බාහු බලි බැලුවේ කවුද

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බාහු බලි බැලුවේ කවුද

    මචන්ලා කවුද බාහු බලි බැලුවේ. මම බැලුවා හැබැයි කැමරා කොපිය. පට්ටම ලස්සන ෆිල්ම් එක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තවම කැම් කොපිය මචං යන්නෙ.. ඕවයෙ ඉතිං DVDRIP එකනේ රිලීස් වෙන්නෙ.. ඉවසලා හිටපං.. තව මාස දෙකක්වත් යයි..:)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වික්‍රමබාහු..:growl::growl:

    vickramabahu_CI.png

    සෙබළුන් තමා පසුපස ලුහුබඳිද්දී සිවගාමී නමැති කාන්තාව දිව එන්නේ ළදරුවකු ද තම දෑතින් තුරුලු කරගෙනය යන්නට මඟක් නැති කළ ඇය පනින්නේ ජලාශයකට ය. ජලයේ ගිලී ගියත් දරුවා ජල මට්ටමට ඉහළින් රඳවා ගන්නට ඇය සමත් වෙයි. ගම්මුන් දරුවා බේරා ගන්නා අතර සිව ගාමී මිය යන්නේ දිය ඇල්ලක ඉහළට ඇඟිල්ලක් දිගු කරගෙනය. දරුවා හදා වඩා ගන්නට භාරගන්නා යුවළ දරුවාට ශිෂු යන නම තබයි.

    ශිෂු උස් මහත් වන්නේ දිය ඇල්ල ඉහළට නැඟීම සිය එක ආශාව හා අරමුණ කරගෙන ය. අසාර්ථක ප්‍රයත්න ගණනාවකට පසු ශිෂු දිය ඇල්ල ඉහළට නඟින අතර එහිදී ඔහුගේ උකුළ මතට වැටෙන්නේ අමුතුම වෙස් මුහුණකි. පසුව ශිෂු සොයාගන්නේ එය වසර 25 ක් තිස්සේ. දේවාසේනා රැජන සිරකරගෙන සිටින පල්වැල්තේවන් රජුට එරෙහිව සටන් කළ අවන්තිකා නමැති රණශූරියගේ බවය.

    අවන්තිය හා ශිෂු අතර ප්‍රේමයක් හට ගන්නා අතර ශිෂු ඇය ගෙන යන සටනට උපකාර කරයි. දේවසේනා රැජන බේරා ගන්නට මහිෂ්මති වෙත යන ශිෂු හා සටනට එන කට්ටපා නමැති සෙනෙවියා වහා ආයුධ බිම දමන්නේ ශිෂු යනු මිය ගිය අමරේනු බාහුබාලි රජුගේ පුතු බව හඳුනාගෙන ය. අමරේනු රජුට හා බිසව සිවගාමීට විපත් සැදූ තැනැත්තා කවුරුන්ද යන්න කට්ටපා ගෙන් හෙළි කරගන්නා ශිෂු ඊළඟට යුහුසුළු වන්නේ ඔවුන් වෙතින් පළිගන්නට ය.​
     
    Last edited: