මේකට අදාළ නැති වුනත් බාර ගැන මට උන පොඩි අද්දැකීමක් කියන්නම්.අපේ පළවෙනි වාහනේ ගත්ත දවස.මමයි අප්පච්චීයි අම්මයි අප්පච්චීගෙ යාලුවෙකුයි ගියේ වාහනේ අරන් එන්න.බ්‍රෑන්ඩ් නිව් නෙවේ සෙකන්ඩ් හෑන්ඩ්.යාලුවා තමා වාහනේ අරන් ආවේ.අප්පච්චිටත් ඒ කාලෙ ඩ්‍රයිවිං හොඳට බෑ.මටත් ලයිසන් නෑ.ඔන්න යාලු අංකල් කීවා දැන් වාහනේ අරන් ගියාට පස්සෙ ඉක්මනටම කතරගම යන්න කියලා.අම්මත් ඒක ස්ථිර කරා.මම කොහොමත් ඕව විශ්වාස කරන්නෑ.අප්පච්චිත් එහෙමයි.එයා කීව ඔය මගුල් වල යන්නෙ නම් නෑ ඕන නම් ගමේ පන්සලට ගිහින් එමු කියලා.එහෙම කියල මීටර් 100ක් ගියෙ නෑ වාහනේ මිස් කරල නැවතුනා පාර මැදම.කරකියා ගන්න දෙයක් නෑ.මොනව කරත් ස්ටාට් වෙන්නෙ නෑ.වාහනේ කලින් අයිතිකාරයත් ගෙන්නුවා.ගරාජ් එකක පොරකුත් ආවා.මොනව කරත් වාහනේ නෝ හෙල්ලුම්.ඔය වෙලාවෙ අර යාලු අංකල් අපේ අම්මට කීවා නංගි මම කියනවට කතරගම දෙවියන්ට බාරයක් වෙන්න කියල පොරම කාසියකුත් සෝදල දුන්න.රෙදි කෑල්ලක් තිබ්බෙත් නෑ සුදු ඒෆෝ එකක කාසිය ඔතල බාර වෙලා ඒක ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ.ඊට පස්සෙ අංකල් අප්පච්චීට කීව දැන් ස්ටාට් කරපං කියල.එක පාරයි ගැහුවෙ යස අගේට ස්ටාට් උනා.ඊට දවස් දෙකකට පස්සෙ අපි කතරගම ගියා.