බාල ඩීසල් සහ අඳ බාල ඇමතිවරු..... -
ඉස්සර අපේ පැත්තේ සරු කඩයක් තිබුනේය. අයිතිකාර මුදලාලි බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙකි. උඩු රැවුලක්ද තිබුනේය. කොයි වෙලාවෙත් සාලුවක්ද කරේ දමාගෙන සිරියේය. මුදලාලි දැක්කාම බඩ කට විතරක් නොව, ගත සිතද පිනාම යනවාය. ඒ තරමට සීදේවීය. මුදලාලිගේ පී. ආර්. එකද මොකක්ද එක මාරම මාරය. එක බඩුවක් ගන්න එන එකා මුදලාලිගේ කීමට තව බඩු ගන්නවාය. මුදලාලිටත් ආතල්ය. අපටත් ආතල්ය.
මුදලාලිට හිතවත් සේවකයෝත්, විහිළුකාර සේවකයෝත්, කරා සේවකයෝත්, මුදලාලිට හොඳ මුහුණ පෙන්නා එයාගේ වැරදි කිය කියා යන සේවකයෝත් යන නා නා වර්ගයේ සේවක සේවිකාවෝ මේ කඩේ සිටියෝය. මුලින්ම, වේලී වේලි තිබුන කඩ අපේ මුදලාලි අල්ල ගත්තේය. ඒ කියන්නේ සල්ලි වලට ගත්තේය. අනේ අර වේලෙන කඩ අයිති වෙලා උන්න මුදලාලිලාත් දැන් අපේ මුදලාලිගේ සේවකයෝය. උන් මේ මුදලාලි කියන ඕනම දෙයක් කොරනවාය. ඒ කිව්වේ 4 පෝයට සිල්ගත්ත බංකොලොත් මුදලාලිලා දැන්, අපේ මුදලාලිගේ බාර් එකේ වැඩය. ඒත් ඉතින් පරණ පුරුදු විදියටම නැතුව, පුර පසොලොස්වකටනම් තවමත් සිල් ගන්නවාය. අනිත් පෝය තුනට සීල් විකුණනවාය.
අහල පහල කඩවල වල උන්න හොඳම සේවකයෝ දැන් අපේ මුදලාලිගේ සුවච කීකරු ගෝලයෝය. ඒ කඩවල් වල මුදලාලීලා ඉන්න සේවකයෝ බේරගන්න මාරම කට්ටක් කනවෝය. "අනේ මගේ බල්ලවත් යන්නේ නෑ" කියන එකා බල්ලත් අතරමං කොරලා, අපේ මුදලාලි ලඟට එනවාය. මුදලාලිත් ළොකු ළොකු පෝස්ට් එහෙම එන උන්ට දෙනවාය. දැන් අර මුලින් උන්න සේවකයන්ට වඩා අළුත් උන්ට සලකනවා වැඩිය. මේ නිසා පරණ උන් ඉන්නේ කලකිරිලාය. ඒ උනාට අනිත් කඩවලට යන්න බයය. උන් කලේ වැඩ කරන ගමන්ම බිසිනස් එක පාඩු කරන වැඩය. එතකොට මුදලාලි බංකොලොත් වෙනවාය. සීනී වලට වතුර, ගම්මිරිස් වලට ගස්ලබු ඇට, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු, අරක්කු වලට වතුර, හාල් වලට ගල්, යනදී වශයෙන් පී ඇච් අයි මහතුන් විසින් සහතික කරණ ලද, කළු කඩ ගේම් ඇප්ලයි කොලේය. එහෙම කොරලා අපේ මුදලාලි නැති බංගස්ථාන කොරලාම දැම්මේය.
ඒ දිග කතාව කෙටියෙන් කිව්වේ මේ ආන්ඩුවත් ඒ වගේම නිසාය. හැමදාම මයික් ටයිසන් වගේ මයික් කන්නම එන "බාල ඉන්ධන" අද ප්‍රෙස් කොන්ෆරන්ස් එකට ආවේ නැතිය. උන්දැට ඇමති කම් කොරන්න බෑ කියලා පෙන්නුවේ අද ඊයේ නෙමේය. මේ අධ්‍යාපනය විනාශ කිරීමේ පියා උන්නෑහේය. වාද බයිලා වලට නම් මරුය. ඕනම දේකට අවුරුදු 20 කටත් එහා අලි පාටියේ උන් පට්ට ගහනවාය. එදා ඉඳන් කලේ ඕක විතරය. ප්‍රෙස් කොන්ෆරන්ස් එකට ආපු දත් දෙක මැද හිලක් තියෙන මෙලෝ රහක් නැති එකා අපෙන් අහන්නේ මේකට ඇමති පලිද කියාය. අපිට ඉතින් අහන්න තියෙන්නේ, එහෙනම් මේකට පලි ඇමතිගෙ අම්මද කියාය. මේ මැතිවරණයක් අස්සේත් මුන් බය නැතුව මේ හොර වැඩ කරන්නේ ලොක්කා මුන් බේරන නිසාය. ඔහොම බේරන්න ගිහින් ලොක්කාටත් කෙලවෙනකන් දන්නේම නැතිය.
බ්ලැක් ලිස්ට් කොරපු කොම්පැනියකින් බාල ඩීසල් ගේන්න, එක්කෝ මුන්ට පිස්සුය. උපරිම ලාබ ලබන්න ඕන තැනක් බංකොලොත්ය. ඒ මදිවාට මුන් ඒක නැති කරලාම යන්න යනවාය. බාල පෙට්‍රෝල් ගෙනැත් ඒවාට වන්දි ගෙව්වේත් පාරීභෝගික අපමය. හෙජින් කෙළලා, ඒවා නොගෙව ඉඳලා දැන් පොළිත් එක්කම ගෙවන්න වෙලාය. එහෙම තියෙද්දි දැන දැනම කුණු ගේන්නේ, මුන්ගේ ඔලු කුණු වෙලා ඇතිය. හරි නම් වලිය අදින්න ඕනේ වෙල්ගම ලොක්කාය, උන්නැහේගේ කෝච්චි ඇන්ජිනුයි, බසුයි, ෆිල්ටර් නැතුව මග හිටලාය. පුළුවන්නම් හැම කෝච්චියේම යනවා වගේ කොලොන්නාවේ කෝච්චියටත්, පංචිකවත්තේ අයියලා සෙට් එකත් එක්ක ගොඩ උනානම් හොඳය.
මේ ඇ මැටියාට මේක කොරන්නත් බැරිනම්, මළදානේ, දුවන්නෙත් පාඩු පිට නම්, ආන්ඩුවේ නමත් කැත වෙනවානම්, කොරන්න තියෙන්නේ කමිටු පත් කොරන එක නෙමේය. අයි ඕ සී එකට විකුණලා, හෙජින් බෙජින් ණය ටික ගෙවා ඉතුරු එකක් ඇත්නම්, අඹේවල පැත්තේ හරක් ගොවිපලක් පටන් අරන්, ඇමතියි නිළධාරි ටිකයි පට්ටි දාන්න යවන එකය. කරුමේ කියන්නේ මුන්ට ඒකවත් හරියට කොර ගන්න පුළුවන්ද වෙයි කියාය. එහෙම බැරි උනොත් ඉතින් ඒකටත් ලොක්කාගේම පිහිටය.