බ්‍රිතාන්‍යයේ වැඩි ම කැමැත්ත ශ්‍රී ලංකා &#3462

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බ්‍රිතාන්‍යයේ වැඩි ම කැමැත්ත ශ්‍රී ලංකා &#3462

    _105230949_f79523ef-a456-465b-b7cc-a7eb501aea7a.jpg

    2019 වසරේදී බ්‍රිතාන්‍ය වැසියන් අතර ඇති විය හැකි ආහාර ප්‍රවණතා ආහාර අතර පළමු ස්ථානයට ශ්‍රී ලාංකික ආහාර පත්ව තිබේ.

    මේ බව අනාවරණය වී ඇත්තේ, බීබීසී ගුඩ් ෆුඩ් (BBC Good Food) වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයකිනි.

    එම වෙබ් අඩවිය පවසන්නේ, ශ්‍රී ලංකාවට ආවේණික ආහාරවලට එංගලන්තයේ ඇති වී තිබෙන ඉල්ලුම අනුව, 2019 වසරේ පෙරළිකාර ආහාර අතර ශ්‍රී ලාංකික ආහාර පෙරමුණ ගනු ඇති බවය.

    එලෙස එංගලන්තයේ වැඩි ම ජනප්‍රියත්වයක් ලබා ඇති ශ්‍රී ලාංකික ආහාර වන්නේ, ආප්ප, කොත්තු සහ පොල් සම්බෝල යන ඒවාය.

    ලන්ඩන් නගරයේ ශ්‍රී ලාංකික ආහාර අලෙවි කෙරෙන ස්ථාන රැසක් පවතින අතර එම ආපන ශාලා ලන්ඩන් වැසියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

    එම ආපන ශාලාවලින් කිහිපයක් බීබීසී ගුඩ් ෆුඩ් වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

    Hoppers (හොපර්ස්)
    The Coconut Tree (ද කොකනට් ට්‍රී)
    Kottu Lanka (කොත්තු ලංකා)

    "අපි මීට කලින් ශ්‍රී ලංකා ආහාර වර්ගත් ඉන්දියාවේ ආහාර විදිහට වර්ග කරලා තිබුණේ. දැන් ඒවා ඉන්දීය ආහාර වශයෙන් සලකන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකික ආහාරවල අනන්‍යතාව අඳුනාගෙන තියෙනවා," ද ග්‍රෝසර් (The Grocer) නමැති එංගලන්ත සඟරාවේ ආහාර ප්‍රවණතා සම්බන්ධ සංස්කාරක එමා වෙයින්බ්‍රෙන් පැවසුවාය.

    උපුටා ගැනීම : BBC.com
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    බැක්පැකින් සුද්දෝ මෙහෙ ඇවිත් කඩෙන් ආප්ප කොත්තු කාල නෙට් එකේ රිවිව් දැම්ම නිසා ඕක උනේ
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    බැක්පැකින් සුද්දෝ මෙහෙ ඇවිත් කඩෙන් ආප්ප කොත්තු කාල නෙට් එකේ රිවිව් දැම්ම නිසා ඕක උනේ

    If this government has a slightest intelligence, they can utilize this trend to improve the tourism industry in Sri-Lanka by improving the quality of the food.

    Most of those restaurants in Sri-Lanka are not up to the required standards and gives people food poisoning :angry:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කෝ පොල් සම්බෝල ?

    මං එක පාරක් යූටියුබ් වීඩියෝ එකක් දැක්කා සුද්දෙක් පොල් සම්බෝල හදාගන පාං එක්ක කන එකක්. උට ලංකාවෙ කාපු එක හීනෙන් පෙනිලා හදනවා කියලා තමයි ප්ලොට් එක තියෙන්නේ. හැබැයි අතින් අනන්නේ. මෙලෝ රහක් නැතිව ඇති :D
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    මං එක පාරක් යූටියුබ් වීඩියෝ එකක් දැක්කා සුද්දෙක් පොල් සම්බෝල හදාගන පාං එක්ක කන එකක්. උට ලංකාවෙ කාපු එක හීනෙන් පෙනිලා හදනවා කියලා තමයි ප්ලොට් එක තියෙන්නේ. හැබැයි අතින් අනන්නේ. මෙලෝ රහක් නැතිව ඇති :D

    Athin nethiwa pol sambola ananne kohomada bn :rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Athin nethiwa pol sambola ananne kohomada bn :rolleyes:

    මිරිස්ගලේ නේ බං අඹරන්නේ. ඌ අතින් අනන්නේ පොලුයි මිරිස් කුඩුයි. එහෙම රහ නෑනේ බං. මිරිස් කරල් ටිකක් පුච්චලා , කූනිස්සො ටිකක් පුච්චලා කුඩු කරලා දාලා මිරිස් ගලේ අඹරලා ගත්තාමනෙ පට්ට රස
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අපෙඋන් ලොකු ගනන් දිලා පොශ් වෙන්ඩ තරැ පහේ එවගෙන් සුද්දොන්ගේ ලේඩ් කෑම කද්දි.සුද්දො අපේ ගුණ කෑම එහේ කනවා..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මිරිස්ගලේ නේ බං අඹරන්නේ. ඌ අතින් අනන්නේ පොලුයි මිරිස් කුඩුයි. එහෙම රහ නෑනේ බං. මිරිස් කරල් ටිකක් පුච්චලා , කූනිස්සො ටිකක් පුච්චලා කුඩු කරලා දාලා මිරිස් ගලේ අඹරලා ගත්තාමනෙ පට්ට රස

    gale abaranne nethuwa athin anala kana sambola nikan thriposha tharamwath raha nehe.