බ්‍රිටෝ_සහ_මම
පෘතුගීසි ජාතික බ්‍රිටෝ සහ මම.
1989 වසරේදී පෘතුගීසි ජාතික බ්‍රිටෝ සහ මම එක ම දුම්රිය මැදිරියේ බල්ගේරියාව දක්වා ගමන් කරමින් සිටියෙමු. දින දෙකකට ආසන්න කාලයක් ගත වන මේ චාරිකාවේ ඔහු මාගේ තාවකාලික ගමන් සගයා විය. අපි එකට ආහාර ගතිමු. ඔහු ගේ විශාල වතුර බෝතලය අපි දෙදෙනා ම සහයෝගයෙන් ඛෙදාගත්තෙමු. එසේ ම මෝල්දෝවාහී කිෂනෝව් නගරයේ මා මිලට ගත් විශාල පලතුරු මල්ල අපට ඛෙහෙවින් ම ප්‍රයෝජනවත් විය.
බ්‍රිටෝ සහ මම නොයෙකුත් විෂයයන් ගැන කතා කළෙමු. ඔහු ජීවත් වන්නේ ලිස්බන් නගරයේ ය. දැනට මොස්කව් රාජ්‍ය විශේවවිද්‍යාලයේ භාෂා අංශයේ උපාධිය හදාරයි. කිෂනොව් පසු වූ වහා ම අපි කාඩ් ගැසුවෙමු. ඔහු කාඩ් ක්‍රීඩාවේ දක්ෂයෙකි. නමුත් චෙස් ක්‍රීඩාවෙන් ඔහු ව පරදවා ලීමට මට හැකි විය. අපි උදෑසන ආහාරය සඳහා දුම්රියපළක දී මිලට ගත් ක්ෂිර ආහාරය, ඇපල් සහ බදින ලද කුකුලෙකු අනුභව කළෙමු. බ්‍රිටෝ ළඟ තිබූ කළු පාන් ගෙඩියක් ද මෙහි දී එළියට ආවේ ය. කළු පාන් ඇඹුල් රසයෙන් යුක්ත වූව ද කුකුල් මස් සමඟ ප්‍රණීත රසයක් ගෙන දෙයි. ක්ෂීර ආහාරය යෝගට් වැනි ය. එය වැඩිපුර නො ගැනීමට අප වග බලා ගත්තේ දුර ගමන් යන විට වැසිකිළි භාවිතය අවම කළ යුතු නිසා ය. අප ගේ දහවල ආහාරය සමන්විත වූයේ සොසේජස් සහ චීස්වලිනි. සවස තේ පානය කරන විට පැණී‚ රස විස්කෝතු කෑ අප රාත්‍රි ආහාරය සඳහා ගත්තේ පලතුරු පමණී‚.
රාත්‍රිය එළැඹ තිබේ. දුම්රිය නොනවත්වා ම ගමනේ යෙදෙයි. බ්‍රිටෝ තද නින්දේ ය. මට අප දෙදෙනා ගැන සිතීමෙන් සිනා ආවේ ය. එකම මැදිරියේ බල්ගේරියාව කරා යන පෘතුගීසි සහ සිංහල තරුණයෝ දෙදෙනෙක් වූහ. මීට ශත වර්ෂ පහකට පමණ පෙර අප ගේ මුතුන් මිත්තෝ එකිනෙකා පිළිකුල් කළහ. එකිනෙකා සමඟ යුද වැදුණහ. ජෙනරාල් අසවේදෝ මට සිහිපත් විය. ඔහු ඇතැම් විට බ්‍රිටෝ ගේ මී මුත්තෙකු වන්නට ඇත. ඔහු සිංහල දරුවන් කිඹුලන්ට දැමීය. ඉන් ශත වර්ෂ පහකට පමණ පසු අපි සාමකාමී ව එකට කමින් බොමින් ගමනේ යෙදෙමු.
ලෝකය ගම්මානයක් ව තිබේ. තවත් වසර සිය ගණනක දී සිංහල තරුණයෙකු පෘතුගීසි තරුණයෙකු සමග අඟහරු ලොවට චන්ද්‍රිකාවකින් යනු ඇත. එවිට සිංහල තරුණයාට ද මට දැනුණු හැගීම් සමුදාය ම දැනෙනු ඇත. ලෝකයේ මිනිසුන්ට මෙවැනි අන්දමට එකිනෙකා සමඟ ආභාසයේ යෙදෙන්නට හැකියාව ලැඛෙයි නම් අප අතර පවතින පටු ජාතිවාදී ආකල්ප පහ වනු ඇත. සෑම ජාතියකට ම බඩගින්න, වේදනාව, සතුට යන ආවේගයන් තිඛෙන බව ඔවුහු වටහා ගනිති. තම වර්ගයා උසස් යන පටු හැගීම පැන නගින්නේ සන්නිවේදන අවහිරකම් ඇති වූ විට දී ය. සොෆියා නගරයේ දී අපි එකිනෙකා ගෙන් වෙන් වූයෙමු. එහෙත් බ්‍රිටෝ යන පෘතුගීසි තරුණයා මාගේ සිතේ තවමත් ජීවත් වෙයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග