බාලවයස්කාර දැරියන්ගේ.......
[FONT="][/FONT]සමාජ විමර්ශන සදහා පමණි. යනතම් තමයි upload කරේ.rep ++
බාලවයස්කාර දැරියන්ගේ ගැබ් ගැනීම් 15ක් ජනවාරි මාසයේ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වාර්තා කරයි. මෙම ගැබිනි දැරියන් වයස අවුරුදු 14 – 16 අතර වන බව ද ඔවුන් පිළිබඳ වාර්තා වී ඇති ප්‍රදේශ කීපයක් ලෙස වව්නියාව, බද්දේගම, ගම්පහ, අලව්ව, ගම්පොළ, ඇල්පිටිය, පිටිගල, ලුණුවිල, වෙන්නප්පුව, අවිස්සාවේල්ල, ග්‍රෑන්ඩ්පාස් නම් කර තිබේ.
දරුවෙකු බිහිකිරීමට යෝග්‍ය නොවන වයසේ පසුවන තිස් දහසක් පමණ වසරකට ගැබ් ගන්නා බව සමීක්ෂණයකදී හෙළවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
වයස අවුරුදු 20 ට අඩු කාන්තාවන් ගැබ් ගැනීමට සුදුසු මානසික මට්ටමකින් හා දරා ගැනීමේ හැකියාවකින් යුක්ත නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙසේ අඩු වයසින් ගැබ් ගන්නා දැරියන් දෙස සමාජය බලන්නේ වපර ඇසින් වන අතර නියත වශයෙන් ම ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ. බොහෝ විට විවාහ ජීවිත ද අසාර්ථක වන අතර බොහෝ දැරියන්ගේ ජීවිත මුළුමනින්ම කාලකන්නි වී යයි.
මේ තත්වය වළක්වා ගැනීම සඳහා එක් මාර්ගයක් වන්නේ නව යොවුන් වියට එළඹෙන දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දීමයි. විශේෂයෙන් ම උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධයක් නව යොවුන් වියේ දරුවන්ට ලබා දීම වැදගත් වේ.
මේ එක් මාර්ගයක් මිස එක ම මාර්ගය නො වේ. අධ්‍යාපනයට, ජනමාධ්‍යවලට හා පවුල් සබඳතාවලට ද මෙහිදී විශාල වගකීමක් පැවරේ. සමාජ ආකල්පවල වෙනසක් ද අවශ්‍ය ය.
වසරකට තිස් දහසක් දැරියන්ගේ ජිවිත අඩු වයස් ගැබ් ගැනීම් නිසා අඳුරු වීම සරළ ප්‍රශ්නයක් නො වේ.