බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාට විරෝධය !

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාට විරෝධය !

    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ සැත්කම් කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙන විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් ෆර්මන්ට බ්‍රිතාන්‍යය තුළ බලපත්‍රයක් හිමි නොවීම යනු වෛද්‍ය වෘත්තියේ යෙදීමට එරෙහි තහනමක් නොවන බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව පවසයි.

    බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ (General Medical Council) ප්‍රකාශිකාවක ඒ බව සඳහන් කළේ, විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් ෆර්මන් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මතුකරන විරෝධය පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

    "කිසියම් වෛද්‍යවරයෙකුට බලපත්‍රයක් හිමි නොවීම මගින් ඔහුට හෝ ඇයට එරෙහිව අප කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බවක් ඉඟි කෙරෙන්නේ නැහැ," යනුවෙන් ඇය සඳහන් කළාය.

    දැනට වසර විස්සක පමණ සිට වසරකට කිහිප වතාවක් ශ්‍රි ලංකාවේ ළමා හා වැඩිහිටි හෘද සැත්කම් කිරිම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන, එංගලන්තයේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වන රිචඩ් ෆර්මන් ස්වෙච්ඡාවෙන්ම සංකිර්ණ තත්ත්වයේ හදවත් සැත්කම් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබිය.

    විශේෂයෙන්ම විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙක් මේ රටේ සේවය කිරීමට අනුමැතිය ලබාගැනීමේ දී තම මව් රටේ වෛද්‍ය සභාවෙන් ලබා ගන්නා සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට එම ප්‍රතිපත්ති ලේඛනයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා
    වෛද්‍ය කංචිත් සමරරත්න
    පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය කංචිත් සමරරත්න, "අපි මේ විරෝධතාව දක්වන්නේ පුද්ගලික කාරණාවකට නොවෙයි. 2012 වර්ෂයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තික සංගම් සමග පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් සහ ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙන විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් නියාමනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා," යනුවෙන් සඳහන් කළේය.

    "එහි දී විශේෂයෙන්ම විදේශීය විශේෂඥ වෛද්‍යවරයෙක් මේ රටේ සේවය කිරීමට අනුමැතිය ලබාගැනීමේ දී තම මව් රටේ වෛද්‍ය සභාවෙන් ලබා ගන්නා සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට එම ප්‍රතිපත්ති ලේඛනයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා."

    කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් සඳහා පැමිණෙන එංගලන්ත වෛද්‍යවරයකුට එංගලන්ත වෛද්‍ය සභාව නිකුත් කරන එම බලපත්‍රය (license to practice) නොමැති බව සඳහන් කළ වෛද්‍ය කංචිත් සමරරත්න, ඔහුට එම බලපත්‍රය 2015 වර්ෂයෙන් පසු සිය රටේදි ලැබී නොමැති බවත් දැනට එම වෛද්‍යවරයා විශ්‍රාම ලබා ඇති බවත් 67 වෙනි වියේ පසුවන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මතු කළ විරෝධතා හේතුවෙන් ඔහුගේ සේවය ලබාගැනීම තාවකාලිකව අත්හිටුවීමට රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක නියෝග කර තිබේ.

    කිසියම් වෛද්‍යවරයෙකුට බ්‍රිතාන්‍යය තුළ වෛද්‍ය වෘත්තියේ නිරතවීමට නම් ඔහු හෝ ඇය බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී, විශේෂ බලපත්‍රයක් ද ලබාගත යුතුය. එම බලපත්‍රය නොමැති පුද්ගලයන්ට බ්‍රිතාන්‍යය තුළ වෛද්‍ය වෘත්තියේ නිරතවීමේ බලය හිමි නොවේ.

    කිසියම් වෛද්‍යවරයෙකුට බලපත්‍රයක් හිමි නොවීම මගින් ඔහුට හෝ ඇයට එරෙහිව අපි කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බවක් ඉඟි නොකෙරේ
    බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව
    විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් ෆර්මන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටින නමුත් අදාළ බලපත්‍රය ලබාගෙන නැත.

    බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීමකදී බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ප්‍රකාශිකාවක කියා සිටියේ, බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ලියාපදිංචි වුවත් එසේ බලපත්‍රය ලබානොගැනීමට වෛද්‍යවරුන්ට විවිධ හේතු තිබිය හැකි බවය.

    එම වෛද්‍යවරයා විශ්‍රාම ගැනීම, තවදුරටත් බ්‍රිතාන්‍යය තුළ වෛද්‍ය වෘත්තියේ නිරත නොවීම වැනි කරුණු ඒ අතර තිබිය හැකි අතර, අදාළ වෛද්‍යවරයා තවදුරටත් වෛද්‍ය වෘත්තියේ නිරත නොවී වෛද්‍ය පර්යේෂණ කෙරෙහි යොමුවීම ද එයට හේතුවක් විය හැකි බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව පෙන්වා දෙයි.

    එහෙත් අදාළ බලපත්‍රය නොමැති වෛද්‍යවරයෙකුට බ්‍රිතාන්‍යය තුළ ඖෂධ නිර්දේශ කිරීමේ, මරණ සහතිකයක් නිකුත් කිරීමේ හෝ ජාතික සෞඛ්‍ය සේවය තුළ වෛද්‍යවරයෙකු ලෙසින් සේවය කිරීමේ හැකියාවක් නැත.

    දරු දිවි රැක්මට යළි පැමිණි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු
    කරාපිටිය රෝහලේ හද සැත්කම් ඒකකය 'වැසී යාමේ අවදානමක්'
    මේ අතර වෛද්‍ය කංචිත් සමරරත්න පවසන්නේ මෙම විදේශීය වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සිදුකළ සැත්කම් වලදී මරණ ඇතුළුව සංකුලතා වාර්තාවීම හේතුවෙන් ඔහුගේ සුදුසුකම් සම්බන්ධව සොයා බැලූ බවය.

    ඒ අනුව එම වෛද්‍යවරයා තවදුරටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කිරීම සඳහා පැමිණීම නීත්‍යානුකුල නොවන බැවින් එයට දැඩි විරෝධය දක්වන බව ද ඔහු පැවසීය.

    තමන්ට අදාළ වෛද්‍යවරයා සමග කිසිදු ගැටලුවක් නැතත්, මෙය ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බව වෛද්‍ය කංචිත් සමරරත්න වැඩිදුරටත් පැවසීය.

    කෙසේ වුවත් බලපත්‍රයක් ලබා නොගැනීම මගින් ඔහුට හෝ ඇයට බ්‍රිතාන්‍ය තුළ වෛද්‍ය වෘත්තියේ නිරතවීම තහනම් කර ඇති බවක් ගම්‍ය නොවන බව පෙන්වාදෙන බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව, අදාළ වෛද්‍යවරයාට අවශ්‍ය නම් යළිත් වරක් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි බවත් සඳහන් කරයි.

    එමෙන්ම බ්‍රිතාන්‍යය තුළ වෛද්‍ය වෘත්තියේ නිරතවීමේ බලපත්‍රයක් නොමැති වුව ද, විදේශයකදී සේවය කිරීම පිණිස එම වෛද්‍යවරයා අනුගමනය කළ යුත්තේ අදාළ රටේ සෞඛ්‍ය සේවයට බලපාන විධිවිධානය.


    http://www.lankadeepa.lk/latest_news/බ්‍රිතාන්‍ය-වෛද්‍යවරයාගේ-සැත්කම්-තාවකාලිකව-නවත්වයි/1-527551
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    67 mun testing methods use karawada danneth nha mehe awith mita kalin case eka adinna thibbe
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    67 මොන වයසක්ද නයින් වෙල්ස් හොස්පිටල් එකේ දොස්තර එන්නෙ හැරමිට්ටෙන් අවුලක් නෑ එම්බී බී එස් තියනවනෙ...​