Thailand (Bangkok) Tour (Beginner's Guide A-Z) - Part 1

tha123

Well-known member
  • Mar 4, 2015
    6,183
    1
    5,958
    113
    ගොඩක් අය කතා වෙලා තිබ්බ ලගදිත් ත්‍රෙඩ් ගියා අලුත් එලකිරියේ වැදගත් වටිනා ලිපි නැහැ කියලා... මමත් මේකෙම මගෙ අතින්ම කොටපු ලිපි 3,4ක් විතරයි තියෙන්නේ... තව ලියන්න හිටපු හැබැයි ඇකඩමික් වැඩ නිසා බැරිඋන ගොඩක් ත්‍රෙඩ් ලියන්න හිතේ සෑහෙන තියෙනවා... ආපහු පරන කිරියට ආරම්භයක් ගන්නත් එක්ක ත්‍රෙඩ් එකක් ලියන්න හිතුනා..

    ඇත්තටම මේක ලියන්නේ මේ අවුරුදු 2කට කලින් ගියපු Thailand tour එකක් අපි ගියා bangkok වලට... විශේෂත්වේ තමා මේක මම සහ පවුලේ අය ගියපු පලමු foreign tour එක වගේම, පලමු එක වෙලත් පැකේජ් නැතුව 100%ක්ම මමම තනියෙම organize කරපු එකක් වීම:yes:

    ඉතිම් මේ ත්‍රෙඩ් එකෙන් මම පලවෙනි පාරම රට යන කෙනෙක්ට උනත්(මගෙත් පලවෙනි එකනේ) කරන්න ඕනෙ පිලිවෙල a-z කියල දෙන්න යන්නේ..:D දැන්නම් කොවිඩ් හින්දා හැමෝම ගෙදර හිටියත් ලගදිම මේ ප්‍රශ්න ඉවර උනහම මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි කියල හිතනවා..:yes:

    ඔන්න එහෙනම් කතාවට බහිමු..

    [ P.S.- thread එක ගොඩක් දිග උනා.. ඒ නිසා මේක part 1 විදිහට බැංකොක් වලින් බහිනකම් වෙන්න ඕනෙ ටික a-z විස්තර කරල තියෙනවා.. එහෙ ඇවිදපුවා part 2 විදිහට හෙට අනිද්දම දාන්නම්. ]



    මුලින්ම කියන්න ඕනේ අපි පවුලේ හතර දෙනා එකට රට ට්‍රිප් එකක් ගිහින් නැති(අප්පච්චි තනියම ගිහින් තියෙනවා) නිසා අප්පච්චි තමා කිව්වේ එකක් යමු කියලා.. කියල කොල්ලට තමා වැඩේ බාර දුන්නේ... :D

    මෙන්න මෙහෙමයි එහෙනම් වැඩේ වෙන්න ඕනෙ පිලිවෙලෙ.
    1. Passport හදන එක.
    2. Air ticket + Hotel booking
    3. Apply Visa
    4. Sightseeing Booking
    5. Fly to Bangkok (immigration process)

    මුලින්ම ගමන් ප්ලෑන් එක කියල ඉන්නම්කෝ...

    මේකනම් මම තනිකරම කරේ කිරියේ පරන ත්‍රෙඩ් කියවපු එකයි, නෙට් එකයි, යූටියුබ් එකයි බලලයි... කිරියෙත් තිබ්බා beginner guide කියල මේ විදිහටම a-z දාපු ත්‍රෙඩ් එකක්.. ඒහ් දැන් මට ඒක හොයාගන්න බැරි උනා.. කවුරුහරි දැක්කොත් මේකට ඒකෙ ලින්ක් එක දාන්න.. අය මම bangkok ගැන සම්පූර්න විස්තර හෙව්වේ https://www.hotels.com/go/thailand/bangkok මෙන්න මේ සයිට් එකෙන්.. ඒ දවස්වලනම් මේක මාරම පිලිවෙලයි, දැන්නම් ඒකෙ ඇපියරන්ස් එක අලුත් කරාට පස්සෙ මට සයිට් එක අවුල් හැබැයි...:dull:

    ගමන් ප්ලෑන් කරද්දි වැදගත්ම දේ තමා පුලුවන් තරම් LRT පාවිච්චි කරන එක.. අඩු වියදමින් හැමතැනම් යන්න පුලුවන්.. ඊලගට හොදම එක තමා Grab Taxi.:yes: (uber තායිලන්තෙ නැහැ).. LRT use කරන නිසාම තමන් නවතින තැන LRT station එකකට පයින් යන දුරක තියෙන hotel එකක් book කරන්න අමතක නොකර..

    ගමන් ප්ලෑන් එක ගැන කියනවනම් අපි මුලින්ම දවස් 4ක් යන්න හිටියේ.. හැබැයි අම්මගේ නිවාඩු කේස් එකක් වෙලා visa ගන්න පරක්කු වෙලා ඒක දවස් තුනක් කරන්න උනා:sorry: මේකෙන් 60k පාඩුවක් පවා උනා.. ඒ ටික පස්සෙ කියන්නම්...

    ඔන්න එහෙනම් මෙහෙමයි ගමන් ප්ලෑන් එක
    (ආහ් අපේ ගෙදර අය relax එකේ ඉන්නවට වඩා කොහෙහරි ගියහම පුලුවන් තරම් ඇවිදින්න කැමති.. ඉතිම් ඒ විදිහට/ අර දවස් 4; දවස් 3 කරන්න උන නිසා තමා ගමනට මෙහෙම busy පෑලෑන් එකක් හැදිල තියෙන්නේ)

    Day 1
    Arrival to Bangkok
    Tha grand palace + Temple
    Baiyoke Sky Hotel
    Madame Tussauds Wax Mueseum
    Visit High-end shopping malls

    Day 2
    Dream World
    China Town

    Day 3
    Chatuchak Weekend Market
    Departure from Bangkok

    දැන් එහෙනම් පිලිවෙලට වැඩේ වෙන විදිහ කතා කරගෙන යමු..


    1. Passport හදන එක.

    මේකනම් කියන්න ඕනේ immigration එක තමා ලංකාවේ මම දැකපු ලස්සනටම වැඩ කරන ආයතනේ... මෙච්චරයි බන් කරන්න තියෙන්නේ website එකට ගියා.. application form එක download කරා.. ඒක හරියට fill කරලා sign කරා.. ඒකට අමුනන්න ඕනේ birth certificate, marriage certificate එහෙම කියල තියෙන විදිහට අමුනගත්තා.. ඊට පස්සෙ දැන් studio එකෙන් photo එක ගන්න ඕනේ.. ඒකට අනුමත studio තියෙනවා.. ඒකෙත් list එක website එකේ තියෙනවා.. බලල ඒකකට ගියහම් උන් photo එක ගානට ගහලා උන්ම තමා immigration database එකට upload කරන්නේ.. අපිට දෙන්නේ receipt එකක්..

    අපිට තියෙන්නේ ෆිල් කරපු ෆෝම්ස් සහ රිසිට් එක අරන් වැඩ කරන දවසක immigration office එකට යන්න විතරයි.. මමනම් කොලඹ නෙවෙයි ඒ හින්දා අපිට ලග වවුනියා එක.. ඒකට ගියේ.. photo ගහන්න අමතක උනානම් අවුලකුත් නැහැ එතනත් ගහගන්න පහසුකම් තියෙනවා.. අය කියන්න ඕනේ පාස්පොර්ට් එක හදන්න ඕනෙ ඔක්කොමල යන්න ඕනේ.. පවුලෙ 4 දෙනාටම හදනවනම් හතර දෙනාම යන්න ඕනේ... අපි ගියෙ වවුනියා එකට උදේ 8ට ඇතුලට ගියේ.. ඔක්කොම ඉවරවෙලා 10 වෙද්දි එලියට ආව:)

    ගනන් ගැන කිව්වොත් අපි කරද්දි normal service 2500යි, oneday 10000යි... දැන්නම් හැබැයි ම්තක විදිහට normal service 3000යි, oneday 25000යි:sorry: කොහොමත් හදන passport එක අවුරුදු 10ක් valid නිසා අන්තිම මෝහොතේ හදන්නේ නැතුව කල්තියා හදාගන්න.. එතකොට සෑහෙන ගානක් ඉතුරු වෙනවා..:yes: අපි හැදුවෙත් normal service.. website එකේනම් තිබ්බේ සති 2න් එනවා කියලා.. හැබැයි අපිටනම් එන්න මාසයක් ගියා.. අවුලක් නැහැ ඉතිම් කල්තියා කරගත්තනේ අනික සෑහෙන ගානක් ඉතුරුනේ.. register post එකේම ගෙදරට එන්නෙත්..:yes:

    20210407_110901.jpg



    2. Air ticket + Hotel booking

    Air ticket + Hotel booking දෙවෙනියට දැම්මේ මේ දෙක නැතුව visa apply කරන්න බැහැ.. ඒ නිසා visa apply කරන්න කලින් මේ දෙක book කරල ඒ රිසිට් වල print out visa application එක්ක අමුනල යවන්න ඕනෙ.. Air ticket ගැන කිව්වොත් අපි book කලේ findmyfare එකෙන්.. මෙන්න මේ වෙලාවට ඔය උබලට තියෙන හැම credit card එකකම offers check කරල පබලපන්.. අපිත් එහෙම බලල findmyfare එකෙන් book කරේ.. ටිකට් එකක් 47500යි උනේ.. මේ මිල 2019 සැප්තැම්බර්.. thai season එක පටන් ගන්න කාලෙ නිසා ටිකට් ගාන පොඩ්ඩක් වැඩී අනිත් එක අපි book කලේ යන්න මාසෙකට කලින්.. තව කලින් book කරානම් තව අඩුවෙන් ගන්න පුලුවන්.. එත්කොට hotel book කරේ booking.com එකෙන්...

    ආහ්හ් මතක් කරල මේව book කරද්දි refundable/ free cancelation වලින් book කරපන්.. මොකද බැරිවෙලාවත් visa reject උනොත් ඔය සල්ලි ඔක්කොම වතුරේ යනවා..


    3. Apply Visa

    visa ගැන කියනවනම් කරන්න ඕනෙ විදිහ a-z thai embassy website එකේ තියෙනවා.. form ටික down කරලා හරියට පුරවලා ඉල්ලන ඩොකියුමෙන්ට්ස් එක්ක වෙබ්සයිට් එකෙන්ම appointment එකක් දාල තමන්ටම ගිහින් visa හදාගන්න පුලුවන්.. හැබැයි මෙතන පොඩි අවුලක් ආවා අපිට, ඒක තමා තමන් තනියෙන් කරනවනම් visa ගන්න ඔක්කොම embassy එකට යන්න ඕනේ.. ඉතිම් අපිට මෙහෙ ඉදල හතර දෙනාටම නිවාඩු දාන් එන එක තේරුමක් නැති නිසා visa හදන එක විතරක් අපි travel agent කෙනෙක්ට දුන්නා.. එතකොට අපි යන්නෙ ඕඔනේ නෑ agent තමා අපි වෙනුවෙන් කොලඹ යන්නේ.. වීසා වලට ඒ දව්ස්වල ගියේ එක්කෙනෙක්ට 6000යි.. agent හරහා කරපු නිසා agent fee එකකට 2000.. අපිට ගියෙ එකකට 8000යි..

    අපිට උනා පස්සෙ කියන්නම් කිව්ව 60000 පාඩුව
    මම පස්සෙ කියන්නම් කිව්ව එක; මෙතනදි තමා අපිට අර කිව්ව 60000ක පාඩුව ආවෙ..:( මෙතන උනේනම් අපේ වැරැද්දක් සහ පරක්කුවක්.. මෙතන උනේ අම්මගෙ නිවාඩු කේස් එකක් නිසා visa හදන වැඩේ පරක්කු කරන්න උනා.. (ඔන්න කිව්වා අම්ම/තාත්තා/අයියා අක්කා/නංගී මල්ලි වයිපරේ හරි teaching නම් කරන්නේ ලොවෙත් උබට රට යන එක එපා වෙනවා:growl: මුන්ගේ නිවාඩු අනුමත කරගන්න අපි සති 2ක් කටු කෑවේ.. හෙනම file මිටි 3ක් අරන් සති දෙකක් කලාපෙ අස්සට රින්ගුවා.. යන යන පාර මොකඛරි ලබ්බක් අඩුයි වැරදියි කියනවා:angry:) ඔය ටික ඉවර කරලා visa හදන්න යනකොට යන්න දාගෙන තිබ්බ දිනේට තිබ්බේ හරියටම සති 3යි..:dull: මෙතනදි උනේ visa form agentට දුන්නට පස්සෙ thai embassy appointment එකක් දාන්න බලද්දි අර thai season පටන්ගන්න ලග නිසා appointment ඔක්කොම full. මෙතන ලොකුම අවුල උනේ උන් passport එක අරන් දවස් තුනකින්ද කොහෙද visa ගහල ආපහු දෙන්නේ.. අන්න ඒ ආපහු දෙන දිනේ වැටුනේ හරියටම අපි යන්න book කරපු දවසට පහුවදා:sorry:

    දැන් කාල වරෙන්කෝ..:( agent කිව්වා date change කරන්න කියලා මොකද එහෙම නැත්තම් උන් application එක බාරගන්නෙත් නැතුව reject කරනවා.. දැන් අවුල උනේ date change කරන්න බැහැ අප්පච්චිට පස්සෙ ලොකු වැඩක් වැටුනා... දැන් ගෙදර ඔක්කොම අඩනවා අපේ කුලුදුල් රට සවාරිය හබක්:( ඊට පස්සෙ අප්ප්ච්චි තීරනේ කලා දව්ස් 4 ට්‍රිප් එක එකක් අඩු කරල යන්න හිටපු දවස්ට පහුවදා යන් කියලා.. ඒකත් visa reject උනොත් සල්ලි වතුරේ කියන risk එක අරන්.. (agent නම් කිව්වේ salary proof එකත් එක්ක visa එකනම් reject වෙන්නෙ නැහැ කියලා.. ඒත් පලවෙනි ගමන නිසා අපේ හිතේ ලොකු බයක් තිබ්බ්බ ඉතිම්)

    දැන් තමා අර 60000 ලොස් එක උනේ.. date change කරන්න යද්දි flight ticket ගනන් ගිහින් එකක මිල 15000කින් වැඩී... හතරදෙනාට 60000යි..:sorry: යනවා කියල තීරනය කරපු නිසා ඕන මගුලක් කියලා date change කරා... දෙවියෝ බලල වගේ ඉතිම් visa වැඩෙත් අවුලක් උනේ නෑ හැබැයි..

    මෙතනින් ඉගනගත්ත දේ තමා යන්න මාසෙකට එක හමාරකට කලින්වත් visa apply කරපන්..🙏
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,183
    1
    5,958
    113
    4. Sightseeing Booking

    visa වැඩෙත් ජහරි ගියාට පස්සේ කරන්න තියෙන්නේ අපි යන්න ඉන්න මේ තැන් book කරන එක.. ඒකට හොදම site එක තමා https://www.klook.com/ කියන්නේ..:yes: මාත් හොයාගත්තේ කිරියෙන්ම තමා:) අය කියන්න ඕනෙ වැදගත්ම එක තමා Thailand වල ගිහින් එතනින් ටිකට් ගන්නවට/ official site එකෙන් ගන්නවට වඩා මෙහෙම agent කෙනෙක්ගෙන් ගන්න එක ලාබයි.. මම බොරු කියන්නෙ කියල හිතෙනවනම් ඔයාලට official site එකයි klook එකයි compare කරල බලන්න පුලුවන්... අනිත් එක මේ klook එක බය නැතුව recommend කරනව මොකද අපිට මේකෙන් book එකක්වත් අවුල් උනෙත් නෑ වගේම klook එකෙන් book කරන අයට යන්න වෙනම xpress ticket පෝලිම් පවා තියෙනවා..


    5. Fly to Bangkok (immigration process)

    අන්තිමට කරන්න තියෙන්නෙ යන එක තමා:P මේකෙදි කියන්න තියෙන්නේ ඉතිම් passport එකයි air ticket print කරපු එකයි.. hotel booking confirmation mail එක print කරපු එකයි එක එක්කෙනාට වෙන වෙනම අරන් යන්න තියෙන්නේ.. අය යන්න කලින් මතක් කරල online check-in වෙන්න.. එතකොට airport එකේ counters වල රස්තියාදු වෙන්න ඕනේ නෑ.. check-in වෙනවා කිව්වේ සරලව ඕන seat එක තෝරන එක.. ඒක තමන් තෝරගත්ත airline එකේ website එකෙන් කරන්න පුලුවන්.. අපිනම් sri lankan ගත්තේ... sri lankan එකේ online check-in open කරනවා ගමනට පැය 48ක්ට කලින්.. ගෙනියන බෑග්වල තියෙන්න පුලුවන්/ බැරි දේවල් ඔක්කොම airline site එකේ තියෙනවා.. ඒව කියවලා බලන්න..

    ඔන්න එහෙනම් මුලින්ම airport එක ඇතුලට ගියා.. මුලින්ම යන්නේ visiting area එකට.. එතන්ට ඕන කෙනෙක්ට යන්න පුලුවන්.. ඊට පස්සෙ check කරන තැනකින් ඇතුලට air ticket තියෙන අයට විතරයි යන්න පුලුවන්.. එතකොට මුලින්ම හම්බෙන්නේ සල්ලි මාරු කරන තැන් ටික.. airport එක ඇතුලේ ඔක්කොගෙම මිල එකයි.. කැමති එකකින් කරගන්න.. ඊට පස්සේ check-in වෙන තැන, එතනට බෑග් බාරදීල ඉස්ස්‍රහට යද්දි පොඩි කොලයක් පුරවන්න තියෙනවා.. ඒක පුරවගෙන ඊලගට immigration එක.. එතනින් අපි රටෙන් එලියට ගියා කියලා seal එක ගහනවා.. ඊට පස්සෙ ඉතිම් duty-free එක:P ආහ් කියන්න අමතක උනා කන්න බඩගිනිනම් duty free එකෙන් කන්න එපා.. එක ගිනි ගනන්:lol: ඇතුලට යන්න කලින්තියෙනවා staff canteen එකක්.ඒකෙන් ලාබෙට කන්න පුලුවන්:lol:

    එතනින් පස්සෙ announce කරන විදිහට ගිහින් ප්ලේන් එකට නැග්ගට පස්සේඑ ඉතිම් පැය 3.5කින් අපි bangkok වල:D එතනදි තියෙන්නේ ප්ලේන් එක බාද්දි පොඩි කොලයක් දෙනවා, ඒක ප්ලේන් එකෙන්ම පුරවන් යන්න.. පස්සෙ බෑවට පස්සේ එහෙ immigration එක.. උන අර ප්ලේන් එකෙන් දුන්න කොලෙයි, පාස්පොර්ට් එකයි, අර මම ප්‍රින්ට් කරගන්න කිව්ව return air ticket confirmation & hotel booking confirmation බලල seal එක ගහල එලියට දාන්වා...:P

    එච්චර තමා බන් විස්තරේ.. පලවෙනි පාර හෙනම බය හිතුනට මහලොකු දෙයක් නැ බන්..:)


    .................................................................................................................................................................................................................................................................
    ඔන්න එහෙනම් කාලෙකට පස්සේ පැය2.5ක් ටයිප් කරල දිග නූලක් දැම්මා..🥵🥵🥵🥵.

    මේ මුල් කොටස guide එකක් නිසා a-z දැම්මේ.. සැහෙන වෙලා ගියා බන් ටයිප් කරන්න... ඒ නිසා නැවතුන හෝටලේ & එහෙ ඇවිදපුවා photo එක හෙට අනිද්ද දිහාට කෙටියෙන් දාන්නම්....



    පරණ threads
    One day Budget Train Journey to Jaffna (යාපනේට කෝච්චියෙන්)
    Peacock Hill, Pussellawa (මොනරගල)
    Kabaragala Peak -Dolosbage
    hiking threads නම් ගොඩක් ලියන්නත් තියෙනවා.. වෙලාව තියෙන විදිහට හිමේට ලියන්නම්කෝ...

    එහෙනම් අපි කැපුනා.. දැන් rep නැහැහේ:( තියෙන like එකක් දීලා, bump එකක් දාල සප් එකක් දෙන්න එහෙනම්:)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,183
    1
    5,958
    113
    Photos nathuwa wedak na 😑
    part 2 eke photos ekka ehe awidpuwa danv..


    patta machan. mamayi wifuyi 2019 turkey giya. denata ratawal 21 gihin thiyenawa
    wow pttane:love:


    TFS

    Iskola niwadu kaleth Oya Teachers lata leave approve karaganna oneda ban?


    Travel insurance ekak oneda?
    pothe hatiyatanm one.. hbai apith gihin awata psse dngththe gdk scl teachersla niwadu kale horenlu rata ynne oya mgul file wade krnna karadara nisaa.. hbai ithm kwuruhri pethsmak ghuwath iwarai:dull:

    smhr countries wltnm insurance aniwaryai.. but thailand wlta one nha..
     
    • Like
    Reactions: dayt0na