බානුක ගෙ ආගම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    “වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
    ගණදුර වසන විට ආලෝකයෙහි නෙත
    සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
    එක් දෙවියෙක් නොවෙයි දාහක් එතන ඇත
    මාපිල් පිඹුරු හා පොළඟුන් සිටින තැන
    අලි කොටි වලස් මුළු කොළහල කරන තැන
    නිතරම ඔබ පුදන මේ අය හැඳින ගෙන
    බලවත් දෙවි තුමනි දිව රෑ රකිනු මැන
    සාගත වසංගත හා එන නියඟ වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙලින්
    එන මේ පිරිස සරසන්නට නුවණ මලින්
    පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්
    🔴
    සංහිඳ ළඟ බාරෙට කිරි ඉතිරීම
    කෙම්මුර දවස්වල පානින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම”
    අයියනායක: විමලරත්න කුමාරගම ශූරීන්
    **************************
    "වැඳ එන ගමන් කඳ,පත්තිනි දේවාලෙන්
    බුදු බණ දෙසන සැදැහැතියෝ ආරූඩෙන්
    මායිං නොකර තඹ සත පහකට තනියෙන්
    භානුක මචං උඹ තව ගහපං හයියෙන්"
    ✍️
    Dilshan Pathiratne
    *****************************************
    ඔය කියන තරම් යහපත් මිනිස්සු සුදනෝ මේ ලෝකේ හිටියනම් අද වගේ 21 වෙනිදාවක පාස්කුව සමරන්න ගිය අහිංසකයන්ව පවුල් පිටින් අමු අමුවේ ඝාතනය කරන්නේ නෑ..
    😑

    මිනිසෙකුගේ මූලික අයිතිවාසිකමක් තමන් කැමති ආගමක් ඇඳහීම. ඒ ආගමෙන් වෛරය නොව ප්‍රේමය වපුරන්නේ නම්,‍යුද්ධය වෙනුවට සාමය පතුරන්නේ නම් ඒ ආගම කුමක් වුවද කම් නැත.
    ✝️
    ☸️
    🕉
    ☪️
    ☮️

    ජේසු පිහිටයි!තෙරුවන් සරණයි!
    🙏
    ❤️