ්‍රහ්මජාල සූත්‍රය නිමියේය
 
Last edited: