බැංකු ණය පොලී පහලට

monson

Well-known member
  • May 7, 2007
    25,598
    28,544
    113
    පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate - AWPR) 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබුණි.

    මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් කරමින් මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව පසුගිය දා රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.

    මේ අනුව පසුගිය සතිය තුළ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් 11% මට්ටමෙන් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව නිකුත් කළ සටහනකි.

    WEI_20240328_e-7.jpg


    - https://biz.adaderana.lk/බැංකු-ණය-පොලී-පහලට/
     

    Similar threads