බ්‍රිතාන්‍යයේ වැඩි ම කැමැත්ත ශ්‍රී ලංකා ආ
2019 වසරේදී බ්‍රිතාන්‍ය වැසියන් අතර ඇති විය හැකි ආහාර ප්රවණතා ආහාර අතර පළමු ස්ථානයට ශ්‍රී ලාංකික ආහාර පත්ව තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ, බීබීසී ගුඩ් ෆුඩ් (BBC Good Food) වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයකිනි.
එම වෙබ් අඩවිය පවසන්නේ, ශ්‍රී ලංකාවට ආවේණික ආහාරවලට එංගලන්තයේ ඇති වී තිබෙන ඉල්ලුම අනුව, 2019 වසරේ පෙරළිකාර ආහාර අතර ශ්‍රී ලාංකික ආහාර පෙරමුණ ගනු ඇති බවය.
එලෙස එංගලන්තයේ වැඩි ම ජනප්‍රියත්වයක් ලබා ඇති ශ්‍රී ලාංකික ආහාර වන්නේ, ආප්ප, කොත්තු සහ පොල් සම්බෝල යන ඒවාය.
ලන්ඩන් නගරයේ ශ්‍රී ලාංකික ආහාර අලෙවි කෙරෙන ස්ථාන රැසක් පවතින අතර එම ආපන ශාලා ලන්ඩන් වැසියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.
එම ආපන ශාලාවලින් කිහිපයක් බීබීසී ගුඩ් ෆුඩ් වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
Hoppers (හොපර්ස්)
The Coconut Tree (ද කොකනට් ට්‍රී)
Kottu Lanka (කොත්තු ලංකා)
"අපි මීට කලින් ශ්‍රී ලංකා ආහාර වර්ගත් ඉන්දියාවේ ආහාර විදිහට වර්ග කරලා තිබුණේ. දැන් ඒවා ඉන්දීය ආහාර වශයෙන් සලකන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකික ආහාරවල අනන්‍යතාව අඳුනාගෙන තියෙනවා," ද ග්රෝසර් (The Grocer) නමැති එංගලන්ත සඟරාවේ ආහාර ප්රවණතා සම්බන්ධ සංස්කාරක එමා වෙයින්බ්රෙන් පැවසුවාය.
උපුටා ගැනීම : BBC.com