බාර් එකේදි මුන ගැහුන බයිස්කෝප් මෑන්

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    බාර් එකේදි මුන ගැහුන බයිස්කෝප් මෑන්

    හීනියට ෂොට් එකක් දාගන්න කියල හිතාගෙන ඔන්න මම ගියා හැන්දෑ යාමෙක සුපුරුදු ‍පොට් එකකට‍. බාගයකුත් අරගෙන අනුමත වෙන අතරෙ දැක්ක ටීවී එකේ දැකල පුරුදු ඩයල් එකක් තනියම ටේබල් එකක ඉන්නව. හෑ! ‍මෑන් තමයි ලඟදිත් චැනල් එකකට ඇවිල්ල හිටියෙ..... හොඳ බ්‍රෑන්ඩ් එකකින් බෝතලයක් අරගෙන බොනව. බෝතලේ අඩුවෙච්ච ටික බැලුවම නං මෑන් හොඳ සිහියෙන් වෙන්න බෑ. කෝකටත් මම ලඟට ගියා.

    "ම්....මේ උදයකාන්ත වර්ණසූරිය මහත්තය නේද?"

    එයා ඔලුව උස්සල බැලුව. මූණ හරියටම උන්මත්තකයෙකුගෙ වගේ වෙලා තිබුන. මොකක් හරි අවුලක් නං වෙන්න ඕන. නැත්තං මෙහෙම වෙන්න විදියක් නෑ.

    "මේ උදයකාන්ත අයිය නේද?" මම ආයෙත් ඇහුව. මොකුත් නොකිව්ව එයා වාඩිවෙන්න කියල අතින් සංඥා කලා. මම වාඩිවුනා.

    "මොකෑ මේ තනියම..... අප්සට් එකකින් වගේ?"

    "වැඩක් නෑ මල්ලී......" මෑන් කිව්වෙ අඬන්න වගේ.

    "ඇයි මොකද්ද කේස් එක?"

    "මගේ අලුත් එක......" හෝ හෝ මට දැනුයි මතක් වෙන්නෙ. ‍කොස්තාපල් පුඥ්ඥසෝම එකේ අධ්‍යක්ෂක නිෂ්පාදක මෙයා නෙව! කොහොම උනත් නොදන්න බව පෙන්නන්න හොඳ නෑ...

    "කොස්තාපල් පුඥ්ඥසෝම නැගල යනව ඇති නේ මේ දවස් වල....?....මාත් නෝනයි දරුවයි එක්ක බලන්න යන්නයි ඉන්නෙ....." ඒ ගමන මෑන් මගේ දිහා බැලුවෙ මම කරන්නෙ විහිළුවක්ද නැද්ද කියල හිතාගන්න බැරුව වගේ.

    "හුහ්...නැගල!"

    "ඇයි ඔ‍බතුමාගෙ ෆිල්ම් පාඩුවෙලා නෑනෙ මෙතෙක්..."

    "නමුත් මේ සැරේ වැරදුනා මල්ලී.... හොඳටෝම වැරදුනා....."

    "ඇයි අයියේ පෝලිමේ ඉන්න උනාද ගොඩක් කල්?"

    "අපි කවද්ද බං පෝලිමේ හිටියෙ! පෝලිං ස්කිප් කරන සාත්තරේ මම දන්නැතෑ!"

    "එහෙනං.... සෝම ඇන්ටිගෙ මණ්ඩලේ අවුලක්ද?"

    "නෑ බං.... එයාගෙ මණ්ඩලේ පාවිච්චි කරන්නෙ කොච්චර කල් ඉඳලද"

    "එහෙනං? වෙන කොමඩියක් ඇවිල්ලද?" ඒකට මෑන් ඔලුව උස්සල මගේ මූන බැලුව.

    "හා..... ටෙනිය හරි බන්දු හරි එකක් දාලද?"

    "ම්හු"

    "නැත්තං මේ රටේ සිද්ධවෙන ජෝක් නිසා ජෝක් ෆිල්ම් බලන්න මිනිස්සු නැද්ද?" අන්න ඒ ගමන නං එයාගෙ මූනෙ හීන් හිනාවක් ඇඳුන.

    "අන්න හරි! මල්ලි ලඟටම ආව.... මම මේක දැම්මෙ වැරදි කාලෙක..... ඒකෙන් වෙන්නෙ තව අවුරුදු ගානකට මගේ වැඩ හිරවෙන එකයි...."

    "මට නං තාමත් එච්චර....."

    "එස්එස්පී කෙනෙක් දවස ගානෙ ටීවී එකට ඇවිල්ල ඉල ඇදෙන ජෝක් කරද්දි කොස්තාපල් කෙනෙකුගෙ ජෝක් බලන්න සල්ලි වියදං කරන්නෙ කවුද බං!"


    10361592_767242416629427_7836630964904921091_n.png



    හොදයි නම් සලකල යන්න...:lol::lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    "එස්එස්පී කෙනෙක් දවස ගානෙ ටීවී එකට ඇවිල්ල ඉල ඇදෙන ජෝක් කරද්දි කොස්තාපල් කෙනෙකුගෙ ජෝක් බලන්න සල්ලි වියදං කරන්නෙ කවුද බං!"

    හිනා කාලා නැරෙනවා ඕයි.. හිනාවුන සද්දෙට ගෙදර මිනිස්සුත් දුවන් ආවා :lol::lol::lol::lol:

    rep+++
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    නැකැත් රාල;16716159 said:
    හිනා කාලා නැරෙනවා ඕයි.. හිනාවුන සද්දෙට ගෙදර මිනිස්සුත් දුවන් ආවා :lol::lol::lol::lol:

    rep+++

    thanks macho :):)