බාබකියු උදුනකින් නිකුත් වූ විෂ දුම...

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බාබකියු උදුනකින් නිකුත් වූ විෂ දුම...


    coup.jpg

    බාබකියු උදුනකින් පිටවූ විෂ දුම ආඝ්‍රාණය කිරීම නිසා විවාහ ගිවිසගෙන සිටි තරුණ යුවළක්‌ මියයැමේ සිද්ධියක්‌ නුවරඑළියේ සංචාරක නිකේතනයකින් වාර්තා විය.

    මෙසේ මියගොස්‌ ඇත්තේ යක්‌කල පදිංචි විරාඡ් චින්තක මුදන්නායක (24) හා බොනෑගල පදිංචි අමාලි රාජපක්‍ෂ (23) යන තරුණ යුවළය.

    මොවුන් දෙදෙනා ඉකුත් 16 වැනිදා සිය හිතවතුන් සමඟ නුවරඑළියේ විනෝද චාරිකාවකට ගොස්‌ ඇත. එහි නිවාඩු නිකේතනයක පැවැති රාත්‍රි සාදයෙන් අනතුරුව එයට යොදාගත් බාබකියු උදුන මේ යුවළ තම කාමරය තුළට ගෙන ඇත්තේ අධික සීතලෙන් මිදීම සඳහාය.

    couple3.jpg
    මෙම බාබකියු උදුන සඳහා යොදාගෙන ඇත්තේ ගල්අඟුරුය. කාමරය තුළට ගැනීමෙන් පසු එහිදී මේ උදුනෙන් නිකුත් වූ කාබන් මොනොක්‌සයිඩ් වායුව ආඝ්‍රාණය වීම නිසා මේ යුවළ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇති බව අමාලි රාජපක්‍ෂ මෙනෙවියගේ මල්ලී වන අමල් රාජපක්‍ෂ "දිවයින" ට පැවැසීය.

    මොවුන්ගේ විවාහ උත්සවය 2012 මැයි මාසයේ පැවැත්වීමට නියම කරගෙන තිබිණි. ඒ විරාඡ් තරුණයාගේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුවය. මියයන විට විරාඡ් එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසර ශිෂ්‍යයෙකි.

    මේ යුවළගේ අවසන් කටයුතු අද (20 දා) සිදුකෙරේ.
    http://www.divaina.com/2011/04/20/news08.html

     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    paw bn..eyth marila thiyenney mooda widihata.....poddak sihi kalpanawa thibba nam ..oww kohomath outdoor karanney hethuwak athuwa...monawa unath paw....
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Oya wagema wela ban Thawa amma kenekui duwekui meruna Nuwara eliyedi.. Poodalu oya da koheda kiyala peththaka Hotel ekaka