බාල වර්ගයේ පෙට්‍රල්

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    බාල වර්ගයේ පෙට්‍රල්

    බාල වර්ගයේ පෙට්‍රල් ගැන සොයන්නැයි සුසිල් හැරීට කියයි

    June 27, 2011 11:11 am


    බාල වර්ගයේ පෙට‍්‍රල් ආනයනය කොට බෙදාහැර ඇතැයි කියවෙන සිද්ධීන් සම්බන්ධව වහාම පරීක්‍ෂණයක් කරන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධන මහතාට දැනුම් දී තිබේ.

    මේ අයුරින් පෙට‍්‍රල් භාවිතා කළ ත‍්‍රීරෝද රථ හා යතුරු පැදි ක‍්‍රියා විරහිත වී ඇතැයි ප‍්‍රදේශ කීපයකින් වාර්තා වීම නිසා අමාත්‍යවරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.

    ඒ අනුව බාල වර්ගයේ පෙට‍්‍රල් දුන් බවට සැක කෙරෙන ඉන්ධන පිරවුම්හල් වලින් තෙල් සාම්පල් ගෙන වහා පරීක්‍ෂණයක් කරන ලෙස තෙල් සංස්ථා සභාපති හැරී ජයවර්ධන මහතාට දැනුම් දුන් අමාත්‍යවරයා ඒ පිළිබදව කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසද දැනුම් දී ඇත.

    එමගින් බාල වර්ගයේ පෙට‍්‍රල් ආනයනය කොට ඇත්ද යන්න හා එසේ ගෙන්වා ඇත්නම් එයට සම්බන්ධව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයට අයත් නිළධාරීන් සිටීදැයි සොයා බලන ලෙසද අමාත්‍යවරයා සභාපතිවරයාට දැනුම් දී ඇති වග ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

    http://www.elakiri.com/forum/newthread.php?do=newthread&f=10
     
    • Haha
    Reactions: Bitter Truth

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ආහ් මම දැක්කා තව ත්‍රේඩ් එකක් තිබ්බ ඔය වගේ
    මුන් මොක් කොරනවද මන්ද බන්
    වාහන ටිකත් කයි වගේ
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    බෑ බෑ...වෙන්න බෑ..
    ලෝකෙ උතුම්ම රටේ ඔහොම දේවල් වෙන්න නෑ.. :D
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,168
    46,939
    113
    පුදුම පළිගැනීමක් නේ.2015 පරද්දල ජනෙලේ ඵල්ලපු පලිය තමා දැන් ඔය ගන්නේ..🤣🤣
     
    • Love
    Reactions: kasun090354t