බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුව&

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb

    බ්‍රිතාන්‍යය රජ කිරුළේ පස්වැනි හිමිකරුවා බිහිවෙයි

    විලියම් කුමරුගේ බිරිය කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඇගේ තෙවැනි දරුවාට උපත දුන් බව කෙන්සින්ග්ටන් මාලිගය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

    උපත ලබා ඇත්තේ පිරිමි දරුවකු යැයි ද එම නිවේදනයේ සඳහන් විය.

    බ්‍රිතාන්‍යය වේලාවෙන් අද උදෑසන 6ට පමණ කේට් කුමරිය ලන්ඩන් නුවර පැඩින්ග්ටන් හි පිහිටි ශාන්ත මේරි රෝහලට ඇතුළත් කර තිබෙන අතර කිසිදු සංකූලතාවක් නොමැතිව උපත සිදු වූ බව කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය.

    උපත ලැබූ දරුවා ඔටුන්නේ පස්වැනි හිමිකරුවා වන අතර දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ හයවැනි මී මුණුපුරා ද වේ. ඔහු ජෝර්ජ් කුමරුගේ සහ චාලට් කුමරියගේ බාල සොහොයුරුද වන්නේය.

    ඬේලිමේල් ඇසුරිනි

    image_4c54307f37.jpg

    image_7238f51fa1.jpg

    image_8b3ac08d43.jpg

    විලියම් කුමරුගේ බිරිය කේම්බ්‍රිජ් ආදිපාදවරිය ඇගේ තෙවැනි දරුවාට උපත දුන් බව කෙන්සින්ග්ටන් මාලිගය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේය.

    උපත ලබා ඇත්තේ පිරිමි දරුවකු යැයි ද එම නිවේදනයේ සඳහන් විය.

    බ්‍රිතාන්‍යය වේලාවෙන් අද උදෑසන 6ට පමණ කේට් කුමරිය ලන්ඩන් නුවර පැඩින්ග්ටන් හි පිහිටි ශාන්ත මේරි රෝහලට ඇතුළත් කර තිබෙන අතර කිසිදු සංකූලතාවක් නොමැතිව උපත සිදු වූ බව කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය.

    උපත ලැබූ දරුවා ඔටුන්නේ පස්වැනි හිමිකරුවා වන අතර දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ හයවැනි මී මුණුපුරා ද වේ. ඔහු ජෝර්ජ් කුමරුගේ සහ චාලට් කුමරියගේ බාල සොහොයුරුද වන්නේය.

    ඬේලිමේල් ඇසුරිනි

    image_b9c6e5eed7.jpg

    image_bf640a7c1e.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,100
    3,547
    113
    Pls wear a MASK
    Apita rajek pahala una :lol::lol:
    Wahallu

    :lol:ඒකනේ බන් මුන් තමයි නියම ඒකාධිපතියෝ.නාකි වෙලා හම්පඩ වෙලත් රැජිණ.මලාට පස්සේ තවත් පවුලේම එකෙක් රජ වෙනවා.රජ පවුලට සැප දෙන්න මිනිස්සු මැරීගෙන වැඩ කරලා බදු ගෙවනවා..:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol:ඒකනේ බන් මුන් තමයි නියම ඒකාධිපතියෝ.නාකි වෙලා හම්පඩ වෙලත් රැජිණ.මලාට පස්සේ තවත් පවුලේම එකෙක් රජ වෙනවා.රජ පවුලට සැප දෙන්න මිනිස්සු මැරීගෙන වැඩ කරලා බදු ගෙවනවා..:lol:
    ලංකාවෙ ඉන්න පාලක පැලැන්තියයි උන්ගෙ ගෑනුන්වයි නඩත්තු කරන්න යන වියදම ඔය රජ පවුල නඩත්තු කරනන් යන්නෙ නෑ. බලන්න කේට් කුමාරි දිහා කොච්චර සරලද. මේකප් නෑ රත්තරන් බඩු නෑ. යකෝ ලංකාවෙ නිකන් මධ්‍යම පන්තියෙ ගෑනියෙක්ගෙ වියදම වැඩියි ඔය ඉන්න රජ කුමාරිට වඩා. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,100
    3,547
    113
    Pls wear a MASK
    ලංකාවෙ ඉන්න පාලක පැලැන්තියයි උන්ගෙ ගෑනුන්වයි නඩත්තු කරන්න යන වියදම ඔය රජ පවුල නඩත්තු කරනන් යන්නෙ නෑ. බලන්න කේට් කුමාරි දිහා කොච්චර සරලද. මේකප් නෑ රත්තරන් බඩු නෑ. යකෝ ලංකාවෙ නිකන් මධ්‍යම පන්තියෙ ගෑනියෙක්ගෙ වියදම වැඩියි ඔය ඉන්න රජ කුමාරිට වඩා. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ.

    :lol::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ ඉන්න පාලක පැලැන්තියයි උන්ගෙ ගෑනුන්වයි නඩත්තු කරන්න යන වියදම ඔය රජ පවුල නඩත්තු කරනන් යන්නෙ නෑ. බලන්න කේට් කුමාරි දිහා කොච්චර සරලද. මේකප් නෑ රත්තරන් බඩු නෑ. යකෝ ලංකාවෙ නිකන් මධ්‍යම පන්තියෙ ගෑනියෙක්ගෙ වියදම වැඩියි ඔය ඉන්න රජ කුමාරිට වඩා. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ.

    උබ කාලෙකට පස්සෙ ඇත්තක් කියල තියනව.. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    :lol:ඒකනේ බන් මුන් තමයි නියම ඒකාධිපතියෝ.නාකි වෙලා හම්පඩ වෙලත් රැජිණ.මලාට පස්සේ තවත් පවුලේම එකෙක් රජ වෙනවා.රජ පවුලට සැප දෙන්න මිනිස්සු මැරීගෙන වැඩ කරලා බදු ගෙවනවා..:lol:

    කතාව නම් ප්‍රජාතන්ත්‍රවාදයයි චින්තනයේ නිදහස ගැනයි. ඒත් ක්‍රියාවෙන් නම් වැඩවසම් යුගයෙ කරපු ඒවා එහෙම්පිටින්ම කරනවා. දුප්පත් ගෙදරක ඉපදුන දරුවෙක්ට ඔය මුකුත්ම නෑනේ. අහිංසක අම්ම කෙනෙක් දරුවට කන්න සල්ලි ඉල්ලුවත් අහක බලාගෙන යනවා.

    ලංකාවෙ ඉන්න පාලක පැලැන්තියයි උන්ගෙ ගෑනුන්වයි නඩත්තු කරන්න යන වියදම ඔය රජ පවුල නඩත්තු කරනන් යන්නෙ නෑ. බලන්න කේට් කුමාරි දිහා කොච්චර සරලද. මේකප් නෑ රත්තරන් බඩු නෑ. යකෝ ලංකාවෙ නිකන් මධ්‍යම පන්තියෙ ගෑනියෙක්ගෙ වියදම වැඩියි ඔය ඉන්න රජ කුමාරිට වඩා. ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ.

    උන්ටත් සෑහෙන්න ගානක් වියදම් කරන්න වෙන් කරනවා. හැබැයි අපේ රටේ ඉන්න ජනාධිපති ආර්‍යාවන්ට තියෙන මානසික ලෙඩවල් උන්ට නෑ. උප්පත්තියෙන්ම ලැබුන පාට වෙනස් කරන්න මේක් අප් දන්නේ නෑ. නාස් පුඩු විදින්නෙ නෑ. අත උස්සගන්න බැරි වෙන්න වලලු දන්නෑ. දවසට එක ගානේ මාල දාන්නෙ නෑ. අඳින්නෙත් චාම්ව. ඒ උන්ගෙ යහපත් හැසිරීම් රටාව. එහෙමයි කියලා උන් සැප නොගෙන ඉන්නෙත් නෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :lol:ඒකනේ බන් මුන් තමයි නියම ඒකාධිපතියෝ.නාකි වෙලා හම්පඩ වෙලත් රැජිණ.මලාට පස්සේ තවත් පවුලේම එකෙක් රජ වෙනවා.රජ පවුලට සැප දෙන්න මිනිස්සු මැරීගෙන වැඩ කරලා බදු ගෙවනවා..:lol:

    මම දකින විදිහට උන්ට තියෙන්නේ ගරු කිරීමක්.
    මොකද උන්ගේ මුතුන් මිත්තෝ නැත්නම් අද ඔහොම නෙමෙයි.
    කෑලි කෑලි වලට කැඩුණු කුණු ගොඩක් වගේ
    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    :lol:ඒකනේ බන් මුන් තමයි නියම ඒකාධිපතියෝ.නාකි වෙලා හම්පඩ වෙලත් රැජිණ.මලාට පස්සේ තවත් පවුලේම එකෙක් රජ වෙනවා.රජ පවුලට සැප දෙන්න මිනිස්සු මැරීගෙන වැඩ කරලා බදු ගෙවනවා..:lol:

    එංගලන්තේ ඔය තැනට ගේන්න ඔය හම්පඩ නාකියෝ ටික තමා වැඩ කරේ , අපෙන් හොරා කාල හරි උන් දැන් දියුනුයි නේ, ඉතින් උන් මෑරීගෙන බදු ගෙව්වම මොකෝ එංගලන්ත කාරයට මොනවගින් අඩුපාඩුවක් කරලද උන් සැප විදින්නේ . අනික උන්ගේ අපේ රජ පවුල වගේ පුකේ සීන් නෑ ඒකට අපේ උන් උන්ට සැපට ඉන්න දීල දුක් විදිනවා. සුද්දට කඩේ යනවා කියල රෙප් කැපුවට කමක් නෑ ඇත්ත උන් දියුනුයි අපි අනාතයි. රෙප් කැපුව කියල එංගල්න්තේ බංකොලොත් වෙන්නේ නෑ ලංකාව නම් බංකොලොත් වෙනවා මේ මතය ඉස්සරට ගෙනිහිල්ලා රටට වැඩදායි පාලකයෙක් හොයාගන්න බැරි උනාම . අවුරුදු 70 කාඩ් අතේ ආසි වගේ එකම කොලටික වටේ ගගහ බලනවා වෙනසක් වෙයිද කියලා. වෙයි මේන් කියලා බලන් හිටපල්ලා පක තමා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලන්කාව පොදුරද මඩුල්ලෙන් ඉවත් වියයුතුය . මෙය හිරුනොබසින අධිරාජ්යයට කරන ගැති කමකි. සුද්දාට හිස නැමීමේ ආකල්ප අනාගත පරපුරට ගමන් කරන්නේ මෙවන් සන්විධානවලිනි.අපේ අල්පේච්ජ හිටන් ජනපති රෑජින ඉදිරියේ හිස නැමීමෙන් එය වඩාත් තහවුරු වේ .යටත්විජිතවල ධනය කොල්ල කෑ මෙවන් සොර නාමික රජපවුලක් වටා ජාත්යන්තරයක් සිටිමද විහිලුවකි .මෙවන් සොරපවුලක් , පොදුරදමඩුලු වැනි සන්විදානයකින් කල යුත්තේ සුන්දර වචන පසෙකලා තමන් කල පව් ගෙවා දෑමීමකි.යටත්විජිතවලධනය නැවත ලබා දීමකි.අපගේ පුරාවස්තුසහ පුස්කොලපොත් නැවත අපට ලබා දීමකි.එවන්දෙයක් කලොත් අපටද යම් ගෞරවයක් එන්ගලන්ත සොරපවුල කෙරේ ඇති වනු ඇත . මෙවන් සොර පවුල් ඉතිහාසයට එක් වියයුතුය .වර්තමානයෙන් අතුගෑවී යා යුතුය .මෙවන් සොරපවුල් වලට වටිනාකම් දෙන්නේ අපිමය.කලු සුද්දන්ය. එන්ගලන්ත සොරපවුලට දරුවෙක් ලැබීම කලුසුද්දන්ට පුදුමය දනවන්නකි.

    කොන්දක් තියන ජාතියක් ඇති රටක් නම් අපද කල යුත්තේ ඌරාගේ මාලු ඌරාගේ පිටේ තබා කපමින් දලදා මාලිගයේ නව රජ පවුලක් පිහිටවීමයි.රෑජිනගේ නාමික බලතල අපේ එකාටද දිය යුතුය .තායි රජපවුලතවම සිටිනම් ජපන් අධිරාජ්යයා තවමසිටිනම් අපටද එවන්දෙයක් කල නොහෑක්කේ මන්ද ? හේතුව - දූශිත අමන කුඩුගසන ව්යාපාරික කලුසුද්දන්ගෙන් පැවතෙන දේශපාලකයින් සහ අමන තකතිරු ජනතාවය.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එංගලන්තේ ඔය තැනට ගේන්න ඔය හම්පඩ නාකියෝ ටික තමා වැඩ කරේ , අපෙන් හොරා කාල හරි උන් දැන් දියුනුයි නේ, ඉතින් උන් මෑරීගෙන බදු ගෙව්වම මොකෝ එංගලන්ත කාරයට මොනවගින් අඩුපාඩුවක් කරලද උන් සැප විදින්නේ . අනික උන්ගේ අපේ රජ පවුල වගේ පුකේ සීන් නෑ ඒකට අපේ උන් උන්ට සැපට ඉන්න දීල දුක් විදිනවා. සුද්දට කඩේ යනවා කියල රෙප් කැපුවට කමක් නෑ ඇත්ත උන් දියුනුයි අපි අනාතයි. රෙප් කැපුව කියල එංගල්න්තේ බංකොලොත් වෙන්නේ නෑ ලංකාව නම් බංකොලොත් වෙනවා මේ මතය ඉස්සරට ගෙනිහිල්ලා රටට වැඩදායි පාලකයෙක් හොයාගන්න බැරි උනාම . අවුරුදු 70 කාඩ් අතේ ආසි වගේ එකම කොලටික වටේ ගගහ බලනවා වෙනසක් වෙයිද කියලා. වෙයි මේන් කියලා බලන් හිටපල්ලා පක තමා

    අනිවා බං :yes:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අලුත උපන් පුත් කුමරුන්ට තවමත් නමක් දමා නැති අතර, ඔහුට යොදන නම කුමක්වේවිදැයි යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් අතරේ ලොකු උනන්දුවක් පවතී.
    විලියම් කේට් යුවලගේ පළමු පුතුට ජෝර්ජ් යන නමත් දියණියට චාලට් යන නමත් යොදා ඇති හෙයින්, විලියම් සහ කේට් යුවල නව පුත් කුමරුන් ‘ආතර්’ යනුවෙන් නම් කරනු ඇතැයි අනුමාන කෙරේ.
    නව පුත් කුමරුගේ නම ‘ආතර්’ වේවි යැයි රජ පවුලට බෙහෙවින් ආදරය කරන පිරිස් පවුම් 5,000 බැගින් ඔට්ටු අල්ලා ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
    ‘ආතර්’ යන නම, නව කුමරාගේ සීයා වන චාල්ස් කුමරුන්ගේත්, පියා විලියම් කුමරුන්ගේත් නම් අතරේ ද ඇත. ආතර් යන නම බ්‍රිතාන්‍ය රජ පවුලට එක් වී ඇත්තේ, ‘ආතර් රජුගේ’ පුරාවෘතය හරහාය.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    :lol:ඒකනේ බන් මුන් තමයි නියම ඒකාධිපතියෝ.නාකි වෙලා හම්පඩ වෙලත් රැජිණ.මලාට පස්සේ තවත් පවුලේම එකෙක් රජ වෙනවා.රජ පවුලට සැප දෙන්න මිනිස්සු මැරීගෙන වැඩ කරලා බදු ගෙවනවා..:lol:

    ඒ ඉස්සර නම් ඔය බදු ගෙවන අහිංසක කුකුලන්ගෙන් තමා ජිවත් උනේ ..බ්‍රිතාන්‍ය අර්ටිකය වැටුනට පස්සේ මිනිස්සු ගේම ඉල්ලුව මුන්ගේ වියදම් වැඩිකියල ඊට පස්සේ කැමරන් ගෝයියා සෙල්ලමක් දාල උන්ට භාණ්ඩගරයෙන් දෙන වියදම් අඩුකරා ..මේක අඩු කරපු එකටත් නාකී සුද්දෝ ටිකක් ගේමක් ඉල්ලුව ..උන් කියුවේ අද අපි ලෝකේ තත්වයකට ඉන්නේ රජ පවුලනිසාය එහින්න්ද මුන්ට සලකන්න ඕනේ කියල..ඊට අමතරව ඔය උන්ගේ මාලිගාටික පෙන්නලා සල්ලි හොයනවා තව ඔය ඔස්ට්‍රේලියාව/නවසීලන්තය වගේ රටවල් සෙට් එකක් තවම කප්පම් ගෙවනවා රැජිනට ..ඔය පුක ඉරාගන නිදිමරලා චාටර් කලා අපේ අනාත සින්ග්හල කුක්කුල්ලු ගන්න චාටඩ් වලට ඔය පවුම් වලිනුත් රැජිනට ගානක් යනවා ..තව ඔය ඩේටෝල් බෝතලයක් එහෙම මෙහෙ දුප්පත් සින්ග්හල අනාථයෙක් ගත්තත් එකෙනුත් ගානක් රැජිනට යනවා එහෙම බැලුවොත් අපිත් ජිවිතේ එක වතාවක් හරි අර නාකී ගැනීට කප්පම් ගෙවල තියනවා