මැතිවරණ දුෂණ කියා කියූ පමණින් මේ ලියනට යෙදෙන පෝස්ටුව දේශපාලන ගණයට වැටෙන්නාවු පෝස්ටුවක් වශයෙන් සිතා පෝස්ටුව නොකියවා මගහැරීම අනුවණකමක් වන්නේ මේ ලියවන්නේ එහෙව් ආකාරයේ දේශපාලන ලියවිල්ලක් නොවෙනා නිසාය. අම්බලන්ගොඩ කතා කියවනා සමහරක් පාඨකයින්ට දේශපාලනය යන මාතෘකාව නයාට අදුකොල වාගේ බව අම්බලන්ගොඩයා දන්නවාය. එහෙත් මෙලොවට උපන් සත්වයකු වශයෙන් සෑම පුද්ගලයකු තුලම දේසපාලනයක් තිබෙන්නට ඕනෑය. ආදී කාලයේ පටන් මේ දක්වාම පෘතුවි ගෝලයේ කබොල්ල මතුපිට ජීවත්වන සෑම සියලු සත්වයකු තුලම දේශපාලනයක් තිබෙනවාය. එව්වා සවිස්තරව විචාරයට භාජනය කිරීමට ගියහොත් පාඨක බහුතරයක් අම්බලන්ගොඩයාගේ මවු දෙමවුපියන්ට පින් පෙත් දෙන්නට වන නිසා එම ලිපිය මෙහිලා ලියන්නේ නැතිය.
පෘතුවි ගෝලයේ කබොල්ල ගැන ලියන්නට යෙදුනාවූ නිසා ඒ සම්භන්ධව භෝම පොඩි දෙයක් ලියනට ඕනෑමය. අම්බලන්ගොඩයා පුංචි එකා සන්දියේ හිතන් උන්නේ අපි ජීවත් වන්නේ පෘතුවි ගෝලයේ ඇතුලේ කියාය. පාසලේ එක වසරේ උන් කාලයේ අම්බලන්ගොඩයාගේ මෑණියන් පෘතුවි ගෝලය සහ අපි ඉන්නා තැන අම්බලන්ගොඩයාට කියාදීමත් සමගම අපි ජීවත් වන්නේ පෘතුවි ගෝලයේ කබොල්ල මත වග වටහා ගන්නවාය. එහෙත් දින කිහිපයක් යනතුරු අම්බලංගොඩයා පොළොවේ පය තබා අවිද්දේද බයෙන් බයෙන් වාගේය. ඒ මන්දයත් පෘතුවි ගෝලය වටේට කරකැවෙන අල්ලපනල්ලේ ලංකාව තිබෙනා පැත්ත පහලට කරකැවී ගියහොත් පෘතුවි ගෝලයෙන් පහලට වැටේදෝ කියා භයටය.
පෘතුවි ගෝලයේ කබොල්ල ගැන කියන්නට ගොස් පොස්ටුව කැලේ පනින්නට යන නිසා නැවතත් අදාළ පෝස්ටුව ලියාගෙන යනවාය. එහෙත් පෘතුවි ගෝලය ගැන ආතල්ම කෑල්ල තිබෙන්නේ සූර පප්පා කාර්ටුනයේය. ඒ කුමක්ද යත් සීසර්ගේ ගෝලයින් ගෝල් දේශයේ වැසියන් කිහිපදෙනෙකු අල්ලාගෙන ඔවුන්ව ලෝකේ ගැට්ටෙන් පල්ලෙහාට තල්ලුකර දමන්නට එක්කන් යන කෑල්ලය.
අම්බලන්ගොඩයා කුඩා සන්දියේ මැතිවරණයක් යනු ඇඟ කිලිපොලායන භයානක කාල පරිච්චේදයක්ය. මැතිවරණය දිනය ලං ලං වෙත්ම අතේමිටේ ඇති එවුන් වාගේම අතේමිටේ නැති එවුන්ද හාල් සිල්ලර ටිකක් කුස්සියේ ගබඩා කරගන්නේ මැතිවරණය දා සවසට ක්‍රියාත්මක වන්නාවූ ඇඳිරි නීතිය දින කීයකින් අවසන් වේදැයි කියා හරිහැටි නොදන්නා නිසාය. එහෙව් කාල වලදී ගමේ ගොඩේ සිල්ලර වෙළෙන්දන්ට රජ මගුල්ය. ඇඳිරි නීතියට කලියෙන් ඉදිරිපස දොරෙන් කෙරෙනා වෙළඳාම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේදී කෙරෙන්නේ පස්සා දොරෙන්ය. ඒ සාමාන්‍ය මිලට නොවේය. වැඩි මිලටය. වෙළඳ භාණ්ඩයේ නියමිත මිලෙන් රුපියල් කිහිපයක් වැඩිපුර අල්ලනා මුදලාලිලා ඉතුරු මුදල් දෙද්දීද තවත් රුපියල් කිහිපයකට විදින්නේ උන්දෑලාට එවන් දෑ සඳහා විශේෂ ප්‍රාගුන්‍ය තිබෙනා නිසාය. ඇඳිරි නීති වේලාවන්හීදී පාරිභෝගිකයින් ඉතුරු සල්ලි ගණන් කරන්නට රැඳෙන්නේද නැතිය. ඇඳිරි නීතිය අතරේ ප්‍රධාන පාරවල් මගහරිමින් වැටවල් වලින් පනිමින් කඩේට පැමිණෙන එවුන්ට ඉතිරි මුදල් ගනන් කරන්නට නිනව්වක් නොමැති වග කඩ මුදලාලිලා ඉන්තේරුවෙන්ම දන්නවාය.
මැතිවරණයට කලින් මැතිවරණ උණ, සන්නිපාතය තරමටම වැළඳී තිබෙනා අයවලුන් රතිඥ්ඥා වැනි දෑ නිවෙස්වල එක්රැස් කරගන්නේ තමන්ගේ චන්දය හිමි පක්ෂයේ මැතිවරණ ප්‍රතිපල නිකුත්වෙද්දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම උදෙසාය. මැතිවරණ ප්‍රතිපල තමුන්ට වාසි වන ආකාරයේ එව්වානම් රතිඥ්ඥා කරල් කිහිපයක් පුපුරවා තම සතුට සැමරීම චන්ද දායකයින්ගේ සිරිතය.
පැවතුනාවූ එක්තරා අඳුරු යුගයක් අවසාන කරමින් පැවති මැතිවරණයක් වූ එක්දහස් නවසිය අනූ හතර ජනාධිපතිවරණය වෙද්දී අම්බලන්ගොඩයාට චන්ද බලය ලැබෙන්නට ඔන්න මෙන්නය. ඒ හින්දා ටිකෙන් ටික මැතිවරණ උණ ශරීගත වෙනවාය. එහෙත් සන්නිපාතය තරමටම නැතිය. ඒ වකවානුව වෙද්දී මැතිවරණය දා රාත්‍රියේ ගමෙන් පිට යන්නට අම්බලන්ගොඩයාට අවසර නැතත් ගමේ පොඩ්ඩක් රස්තියාදු ගසන්නට අවසර හිමිවෙනවාය. එවන් රාත්‍රීන්හීදී අම්බලන්ගොඩයාගේ හිතවත්ම මිත්‍රයා වන්නේ කවදත් සිනහවෙන් ජීවිතය ගත කරනා මංගලයාය. මංගලයාගේත් අම්බලන්ගොඩයාගේත් මිතුරුදම මැතිවරණය දිනයේ රාත්‍රියේ තකට තක වෙන්නටම තහවුරු වන්නේ දෙදෙනාම නියෝජනය කරනා දේසපාලන පක්ෂය එකක් වන නිසාය. ගමේ දන්නා කියන මිතුරන් කොතරම් උන්නද රාත්‍රී වීදි සංචාරය සඳහා අම්බලන්ගොඩයා සහ මංගලයා මිතුරුකම තහවුරු කරගන්නේ මැතිවරණය දා රාත්‍රිය සුපිරි ගිනිකෙළි සංදර්ශනයක් පවත්වන්නට අවස්තාව ලැබෙනා නිසාය. ප්‍රකාශයට පත්වෙනා චන්ද ප්‍රතිපල ජයග්‍රහණය කරනා නිවසේ නිවැසියන් රතිඥ්ඥා වලින් තම ජයග්‍රහණය ලෝකයට කියා පානා අවස්තාවේදී එම නිවස අසලම තිබෙනා ඊට විරුද්ද පක්ෂයේ නිවසේ මිදුලට රතිඥ්ඥ කරල් කිහිපයක් දල්වා වීසි කොට මංගලයා සහ අම්බලන්ගොඩයා කලුවරේම අන්තරස්දාන වෙනවාය. එයින් පසු නිවෙස් දෙකේ නිවැසියන් විසින් කරනා ගුණ ගායනා කළුවරේ ඈතට වී අසා සිටීම සෑහෙන්න විනෝදජනකය. ඕපාදූප සොයනා කේලාම් දොඩනා බවලත් උදවියගේ නිවෙස් වලට රතිඥ්ඥා ප්‍රහාරය අනිවාර්යය. ඊට අමතරව අතේ මිටේ යහමින් ගැවසේනවානම් අහස්ගුන්ඩුවක් දෙකක් නිවස ඇතුලටම ලෑන්ඩ් කරවීම ඉතාමත්ම ස්භාවිකය.
මධ්‍යම රාත්‍රිය පසුවී පැය කිහිපයක් යන තැන මන්ගෝ රතිඥ්ඥා පිපිරවීමේ කලාවේ පිකාසෝ තරමටම විශේස ප්‍රාගුන්‍ය ලබනාවූ අතර පක්ෂ විපක්ෂ බේදයක් නොමැතිවම ගමටම සම සමව රතිඥ්ඥා ප්‍රහාරය එල්ලකිරීමට මන්ගෝ වගබලාගන්නේ අම්බලන්ගොඩයාගේ සහයෝගය නොමදව ලබමින්ය. මෙහිලා සවිස්තරව විස්තර කෙරෙන ටාසන් මාමාගේ නිවසේ බෝක්කුව ප්‍රභල ලෙස අපයෝජනයට ලක්කිරීමට මන්ගෝ වගබලාගන්නේ රාත්‍රී කාලයේදී ටාසන් මාමාගේ පෙනීම මදක් දුර්වල බැවින්ය.
ටාසන් මාමාගේ බෝක්කුව ගැන වැඩිපුර යමක් පවසනවානම් තොරණේ විස්තරය මෙසේය..
අඩි විස්සක පමණ දිග අඩියක පමණ විශ්කම්භයක් ඇති පයිප්පයකින් තනා තිබෙන ටාසන් මාමාගේ නිවසේ පිවිසුම් බෝක්කුව යනු ගමටම සද්ද පූජාව පැවැත්වීමට ටාසන් මාමා විසින් ගමේ කොල්ලන් කුරුට්ටන්ට නොමිලේ ඉදිකරදී තිබෙනා අනර්ග වර්ගයේ මෙවලමක්ය. මේ කියනා බෝක්කුව ඇතුලට රතිඥ්ඥාවක් විසික් කිරීම යනු ටාසන් මාමාගේ නිවසේ ඇස්බැස්ටෝස් තහඩු සියල්ල තවුතිසාවේ ගේට්ටුව ගාවටම විසික් වෙන්නාවු ආතල් කෝටියක් ලැබෙන කර්තව්‍යක්ය. එම රතිඥ්ඥා කරල පුපුරාගිය වහා සරම ගන්නාගෙන එලිපහලියට බසිනා ටාසන් මාමා රතිඥ්ඥාව බෝක්කුව ඇතුලට විසික්කා කල එකාගේ මවු දෙමවුපියන් ප්‍රමුක හත්මුතු පරම්පරාවම තවුතිසාවේ ගේට්ටුවෙනුත් එහාටම ඇරලවන තරමේ ගුණ ගයනාවක් ගමටම ඇසෙන්නට පවත්වනවාය. ගමේ කොල්ලන් කුරුට්ටන්ටද හදිසියේ රතිඥ්ඥා කරලක් ලැබුණු වහා එයින් උපරීම උපයෝගීතාවය ලබනු පිණිස හෙමි හෙමිහිට කිට්ටුවන්නේ ටාසන් මාමිගේ බෝක්කුව ගාවටය. සිංහල අවුරුදු කාලයට නම් ටාසන් මාමා නිවසේ ඉදිරිපිට තිබෙනා පඩියෙන් බිමට බසින්නේම නැතිය. උදැසන අවදිවූ තැන පටන් ඇඳිරි වැටෙනා තෙක් ඉදිරිපස පඩිය උඩ ඇලර්ට් එකක් දමමින් ඩේ වොච් එක දමාගෙන බෝක්කුව රකිනා ටාසන් මාමා රාත්‍රියේ නින්දට යනතුරුද නයිට් වොච් එක දමාගෙන බෝක්කුව රකිනවාය. එහෙත් රතිඥ්ඥා පිපිරවීමේ කලාවේ පිකාසෝලා දවසට රතිඥ්ඥා කරල් දහයක් පහළොවක් ටාසන් මාමිගේ බෝක්කුව ඇතුලට ස්ථානගත කරනවාමය. රජයේ සේවයෙන් විශ්‍රාමිකව විශ්‍රාම සුවය විඳිනා ටාසන් මාමාගේ විශ්‍රාම සුවය සිංහල අවුරුදු කාලයට දෝර ගලන්නේ නිවස ඉදිරියේ මසුරං පහට ඉදිකර තිබෙනා මේ කියනා බෝක්කුව නිසාය. මාර්තු මාසය අග භාගයේ පටාන් ගන්නා ටාසන් මාමිගේ බෝක්කු සෙල්ලම යාන්තමට අවසන් වන්නේ පොසොන් පෝයත් ලංවූ අනතුරුවය. වෙළඳසල් වල තිබෙනා රතිඥ්ඥා අහවරවී සිංහල අවුරුදු සොමිය කොල්ලන් කුරුට්ටන්ට අමතක වීගෙන ගියායින් අනතුරුව ටාසන් මාමාට තම විශ්‍රාම සුවය රිසිසේ විඳින්නට ලැබුනත් මැතිවරණ සමයේදී නම් බෝක්කුව මුරකිරීමේ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා නිවසේ ඉදිරිපස පඩිය උඩට වාර්තා කරන්නටම සිද්ද වෙනවාය. ඒ, මැතිවරණ දිනය යනු නැවතත් රතිඥ්ඥා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ගානටම ජන ජීවිතයට සම්භන්ධවන නිසාය. එක්දහස් නවසිය අනූ හතරෙන් ඇරඹි මැතිවරණ කාලයේ ටාසන් මාමාට විශ්‍රාම සුවය විඳින්නට ලැබුනානම් ඒ බොහෝමත් කලාතුරකින්ය. ඒ මන්දයත් නිතර නිතර පැවතුනු මැතිවරණ නිසා අහල පහල වෙළඳසැල් වල රතිඥ්ඥා සුලභ වීමත් රටේ වාතාවරණය යම් තරමකින් යහපත් වීම නිසා කොල්ලන් කුරුට්ටන් බයක් සැකක් නොමැතිව රෑ පානේ ගමන් බිමන් යන්නට පටාන්ගත් නිසාය.
අපි විසින් කරන්නට යෙදුනාවූ මැතිවරණ දූෂණයක් ලියන්නට ගොස් පොස්ටුව සෑහෙන්න දුරට කැලේ පැන්නා වුවද අම්බලන්ගොඩගේ අතිජාත මිත්‍රයකු වන මන්ගලයා ගැන බ්ලොගයේ සටහනක් තැබීමට ලැබීම ගැන සෑහෙන්න සන්තෝසයක් හිතට දැනෙන්නේ මංගලයා යනු කිසිදා කේන්ති නොගන්නා කුකුල් කේන්ති කාරයකු නොවෙන නිසාය.
එවන් අතීතයක් හිමිව තිබු අම්බලන්ගොඩයා සහ මිතුරු කැල ටිකෙන් ටික ලොකු ළමයි වෙන්නේ ඔයාකාර දේසපාලන වාතාවරණයක් යටතේය. ලිපියට උක්තවූ සිද්දියට අදාළ මැතිවරණය කොයි අවුරුද්දේ කුමන මැතිවරණයද යන්න පැහැදිලි මතකයක් නැතත් අපගේ හිතාදර මිත්‍ර තඩියා කුවේටය බලා පිටත්ව ගිය අලුත තිබු මැතිවරණයක් යන්න ටක්කෙටම මතකය. ඒ අනුව ගොස් මේ ලිපිය කියවනා අපගේ හිතාදර තඩියා මේ සිද්දියට අදාළ වර්ෂය පහත කොමෙන්ටුවේ ලියනවා අනිවාය.
තඩියා ලංකාවේ නොසිටියද තඩියා සිද්දියට උක්ත වන්නේ එක්තරා කාරණයක් නිසාය. අවුරුදු ගණනාවක් තිස්සේ එකාවන්ව සිට වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන කෑ සෙට් එකේ මුල්ම පුරුකක් වූ තඩියාගේ විදේශගතවීම යාලු මිතුරු කාගේත් සිත් සතන් වලට කනගාටුවක් එක් කල කාරණයක් වෙනවාය. තඩියාගේ විදේශගතවීම උඩ පාඩු ලැබූ ජන කොටස් අතර යාලු මිත්‍රයින් ඉදිරියෙන්ම උන්නද තුඩුවමුල්ලේ ජන ජීවිතයද මදක් අඩාල වන තරමටම ප්‍රශ්නය උග්‍ර වුයේ තඩියාගේ පෙම් පලහිලව් වලට පින් සිදුවන්නට ජීවිතය ගැටගසාගත් මාද්‍ය සේවාවන්ට තම රැකියාව අහිමිවන තැනට කටයුතු යෙදීම නිසාය. තඩියාගේ විදේශගතවීමට සාපේක්ෂව තඩියාගේ මෑණියන්ගෙන් මාද්‍ය සේවාවන් වෙත ලැබුණු සියලු දහසින් බැඳී පියලි අහිමිවී ගිය අතර මාධ්‍ය සේවාවන්ද පසුවූයේ තවත් කබරගොයකු තලගොයා කරගැනීමට මාන බලමින්ය.