බ්‍රිගේඩියර්_පත්තරේට_කිව්ව_දේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බ්‍රිගේඩියර්_පත්තරේට_කිව්ව_දේ

    “එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ‘ප්‍රභාකරන් අවර් ලීඩර්’ කියලා කෑගසමින් උද්ඝෝෂණය කරද්දී මම ඇඟිල්ල බෙල්ලට තියලා ඇඟෙව්වේ සියල්ල අවසානයි කියලා.” යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පැවසීය.

    පෙබරවාරි 04 දා එරට දී පැවැති නිදහස් සැමරුම් උත්සවයට විරෝධය පාමින් උද්ඝෝෂණයේ නිරත එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් අතින් ගෙල සිඳ දමන ආකාරය නිරූපණය කිරීමේ වීඩියෝව මුල්කරගෙන දැවැන්ත ප්‍රතිවිරෝධයක් ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල වූ අතර ඒ හේතුවෙන් ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේය.
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (07) දහවල් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට දුරකථන ඇමතුමක් ලබා දී ඔන්න ඔබතුමා යළි සේවයේ පිහිටෙව්වා. කලබල කරන්න එපා යැයි එහි දී ඇති වූ සිද්ධිය ගැන අසා පවසා තිබුණි.

    ජනාධිපතිවරයගේ නියෝග මත නැවත සේවයේ පිහිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද හමුදාවෙන් හෝ කිසිදු ආයතනයකින් පරීක්ෂණයක් සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

    සේවය අත්හිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශය හා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇරඹූ විමර්ශනය ජනපති නියෝගයෙන් අත්හිටුවා තිබුණි.

    බ්‍රිතාන්‍යයේ ඇති වූ සිද්ධිය ගැන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාව මත නිදහස් සැමරුම් උළෙලට සිංහල, දෙමළ, මුස්ලිම් දෙසිය පනහක් විතර සහභාගි වෙලා හිටියා. මම කල්තියාම බුද්ධි තොරතුරුවලින් දැනුම් දුන්නා එල්ටීටීඊ හිතවාදීන් විරෝධතාවකට සූදානම් වනවා කියලා. ඒ අනුව තානාපති ‍පොලිසිය ආරක්ෂාව සපයා තිබුණා.
    අපි නිදහස් උත්සවේ ඉවර වුණාට පස්සේ උද්ඝෝෂකයෝ ඉන්න නිසා ඇතුළේ හිටපු ද්‍රවිඩ ජාතිකයන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ අය ආරක්ෂාව ගැන බලා ගන්න කියලා මගෙන් ඉල්ලුවා. එළියට යන්න බයෙන් ඉද්දී මම එයාලාට පසුපස දොරෙන් එළියට යන්න සැලැස්සුවා. සිංහල කොල්ලෝ මුන්ට බය වෙන්නේ මොකටද කියලා ඉස්සරහා ගේට්ටුවෙන් එළියට ගියා.
    මෙතැන ජාතිවාදයක් නැහැ. ශ්‍රී ලංකාවේ නිදහස සමරන්නේ කියලා මම උද්ඝෝෂකයන්ට කියලා ජනාධිපතිතුමා දෙමළ භාෂාවෙන් එවූ නිදහස් දින පණිවුඩය උද්ඝෝෂකයන්ට දුන්නා. උද්ඝෝෂකයන් අතරේ හිටපු නායකයෙක් ඒවා උදුරලා ගිනි තියද්දී බ්‍රිතාන්‍ය තානාපති ‍පොලිසිය ගිනි තියපු කෙනාව අත්අඩංගුවට ගත්තා.
    ඒ සමග කලබල වුණු උද්ඝෝෂකයන් මහ කොමසාරිස් කාර්යාලය ළඟටම දුවගෙන ආවා.

    උත්සවයට ආපු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව මගේ අතේ තිබුණේ. නිල ඇඳුමක් ඇඳගෙන මට ඒ අයට බාධාවක් වෙන්න දෙන්න බැහැ.

    ප්‍රභාකරන් අවර් හීරෝ කියලා කෑගහන කොටි හිතවාදීන්ට සියල්ල අවසානයි කියලා තමයි මම හැඟෙව්වේ.
    තමිල් ඊළාම් අවර් ලෑන්ඩ් කියලා කෑගහද්දී දීස් ඉස් යුවර් ලෑන්ඩ් කියලා සියලු දෙනාටම පේන්න තමයි මම ශ්‍රී ලංකා ධජය පෙන්නුවේ.

    මම ඇඟිල්ලෙන් එකපාරක් පෙන්නපු ඉඟිය කිහිප වතාවක් පෙන්වමින් වීඩියෝවක් හදලා ජාත්‍යන්තරයට මුදාහැර තිබුණේ එල්ටීටීඊ හිතවාදී දෙමළ මාධ්‍ය ආයතන විසින්.
    නමුත් උතුරේත්, වන්නියේත් වගේම බ්‍රිතාන්‍යයේත් දෙමළ ජනතාව මම එයාලට කොතරම් සේවයක් කළාද කියලා දන්නවා.

    මම නිල ඇඳුම මාරුකර උද්ඝෝෂකයන් ළඟට ගිහිල්ලත් කිව්වේ ඔබලා ශ්‍රී ලංකාවට යන්නේවත් නැතිව එකිනෙකා කියන දේවල් ගැන චෝදනා කරන්න එපා. ඔබලා ලංකාවට ගිහින් සහජීවනයට ගෙනයන වැඩපිළිවෙළ බලන්න කියලා කිව්වා.

    මම ඒ මොහොතේ ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කළ ආකාරය ගැන මම ආඩම්බර වෙනවා.

    ‘තමාට පෙර රට’ කියලා මම ඉගෙන ගත්ත ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ලබාගත් ආදර්ශය මතයි මම හැමදාමත් කටයුතු කරන්නේ.” යැයි ද බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පැවසුවේය.
     
    Last edited:
    • Like
    Reactions: Ne@ and RottenCOLT

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අන්තිමේදි හිතට එකගව වැඩ කරපු කෙනානෙ ජය ලැබුවෙ.ජාත්‍යන්තරය තරහ වෙයි කියල නැට්ට පුකෙ ගහන් හිටියනම් මේ වගෙ ආදරයක් army එකට ලැබේන්නෙත් නෑ.නිකම් ඩයස්පෝරාව ඉස්සරහ කිච වෙලා මෙලහට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    24b3k7q.jpg

    :cool::cool::cool::cool::cool:
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    අන්තිමේදි හිතට එකගව වැඩ කරපු කෙනානෙ ජය ලැබුවෙ.ජාත්‍යන්තරය තරහ වෙයි කියල නැට්ට පුකෙ ගහන් හිටියනම් මේ වගෙ ආදරයක් army එකට ලැබේන්නෙත් නෑ.නිකම් ඩයස්පෝරාව ඉස්සරහ කිච වෙලා මෙලහට

    ඔව්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    රණවිරුවන්ගේ කර උඩින් ගිහින් මහින්දලා වැජබුනා රජ උනා
    ඊට පස්සේ මහින්දලට රණවිරුවෝ බලු නොවටින වැටුන
    මහින්දගේ කැම්පේන් එකක් කැම්ප් එකේ කරන්න දුන්නේ නැ කියල එක කෝල් එකෙන් මේ මනුස්සයා ගෙදර යැව්වා
    ඊට කාලෙකට පස්සේ අයෙත් මහින්දලා මේ මිනිස්සුන්ව විකුණන් කෑව
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    රණවිරුවන්ගේ කර උඩින් ගිහින් මහින්දලා වැජබුනා රජ උනා
    ඊට පස්සේ මහින්දලට රණවිරුවෝ බලු නොවටින වැටුන
    මහින්දගේ කැම්පේන් එකක් කැම්ප් එකේ කරන්න දුන්නේ නැ කියල එක කෝල් එකෙන් මේ මනුස්සයා ගෙදර යැව්වා
    ඊට කාලෙකට පස්සේ අයෙත් මහින්දලා මේ මිනිස්සුන්ව විකුණන් කෑව

    paw bn uba thama 1600da :rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    රණවිරුවන්ගේ කර උඩින් ගිහින් මහින්දලා වැජබුනා රජ උනා
    ඊට පස්සේ මහින්දලට රණවිරුවෝ බලු නොවටින වැටුන
    මහින්දගේ කැම්පේන් එකක් කැම්ප් එකේ කරන්න දුන්නේ නැ කියල එක කෝල් එකෙන් මේ මනුස්සයා ගෙදර යැව්වා
    ඊට කාලෙකට පස්සේ අයෙත් මහින්දලා මේ මිනිස්සුන්ව විකුණන් කෑව

    Sirawata un set eka mehema deyak wenakam balan inne vikunan kanna. patta chance ekak st una chande asse ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රණවිරුවන්ගේ කර උඩින් ගිහින් මහින්දලා වැජබුනා රජ උනා
    ඊට පස්සේ මහින්දලට රණවිරුවෝ බලු නොවටින වැටුන
    මහින්දගේ කැම්පේන් එකක් කැම්ප් එකේ කරන්න දුන්නේ නැ කියල එක කෝල් එකෙන් මේ මනුස්සයා ගෙදර යැව්වා
    ඊට කාලෙකට පස්සේ අයෙත් මහින්දලා මේ මිනිස්සුන්ව විකුණන් කෑව

    ඕක තේරෙන්න මොලයක් ඕනිනේ බන්