නව රේගු අධක්‍ෂ ජනරාල්වරිය ව්‍යාජ තීන්දුව ඉවත දමා බදු වංචාව අයකරගැනීමට නැවත පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරයි
යටගැසූ බිලියන 16 ක රේගු තීරුබදු වංචාව නැවත ආරම්භ කිරීමට නව රේගු අධ්‍යක්ෂ ජනරාල් අභියාචනාධිකරණට සහතික වෙයි
BMW වර්ගයේ මෝටර් වාහන 1675 ක් තීරු බදු සහන ලබාගැනීම සඳහා ව්‍යාජ ලේඛන යොදාගන රාජ්‍ය බදු රුපියල් බිලියන 16 ක් වංචා කිරීමක් පිළිබඳව මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනීසිටින නීතිඥ නාගානන්ද විසින් අභියාචනාධිකනයේ නඩු පවරනු ලද අතර එම නඩුවේ පෙත්සම්කරු වුයේ එම බදු වංචාව පිළිබඳව වැටලීම කල මුරුගේසු දයපරම් නම් රේගු අධක්ෂ වරයාය. නඩුවේ ප්‍රධාන වග උත්තරකරු වුයේ රේගු අධ්‍යක්ෂකව සිට, මෙම බදු වංචාව සම්බන්ධ චෝදනා ලැබ ධුරයෙන් ඉවත් කර පරිපාලන නිලධාරීන්ගේ සංචිතයට මාරුකර යවන ලද චුලානන්ද පෙරේරාය.
මෙම මහා පරිමාණ බදු වංචාව යටපත් කරන්න සෑම උත්සාහයක්ම ගන්නා ලද බව හෙළි කල යුතුය. නමුත් මෙම වංචාව පිළිබඳව පැවති ව්‍යාජ රේගු පරීක්ෂණය නැවත ආරම්භ කර නීති ප්‍රකාරව ක්‍රියාකිරීමට නව රේගු අධ්‍යක්ෂ ජනරාල් පී එස් එම් චාල්ස් මහත්මිය නිර්භවය තීරණය කරන ලද අතර, බදු වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වෙමින්, නීතිපති මගින් අභියාචනාධිකරණට ඒ බව ඇය සහතික කරන ලදී.
තවද මෙම මහා පරිමාණ බදු වංචාව යටපත් කරමින් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා යටතේ දෙන ලද නියෝගය අවලංගු කිරීමටත් රජයට අහිමි කරන ලද සම්පුර්ණ බදු මුදල් නැවත අයකරගැනීමට විධිමත් පරීක්ෂණයක් පවත්වන බවටත් නව රේගු අධ්‍යක්ෂ ජනරාල් පී එස් එම් චාල්ස් මහත්මිය අධිකරණය වෙත සැලකර සිටින ලදී.

