බාබකියු සහ සෙක්ස්
මිනිස්සුන්ට ජීවත්වෙන්න මොනවද අත්‍යවශ්‍ය කියල ඇහුවොත් ඔයාල මොකද කියන්නෙ? මම නම් කියන්නෙ කෑම සහ සෙක්ස්. එච්චරයි. ඇඳුම්, ගෙවල්, ටී.වී. නැතුව ජීවත්වෙන්න පුළුවන්නේ. හරි, අපි පිළිගනිමු ටී.වී එකත් අත්‍යවශ්‍යයි කියල. එහෙම නැත්නම් ඉතින් කෑම සහ සෙක්ස් තමයි. නමුත් මොනව හරි හේතුවකට සෙක්ස් කියන එක නිකං නරක දෙයක් කියල තමා කවුරුත් හිතන්නෙ. සමහරවිට දෙවියන් වහන්සෙ රිපබ්ලිකන් කාරයෙක් වෙන්න ඇති. කවුරු හරි කියල ඇති ‛‛යන්න, තම වර්ගයා බෝ කරන්න. හැබැයි මහ රෑට විතරයි. ඊට කලින් ඔක්කොම දොරවල් ජනෙල් හොඳට වහලා, ලයිට් සේරම නිවලා..”
නමුත් කෑම සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රධාන පෙළේ ක්ෂීරපායී සත්තුන්ගෙ නරක් වේගෙන යන මස් අගේට පුච්චගෙන කන්න පුළුවන් වගේම කිසිම ල’ජාවක් නැතුව යාළුවො නෑදෑයො රොත්ත බුරුත්තම එකතු කරගෙන මහ දවාලෙ ඒක කරන්නත් පුළුවන්. ”මචං, අපි ඉරිදට සෙට් වෙමුද? අපි ඌරෙක් මරල, ඌව කපල, පුච්චල, බාබකියු කරල කමු. ළමයින්වත් එක්ක එන්න. අපි හොඳ ජොලියක් දාමු.”
මම මේ නිකමට කියන්නෙ. කොහොමද මේ දෙකේ තැන් මාරු කළොත්. නිකම් හිතමුකො දෛවයේ සරදමකින් වගේ සෙක්ස් කියන එක හොඳ දෙයක් වෙලා කෑම නරක දෙයක් වුණොත්? අපේ මුළු ලෝකෙම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වේවි. කෑම කියන වචනය කුණුහරුපයක් වෙයි.
ඔයා එක්ක මිනිස්සු කේන්ති ගියාම දැන් කොහොමද ඒ ගොල්ලො ඔයාට බනින්නෙ කියල මතක් කරගන්න. ඉස්කෝලෙ ළමයින් කේන්ති ගිය වෙලාවට තමන්ගෙ යාළුවන්ට බනින විදිය ගුරුවරු ඇර අපි කවුරුත් දන්නවනේ. ඒත් කෑම කියන වචනය කුණුහරුපයක් වුණොත් උන් මෙහෙම බනියි: ‛‛ආ, එහෙමද? අනේ නිකං කන්නෙ නැතුව පලයන්.”
පාරෙ යන රස්තියාදුකාරයො ඔයාව කේන්ති ගස්සන්න ඇඟිල්ල වෙනුවට හැන්ද හරි ගෑරුප්පුව හරි උස්සලා පෙන්නයි.
කොල්ලො එකතු වුණාම මේ වගේ රහස් කතා කියනවා ඇහෙයි. ‛‛කොහොමද මචං වීක් එන්ඩ් එක?” ‛‛කියල වැඩක් නෑ මචං, නියම වල් ඌරුමස් ටිකක් හම්බ වුණා. සුපිරි.” ‛‛අඩ්ඩෝ නියමයිනෙ.”
සුපර් මාකට් වලින් චිකන් ගන්න යන උදවියගේ අයිඩෙන්ටිටි කාඩ් චෙක් කරල අවුරුදු 21ට වැඩිද කියල බලාවි.
අහු මුළුවල හැංගි හැංගි බාබකියු දාන අය අල්ලන්න පොලීසියේ දූෂණ මර්දන කණ්ඩායම් කඩා පනීවි. ‛‛ඒයි, හෙල්ලෙන්න එපා. ඔය මස් කෑල්ල බිම දාලා අත් දෙක උස්සල යටත් වෙනවලා..” කියාවි.
ගණිකාවන් හැටියට කටයුතු කරපු උදවිය කෝකියො බවට පත් වේවි. ‛‛ආ මහත්තයා, උණු උණු කෑම ටිකක් තියෙනවා. එන්න මහත්තයා, කකුළුවො ටිකක් කාල බලමුද?”
මූලධර්මවාදී ක්‍රිස්තියානි භක්තිකයන් මස් සහ අර්තාපල් අල ආහාරයට ගැනීමට එරෙහිව ආගමික තහංචියක් දමාවි.
තම කෑම සමඟ සෙල්ලම් කිරීම පවක් බවත්, එසේ කළොත් ඔවුන්ගේ ඇස් අන්ධ වන බවත් දෙමව්පියන් ළමයින්ට කියා දේවි.
ටිකක් හිතල බලන්න, අපි සභ්‍යයි, හොඳයි කියල හිතන දේවල් එක වෙලාවකදි අසභ්‍ය වුණොත්, අපි අසභ්‍යයි, නරකයි කියල හිතන දේවල් එක පාරටම සභ්‍ය වුණොත් අපේ ලෝකය මොනතරම් වෙනස්කම් ගොඩකට මැදි වෙනවද, අපේ ජීවිත මොනතරම් විපර්යාසයකට බඳුන් වෙනවද කියලා…අපි ඒ වගේ දෙයක් අදහන්න දරාගන්න සූදානම්ද? අපි හදාගෙන ඉන්න රාමුවෙන් පිට අපිට හිතන්න පුළුවන්ද