බාලවයස්කාර පෙම්වතියට මිනී මරාගනියි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    මේ මොකත මේහ් වෙන්නේ...🤔

    නොසිතූ මොහොතක බාලවයස්කාර පෙම්වතියව දුටු පෙම්වතා ට ඉවසීමේ සීමාව පනී



    වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කඩවත ප්‍රදේශයෙන් වාර්තා විය.

    කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබෙන අතර එහිදී ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.‍

    පොලීසිය පැවසුවේ ඊයේ (22) අලුයම කඩවත ප්‍රදේශයේ කුලී පදනම මත නැවතී සිටි කාමරයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුවී ඇති බවය.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි රාජු මධුශංක නමැති තරුණයෙකි.

    ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව අනාවරණය වී ඇත.

    ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    බාලවයස්කාර දැරිය නැවතී සිට ඇත්තේ එම කුලී කාමරයේය.

    එහිදී පළමු පෙම්වතා සමග ඇය සිටිනු දැකීමෙන් ඝාතනය සිදුකළ අදාළ තරුණයා එම මාරාන්තික ප්‍රහාරය එල්ල කළ බව පවසා තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසියට වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ පෙරේදා රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී පළමු පෙම්වතාව දැකීමෙන් එම සම්බන්ධතාවය ඇය යළි ආරම්භ කර තිබෙන බවය.

    පසුව දෙදෙනාම ඇය නැවතී සිටි බෝඩිම් කාමරය වෙත පැමිණ තිබේ.

    ඒ පිළිබඳව ආරංචිවීමෙන් පසු ඝාතනය සිදුකළ අදාළ තරුණයා ඇය නැවතී සිටි බෝඩිම වෙත ඊයේ අලුයම 3ට පමණ පැමිණ ඇත.

    එහිදී දෙදෙනාව දැක කෝපයට පත්වූ එම තරුණයා මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

    බාලවයස්කාර දැරිය පරිවාස භාරයේ සිට ඉන් පැන ඇවිත් මෙලෙස කුලී කාමරයක නැවතී සිට ඇති බවද අනාවරණය වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඝාතනය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පොලීසියට පාපෝච්චාරණය කර තිබුණි.

    කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    කෝ බං අර ලංකාවේ සංස්කෘතියද මොකක්ද කියන ඵක..මම දන්න බුවෙක් ළමයි අරන් ඕසි යන්න තිබ්බ චාන්ස් ඵක මිස් කරගත්ත ළමයි ඒ රටවල් වලට අරන් ගියොත් ඒ ළමයින්ව හරියට හදාගන්න බැරි වෙයි කියලා..සංස්කෘතිය ලෙප්ට්🤭
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    snatch-london.gif
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    කෝ බං අර ලංකාවේ සංස්කෘතියද මොකක්ද කියන ඵක..මම දන්න බුවෙක් ළමයි අරන් ඕසි යන්න තිබ්බ චාන්ස් ඵක මිස් කරගත්ත ළමයි ඒ රටවල් වලට අරන් ගියොත් ඒ ළමයින්ව හරියට හදාගන්න බැරි වෙයි කියලා..සංස්කෘතිය ලෙප්ට්🤭
    උඹ ඔය කියන එක එන්නෙ සමාජෙන් වත් ජීවත්වෙන රටෙන් වත් නෙමේ.. ඒක එන්නෙ ගෙවල් වලින්, දෙමව්පියන්ගෙන්.. දෙහි ගස්වල දෙහි හැදෙනව මිසක් කවදාවත් ඇපල් හැදෙන්නෙ නෑ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    උඹ ඔය කියන එක එන්නෙ සමාජෙන් වත් ජීවත්වෙන රටෙන් වත් නෙමේ.. ඒක එන්නෙ ගෙවල් වලින්, දෙමව්පියන්ගෙන්.. දෙහි ගස්වල දෙහි හැදෙනව මිසක් කවදාවත් ඇපල් හැදෙන්නෙ නෑ.
    Can’t agree 100%. Society does play a role. In a first world country, parents would have much less control over their children.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පවු බන් ඌ හෙන වීරකමක් කරා වගේ කියන්නේ. ඕකාට පොලිසියට ගියාට පස්සේ තේරේයි.
    දැන් ඉන්න පොඩි එවුනුයි. පාර්ලිමේන්තුවේ නාකි පකාලයි නිකන් වඩෙයි වලාකුලුයි වගේ.