බාලවයස්කාර දැරියන්ගේ.......

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බාලවයස්කාර දැරියන්ගේ.......

    [FONT=&quot][/FONT]සමාජ විමර්ශන සදහා පමණි. ‍යනතම් තමයි upload කරේ.rep ++

    බාලවයස්කාර දැරියන්ගේ ගැබ් ගැනීම් 15ක් ජනවාරි මාසයේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වාර්තා කරයි. මෙම ගැබිනි දැරියන් වයස අවුරුදු 14 – 16 අතර වන බව ද ඔවුන් පිළිබඳ වාර්තා වී ඇති ප්‍රදේශ කීපයක් ලෙස වව්නියාව, බද්දේගම, ගම්පහ, අලව්ව, ගම්පොළ, ඇල්පිටිය, පිටිගල, ලුණුවිල, වෙන්නප්පුව, අවිස්සාවේල්ල, ග්‍රෑන්ඩ්පාස් නම් කර තිබේ.


    දරුවෙකු බිහිකිරීමට යෝග්‍ය නොවන වයසේ පසුවන තිස්‌ දහසක්‌ පමණ වසරකට ගැබ් ගන්නා බව සමීක්‍ෂණයකදී හෙළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.


    වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන් ගැබ් ගැනීමට සුදුසු මානසික මට්‌ටමකින් හා දරා ගැනීමේ හැකියාවකින් යුක්ත නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


    මෙසේ අඩු වයසින් ගැබ් ගන්නා දැරියන් දෙස සමාජය බලන්නේ වපර ඇසින් වන අතර නියත වශයෙන් ම ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ. බොහෝ විට විවාහ ජීවිත ද අසාර්ථක වන අතර බොහෝ දැරියන්ගේ ජීවිත මුළුමනින්ම කාලකන්නි වී යයි.


    මේ තත්වය වළක්වා ගැනීම සඳහා එක් මාර්ගයක් වන්නේ නව යොවුන් වියට එළඹෙන දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දීමයි. විශේෂයෙන් ම උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නව යොවුන් වියේ දරුවන්ට ලබා දීම වැදගත් වේ.


    මේ එක් මාර්ගයක් මිස එක ම මාර්ගය නො වේ. අධ්‍යාපනයට, ජනමාධ්‍යවලට හා පවුල් සබඳතාවලට ද මෙහිදී විශාල වගකීමක් පැවරේ. සමාජ ආකල්පවල වෙනසක් ද අවශ්‍ය ය.


    වසරකට තිස් දහසක් දැරියන්ගේ ජිවිත අඩු වයස් ගැබ් ගැනීම් නිසා අඳුරු වීම සරළ ප්‍රශ්නයක් නො වේ.


     
    • Like
    Reactions: GAC

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මියො මෙච්ච්ර ගානක්:shocked:
    නිසිඅද්‍යාපනයක් නැති කමයි නොදැනුවත් කමයි තමයි මෙකට මුල:angry:
     

    ripe

    Banned
    Feb 6, 2011
    131
    6
    0
    මේක හරිම ස්වභාවික සිද්ධියක් කියලයි මට හිතෙන්නේ.හැම රටකම මේකෙ තියෙනවා.බටහිර රටවල සහ මුස්ලිම් රටවල මේක හුඟක්ම වැඩියි.මේක ලංකාවට විතරක් තියෙන එකක් නෙවෙයි. ඉංදියාවෙත් කොච්චර මේ වගේ දේවල් වෙනවද?
    බාලවයස්කාර කියන්නේ අවුරුදු 16ක්ලු.මේක අවුරුදු 14ක් වෙන්න ඕනී.එතකොට මේ ලමයි මේක කරපු අයට කසාද බන්දලා දෙන්න ඇහැකිනේ.මේවා සමහර පොඩි කෙල්ලන්ට අවුරුදු 14-16 දී අධික කාමාශාව ඇති වෙන නිසාලු වෙන්නේ. ඒක පරිණාමයේ කොටසක්.මොකද අතීතයේ මිනිස්සු අවුරුදු 30-35 වෙන කොට මැරෙනවා.ලෙඩ වලට බෙහෙත් තිබුනේ නෑ.අනතුරු වැඩියි. ඒක නිසා මේ අය ඉක්මනින් ගැබ් කරලා ජීවය පැතීමට ඇති වුන දෙයක්. අවුරුදු 16 කියන්නේ තරුනියන්ගේ අධි කාමශක්ති කාලය.නමුත් අවුරුදු 30ට පස්සේ මේක නැති වෙනවා.හැබයි මේක අඩු කරන්න එන්නතක් හෝ බෙහෙතක් සොයා ගත්තනම් හොඳයි.මේක මුලු ලෝකෙම සිදුවෙන ස්වභාවික දෙයක්.සුදු තරුනියන් අතර මේක හුඟක්ම ඉහලයි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බුදු පියානන් දෙශනා කර පරිදි.ලෝකය පිරිහෙන්න පටන් ගත් විට මිනිසුන් ගේ ජිවන කාලය අඩුවෙන්නේය...ඉන් පසු අනාගතයේදි මිනිසුන් අදික කාම අශාවෙන් හා රගයේන් තෙරපෙන්නේය..පුංචි ගැහැනු ලමයි ස්වාභාවිකව වැඩිවියට පත්වන්නට පෙරම කැමති පරිදි මිනිසුන් හා සන්වාසයේ යෙදි ඝර්භනි තත්වයට පත්වේ දූ දරුවන් වදා ඔවුන් සමග ජිවත් වේ.

    පැල ගස්වල මල් වාගේ ඔවුන් ඔවුන්ගේ කාමාශාවන් සපුරා ගනි....පැල ගස්වල ගෙඩිවගේ ඔවුන් ඔවුන්ගේ දරුවන් සමග වාසය කරයි.......
    වර්තමානය ලෝකයේ මෙවන්නක් දැක ගත හැක
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බුදු පියානන් දෙශනා කර පරිදි.ලෝකය පිරිහෙන්න පටන් ගත් විට මිනිසුන් ගේ ජිවන කාලය අඩුවෙන්නේය...ඉන් පසු අනාගතයේදි මිනිසුන් අදික කාම අශාවෙන් හා රගයේන් තෙරපෙන්නේය..පුංචි ගැහැනු ලමයි ස්වාභාවිකව වැඩිවියට පත්වන්නට පෙරම කැමති පරිදි මිනිසුන් හා සන්වාසයේ යෙදි ඝර්භනි තත්වයට පත්වේ දූ දරුවන් වදා ඔවුන් සමග ජිවත් වේ.

    පැල ගස්වල මල් වාගේ ඔවුන් ඔවුන්ගේ කාමාශාවන් සපුරා ගනි....පැල ගස්වල ගෙඩිවගේ ඔවුන් ඔවුන්ගේ දරුවන් සමග වාසය කරයි.......
    වර්තමානය ලෝකයේ මෙවන්නක් දැක ගත හැක

    kosol rajathuma dhutu shina 16 1k anagathaya gana kiyanwa ada a dewal wenawa