බාර ගැන

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    ඔන්න උඹලට ප්‍රශ්න ටිකක්. උත්තර දියල්ල හරියට

    උඹට වාහනයක් තියනවද?
    වාහනේට අවුරුද්දට රක්ෂණ ගාස්තු කියක් ගෙවනවද?
    වාහනේ ගත්තු ගමන් දේවාලෙකට හරි කොහේ හරි ගිහින් පුජවට්ටියක් etc. තියල බාරයක් උනාද?
    බාර උනේ මොකක් සදහාද?

    1. බාර වුනේ ආරක්ෂාවට නම්, බාර වීමෙන් පසු අනතුරු සිදු උනෙම නැද්ද?
    බාර වීම පිළිබද විශ්වාසයි නම් (දෙවියෝ ආරක්ෂා කරනවා කියල) රක්ෂණය දාල තියෙන්නේ 3rd party ද?[අවම 3rd party ඕන නිසා නීතියෙන්]
    1. නැත්තම් බාරය + full insurance ද?
    2. full insurance දැම්ම නම් බාර උනේ මොකටද? හැම අවුරුද්දෙම සල්ලි ගෙවන්නේ අපරාදේනේ
    බාර වීමෙන් පසු අනතුරක් සිද්ද උනා නම්,
    1. අනතුරෙන් පසු ගෙවීමක් කලේ දෙවියෝද, insurance එකෙන්ද?
    2. නැත්තම් දෙවියෝ insurance එකට කතා කරලා claim එක set කරලා දුන්නද?

    බාර වීමේ ලොජික් එක හෝ වාසිය මොකක්ද?

    තාව ප්‍රශ්න අවොත් update කරන්නම්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වාහනයක් තියනවද? ඔවු

    වාහනේට අවුරුද්දට රක්ෂණ ගාස්තු කියක් ගෙවනවද? මතක නෑ

    වාහනේ ගත්තු ගමන් දේවාලෙකට හරි කොහේ හරි ගිහින් පුජවට්ටියක් etc. තියල බාරයක් උනාද? අපෝ දේවාල ගානෙ වැරදිලාවත් යන්නෑ

    බාර උනේ මොකක් සදහාද? බාර උණේ නෑ
    1. බාර වුනේ ආරක්ෂාවට නම්, බාර වීමෙන් පසු අනතුරු සිදු උනෙම නැද්ද? බාර උණෙත් නෑ, ලොකු අනතුරු වෙලත් නෑ
    බාර වීම පිළිබද විශ්වාසයි නම් (දෙවියෝ ආරක්ෂා කරනවා කියල) රක්ෂණය දාල තියෙන්නේ 3rd party ද?[අවම 3rd party ඕන නිසා නීතියෙන්]
    ඔවු 3ඩ් පාටි
    1. නැත්තම් බාරය + full insurance ද? 3ඩ් පාටි ඉන්සුවරන්ස් විතරයි
    2. full insurance දැම්ම නම් බාර උනේ මොකටද? හැම අවුරුද්දෙම සල්ලි ගෙවන්නේ අපරාදේනේ බාර වෙලත් නෑ ෆුල් ඉන්ෂුවරන්ස් දාලත් නෑ
    බාර වීමෙන් පසු අනතුරක් සිද්ද උනා නම්,
    1. අනතුරෙන් පසු ගෙවීමක් කලේ දෙවියෝද, insurance එකෙන්ද? එකෙක්වත් නෑ
    2. නැත්තම් දෙවියෝ insurance එකට කතා කරලා claim එක set කරලා දුන්නද? දෙවියන්ගෙ කන්ටෑක්ස් ගැන අදහසක් නෑ

    බාර වීමේ ලොජික් එක හෝ වාසිය මොකක්ද? මං දන්නවෑ

    තාව ප්‍රශ්න අවොත් update කරන්නම් හා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    බාර වෙලත් නැහැ වෙන්නෙත නැහැ
    ෆුල් ඉන්ශූරන්ස් දාල තියෙන්නෙ.

    මොකක් හරි උනොත් ඩිරෙක්ට්ලිම දෙයියොන්ව කන්ටැක් කරන්න විදියක් නැහැනේ ඒකයි සීන් එක, ඉන්ශුරන්ස් කම්පැනි එහම නෙමයි උන්ගෙ හොට් ලයින් එක තියනවා සුටුස් ගාල කන්ටැක් කරතහැකි.
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    හොඳ ප්‍රශ්නයක්. සමහර එවුන් ඉන්නවා, හෙන නිරා ටෝක්ස් දුන්නට බාරේ ගැට ගහල තියෙන්නේ. 🙈

    ලංකාවේ ඉද්දි වාහන තුනක් use කළා 2007 ඉඳල 2017 වෙනකල්. තුන් වෙනි එක විතරයි බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. එකකටවත් බාර වුනේ නැහැ දේවාල, පන්සල් වල ගිහින්, අඩු ගානේ අලුතෙන් ගත්තු එකටවත්. දෙවියෝ විශ්වාස කලත් කපුවෝ (මිනිස්සු) විශ්වාස කරන්නේ නැහැ. :-D . දෙවියෝ විශ්වාස කරනවා කියන්නේ, එයාලගේ existence එක විශ්වාස කරනවා මිසක්, බාර වුනාම දෙවියෝ අපිට උදව් කරනවා කියන විශ්වාසය නෙවෙයි. අනිත් එක, කපුවන්ට (මිනිස්සුන්ට) බනින්න ඕන එකට දෙවියන්ට බනින්නත් එපා.

    දිගටම ෆුල් insurance දාල තිබුනේ.
     
    • Like
    Reactions: sannsa and CloudX64

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,869
    1
    9,116
    113
    මේකට අදාළ නැති වුනත් බාර ගැන මට උන පොඩි අද්දැකීමක් කියන්නම්.අපේ පළවෙනි වාහනේ ගත්ත දවස.මමයි අප්පච්චීයි අම්මයි අප්පච්චීගෙ යාලුවෙකුයි ගියේ වාහනේ අරන් එන්න.බ්‍රෑන්ඩ් නිව් නෙවේ සෙකන්ඩ් හෑන්ඩ්.‍යාලුවා තමා වාහනේ අරන් ආවේ.අප්පච්චිටත් ඒ කාලෙ ඩ්‍රයිවිං හොඳට බෑ.මටත් ලයිසන් නෑ.ඔන්න යාලු අංකල් කීවා දැන් වාහනේ අරන් ගියාට පස්සෙ ඉක්මනටම කතරගම යන්න කියලා.අම්මත් ඒක ස්ථිර කරා.මම කොහොමත් ඕව විශ්වාස කරන්නෑ.අප්පච්චිත් එහෙමයි.එයා කීව ඔය මගුල් වල යන්නෙ නම් නෑ ඕන නම් ගමේ පන්සලට ගිහින් එමු කියලා.එහෙම කියල මීටර් 100ක් ගියෙ නෑ වාහනේ මිස් කරල නැවතුනා පාර මැදම.කරකියා ගන්න දෙයක් නෑ.මොනව කරත් ස්ටාට් වෙන්නෙ නෑ.වාහනේ කලින් අයිතිකාරයත් ගෙන්නුවා.ගරාජ් එකක පොරකුත් ආවා.මොනව කරත් වාහනේ නෝ හෙල්ලුම්.ඔය වෙලාවෙ අර යාලු අංකල් අපේ අම්මට කීවා නංගි මම කියනවට කතරගම දෙවියන්ට බාරයක් වෙන්න කියල පොරම කාසියකුත් සෝදල දුන්න.රෙදි කෑල්ලක් තිබ්බෙත් නෑ සුදු ඒෆෝ එකක කාසිය ඔතල බාර වෙලා ඒක ඩෑෂ් බෝඩ් එක උඩ තිබ්බ.ඊට පස්සෙ අංකල් අප්පච්චීට කීව දැන් ස්ටාට් කරපං කියල.එක පාරයි ගැහුවෙ යස අගේට ස්ටාට් උනා.ඊට දවස් දෙකකට පස්සෙ අපි කතරගම ගියා.🤭
     
    Lol. Kasiya ayin kalama aye wahane nawathunada?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හොන්ඩා කාර් එක ගන්නකොට මැනුවල් එකේම තිබ්බා දෙයියොන්ට බාර වෙලා මිරිස් කරල් ටිකයි දෙහිගෙඩි එල්ලුවේ නැත්නම් එයාර්බෑග් වැඩ කරන්නෙ නෑ කියලා.😩😩
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මම හොන්ඩා කාර් එක ගන්නකොට මැනුවල් එකේම තිබ්බා දෙයියොන්ට බාර වෙලා මිරිස් කරල් ටිකයි දෙහිගෙඩි එල්ලුවේ නැත්නම් එයාර්බෑග් වැඩ කරන්නෙ නෑ කියලා.😩😩
    Honda dewiyatada?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,553
    8,299
    113
    එහෙම රූල් එකක් නෑ මචන්
    සේරම මිනිස්සු කරන්නේ අසරන උනාම
    පිහිටක් නැති තැනදි දෙවියෝ මතක වෙනව සාමාන්යෙන්
    ඇත්තටම දෙවියෝ කියන්නේ අපේම කරපු හොද නරකම
    තමා ඒකට අපි දෙව්යෝ කියල කියනව වෙන්නත් පුලුවන්. තමන් කිසිම
    කෙනෙක්ට කරදරයක් නොකර තමන්ගේ දෙයක් කරන්
    පිනක් දහමක් කරන් ඉන්න කෙනෙක් නම් කවදාවත් බය වෙන්න එපා.
    තමනගේ පව් පින් තමන් පස්සෙන් එනව හොද දෙවල් දෙවියන් විදිඅයට කල පව් ප්‍රබල නම් පින් ටික ප්‍රයෝජන වෙන්නේ නැති වෙන්න
    පුලුවන්,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාහන ගැන සම්භන්දයක් නෑ. මම බාරහාර වෙලා නෑ මොකද මාව කිසි දෙයියෙක් බලන්නේ නෑ. කිසි විශ්වාසයක් තිබුනෙත් නෑ. මෑතකදී ජිවිතේ එක පාරක් හරි තැනක බාරයක් වුනා වැදගත්ම වැඩකට. ඒ සම්භන්දව ආපු ප්‍රශ්න කවදාවත් නැති විදියට කිසි අපහසුවකින් තොරව ලස්සනට විසඳිලා ගියා. සමහර තැන්වල හිතාගන්න බැරි ප්‍රශ්න ආවා. ( උදාහරනෙකට මම ගියපු රජයේ ආයතනයක උසස් නිලධාරිනියක් කිසිම හේතුවක් නැතිව මාව දැකලා මගේ ළඟට දුවන් ඇවිත් මාත් එක්ක වලියක් දාගත්තා පස්සේ ඒ ප්‍රශ්නේ නිසාම මට විසඳගන්න බැරි ප්‍රශ්නයක් ඒ ගෑනුකෙනාගේ ලොක්කා විසඳලා දුන්නා) ඇත්තටම හැරිලා බැලුවම එතනට ඒ ප්‍රශ්නේ ආවේ නැත්නම් මට අවසාන විසඳුම එන්නේ නෑ.

    ඇත්තටම බාර හාර වෙලා හරි මෙහෙම වැඩ වෙනවනම් ජිවිතේ පට්ට ලේසියි.
     
    පව් පින් බන්
    කෙහෙවත් නැති ගල් පතුරකුත් බුදු හාමුදුරුවන්ට ආවේ