වික්‍රමබාහු..
සෙබළුන් තමා පසුපස ලුහුබඳිද්දී සිවගාමී නමැති කාන්තාව දිව එන්නේ ළදරුවකු ද තම දෑතින් තුරුලු කරගෙනය යන්නට මඟක් නැති කළ ඇය පනින්නේ ජලාශයකට ය. ජලයේ ගිලී ගියත් දරුවා ජල මට්ටමට ඉහළින් රඳවා ගන්නට ඇය සමත් වෙයි. ගම්මුන් දරුවා බේරා ගන්නා අතර සිව ගාමී මිය යන්නේ දිය ඇල්ලක ඉහළට ඇඟිල්ලක් දිගු කරගෙනය. දරුවා හදා වඩා ගන්නට භාරගන්නා යුවළ දරුවාට ශිෂු යන නම තබයි.
ශිෂු උස් මහත් වන්නේ දිය ඇල්ල ඉහළට නැඟීම සිය එක ආශාව හා අරමුණ කරගෙන ය. අසාර්ථක ප්රයත්න ගණනාවකට පසු ශිෂු දිය ඇල්ල ඉහළට නඟින අතර එහිදී ඔහුගේ උකුළ මතට වැටෙන්නේ අමුතුම වෙස් මුහුණකි. පසුව ශිෂු සොයාගන්නේ එය වසර 25 ක් තිස්සේ. දේවාසේනා රැජන සිරකරගෙන සිටින පල්වැල්තේවන් රජුට එරෙහිව සටන් කළ අවන්තිකා නමැති රණශූරියගේ බවය.
අවන්තිය හා ශිෂු අතර ප්‍රේමයක් හට ගන්නා අතර ශිෂු ඇය ගෙන යන සටනට උපකාර කරයි. දේවසේනා රැජන බේරා ගන්නට මහිෂ්මති වෙත යන ශිෂු හා සටනට එන කට්ටපා නමැති සෙනෙවියා වහා ආයුධ බිම දමන්නේ ශිෂු යනු මිය ගිය අමරේනු බාහුබාලි රජුගේ පුතු බව හඳුනාගෙන ය. අමරේනු රජුට හා බිසව සිවගාමීට විපත් සැදූ තැනැත්තා කවුරුන්ද යන්න කට්ටපා ගෙන් හෙළි කරගන්නා ශිෂු ඊළඟට යුහුසුළු වන්නේ ඔවුන් වෙතින් පළිගන්නට ය.
Last edited: