බැංකු Loan එකක් දාල ඉඩමක් ගන්නද ඉන්නේ ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    බැංකු Loan එකක් දාල ඉඩමක් ගන්නද ඉන්නේ ?

    මුලින්ම ඉඩමේ අයිති කරුගෙන් පහත Documents ඉල්ලා ගන්න.

    1. ප්‍රාදේශීය සබාවේ අනුමත කරන ලද ඉඩමේ සැලැස්ම.
    2. වීති රේකා සහතිකය (ඉඩමට ප්‍රවේශ වන මාර්ග විස්තර )
    3. පවරා නොගැනීමේ සහතිකය (Highway වලට හෝ වෙනත් රජයේ ඉදිකිරීමකට අනාගතයේදී පවරා නොගන්න බවට දෙන සහතිකය ).

    4. වරිපනම් බදු ගෙවූ රිසිට්.

    ඉහත documents නැතිනම් ඒව ප්‍රාදේශීය සබාවෙන් අරන් දෙන්න කියල අයිතිකරුට කියන්න.:yes:

    ඉහත documents සමග loan application එක bank එකට දුන්නම බැංකුවේ අනුමත valuer කෙනෙක් එවනවා ඉඩමේ වෙළද පොළ වටිනකම තක්සේරු කරන්න. (valuer දෙන වටිනාකමෙන් 75% ක් පමණ උපරිම ලෝන් එක විදියට ගන්න පුළුවන්:sorry: )

    ඊට පස්සේ බැංකුවේ අනුමත lawyer කෙනෙක්ට දෙනවා Transfer deed එකයි Mortgage bond එකයි හදන්න.මෙන්න මෙතනදී තමයි process එක delay වෙන්නේ. :(
    අපි bank එකෙන් lawyer කවුද කියල අහගෙන පොරට call කරලා පොඩ්ඩක් වාත වෙන්න ඕනේ ඉක්මනට වැඩේ කර ගන්න. ;)

    පොර එතකොට කියනවා ඉඩම අදාළ registrar office එකට ගිහින් පත් ඉරු (Extracts කියල කියන්නේ ) copy යක් අරන් එන්න කියල. එකෙන් තමයි title search කියන එක කරන්නේ.

    එකේ තියනවා අතීතයේ ඉදන් ඉඩමේ විස්තර. මුල අයිතිකරුවෝ කවුද , නඩු එහෙම තියනවද , ඔය ඔක්කොම .
    Bank එකක් සාමාන්ය්න් 10 years back විතර title අවුලක් නැද්ද කියල බලනවා. පොඩි හරි අවුලක් තිබුනොත් ඉඩම ගන්න කෙනාට title insurance එකක් ගන්න කියනවා.

    ඔක්කොම හොදයි නම් lawyer documents ready කරනවා.
    ඉඩම ගන්න කෙනාගේ නමට register කරන්න stamp duty යක් ගෙවන්න ඕනේ.(deed එකේ උඩම දාන ගානට තමයි duty ය වදින්නේ . 1st 1 lakh වලට 3%.ඊට පස්සේ වැඩි වෙන 1lakh එකකකට 4% ගානේ මන් හිතන්නේ )
    මේක lawyer ට දෙන්න ඕනේ.

    Loan එක ගෙවන්න දෙන්නේ maximum 20 years ගොඩක් බැංකුවල. 20 බලන්නේ ගන්න කෙනාගේ retirement age එකට (වයස 45 යි නම් ගෙවන්න දෙන්නේ 15 years. )

    Mortgage bond එක sign කරන්න එන්න කිවුවම තව දෙන්න්ක් එක්කන් යන්න ඕනේ witness වලට ( ඇප කරුවන් නොවේ )

    ඊට පස්සේ original deed එක bank එකේ තියාගෙන ඉඩම අයිතිකරුගේ නමට චෙක් එකක් bank එකෙන් දෙනවා.

    එච්චරයි.

    (මන් ඉඩමක් ගද්දි කරපු දේවල් මතක හැටියට දැම්මේ )
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුලින්ම ඉඩමේ අයිති කරුගෙන් පහත Documents ඉල්ලා ගන්න.

    බැංකු Loan එකක් දාල ඉඩමක් ගන්නද ඉන්නේ ? - Today, 08:54 PM
    මුලින්ම ඉඩමේ අයිති කරුගෙන් පහත Documents ඉල්ලා ගන්න.

    1. ප්‍රාදේශීය සබාවේ අනුමත කරන ලද ඉඩමේ සැලැස්ම.
    2. වීති රේකා සහතිකය (ඉඩමට ප්‍රවේශ වන මාර්ග විස්තර )
    3. පවරා නොගැනීමේ සහතිකය (Highway වලට හෝ වෙනත් රජයේ ඉදිකිරීමකට අනාගතයේදී පවරා නොගන්න බවට දෙන සහතිකය ).

    4. වරිපනම් බදු ගෙවූ රිසිට්.

    ඉහත documents නැතිනම් ඒව ප්‍රාදේශීය සබාවෙන් අරන් දෙන්න කියල අයිතිකරුට කියන්න.

    ඉහත documents සමග loan application එක bank එකට දුන්නම බැංකුවේ අනුමත valuer කෙනෙක් එවනවා ඉඩමේ වෙළද පොළ වටිනකම තක්සේරු කරන්න. (valuer දෙන වටිනාකමෙන් 75% ක් පමණ උපරිම ලෝන් එක විදියට ගන්න පුළුවන් )

    ඊට පස්සේ බැංකුවේ අනුමත lawyer කෙනෙක්ට දෙනවා Transfer deed එකයි Mortgage bond එකයි හදන්න.මෙන්න මෙතනදී තමයි process එක delay වෙන්නේ.
    අපි bank එකෙන් lawyer කවුද කියල අහගෙන පොරට call කරලා පොඩ්ඩක් වාත වෙන්න ඕනේ ඉක්මනට වැඩේ කර ගන්න.

    පොර එතකොට කියනවා ඉඩම අදාළ registrar office එකට ගිහින් පත් ඉරු (Extracts කියල කියන්නේ ) copy යක් අරන් එන්න කියල. එකෙන් තමයි title search කියන එක කරන්නේ.

    එකේ තියනවා අතීතයේ ඉදන් ඉඩමේ විස්තර. මුල අයිතිකරුවෝ කවුද , නඩු එහෙම තියනවද , ඔය ඔක්කොම .
    Bank එකක් සාමාන්ය්න් 10 years back විතර title අවුලක් නැද්ද කියල බලනවා. පොඩි හරි අවුලක් තිබුනොත් ඉඩම ගන්න කෙනාට title insurance එකක් ගන්න කියනවා.

    ඔක්කොම හොදයි නම් lawyer documents ready කරනවා.
    ඉඩම ගන්න කෙනාගේ නමට register කරන්න stamp duty යක් ගෙවන්න ඕනේ.(deed එකේ උඩම දාන ගානට තමයි duty ය වදින්නේ . 1st 1 lakh වලට 3%.ඊට පස්සේ වැඩි වෙන 1lakh එකකකට 4% ගානේ මන් හිතන්නේ )
    මේක lawyer දෙන්න ඕනේ.

    Loan එක ගෙවන්න දෙන්නේ maximum 20 years ගොඩක් බැංකුවල. 20 බලන්නේ ගන්න කෙනාගේ retirement age එකට (වයස 45 යි නම් ගෙවන්න දෙන්නේ 15 years. )

    Mortgage bond එක sign කරන්න එන්න කිවුවම තව දෙන්න්ක් එක්කන් යන්න ඕනේ witness වලට ( ඇප කරුවන් නොවේ )

    ඊට පස්සේ original deed එක bank එකේ තියාගෙන ඉඩම අයිතිකරුගේ නමට චෙක් එකක් bank එකෙන් දෙනවා.

    එච්චරයි.

    (මන් ඉඩමක් ගද්දි කරපු දේවල් මතක හැටියට දැම්මේ )
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    තැන්ක්ස් මචන්. දැම්මට පස්සේ දැක්කේ අකුරු පොඩි කියල :)
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Thanks mcn
    11.gif
    ((((((Rep+))))))
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    පේන්ස්, ගෙයක් හදන වැඩකට කියල, ලොන් එකක් අැප්ලයි කරා, මට බෑන්ක් එකෙන් කිව්වා, වැඩේට යන ගාන (අමුද්‍රව්‍ය, කුලී) අැතුළුව බිලක් වගේ අරන් එන්න, මේකට මොකක් හරි පෝමැට් එකක් තියෙද බන් කොමද කරන්නේ?
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    පේන්ස්, ගෙයක් හදන වැඩකට කියල, ලොන් එකක් අැප්ලයි කරා, මට බෑන්ක් එකෙන් කිව්වා, වැඩේට යන ගාන (අමුද්‍රව්‍ය, කුලී) අැතුළුව බිලක් වගේ අරන් එන්න, මේකට මොකක් හරි පෝමැට් එකක් තියෙද බන් කොමද කරන්නේ?

    mokakda bank eka? chartered engineer kenekta kiyapan.. karala dei. ehema format ekak nae bn. un dannwa wade krla dei. podi thappayak wage nam umbama hadan palayan thani koleka wage.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    පේන්ස්, ගෙයක් හදන වැඩකට කියල, ලොන් එකක් අැප්ලයි කරා, මට බෑන්ක් එකෙන් කිව්වා, වැඩේට යන ගාන (අමුද්‍රව්‍ය, කුලී) අැතුළුව බිලක් වගේ අරන් එන්න, මේකට මොකක් හරි පෝමැට් එකක් තියෙද බන් කොමද කරන්නේ?

    BOQ එකක් නෙ ඉල්ලල තියෙන්නෙ.උබම හදා ගනින්.ලොකු දෙයක් නැ.excel එකෙ හදපන්.two story house නම් තට්ටු 2 ට වෙන වෙනම හදපන්.මගෙ ගෙදර ට මන් මයි හද ගත්තෙ.
    Hadware එකකින් බඩු වල prices ගනින්.ඉට පස්සෙ හෙමිට හද ගන්න තියෙන්නෙ.
    අදුරන බාස් කෙනෙක් ගෙ details දාපන් යටින් උගෙ contact no එක දාල.උට කියපන් bank එකෙන් call කරොත් boq එක උ හදුවෙ කියන්න කියල.
    මතක අතුව boq එකෙ total එක ගනින් 125% වලට.එ කියන්නෙ උබට loan 100ක් ඔනෙනම් උබ boq හද්න්න ඔනෙ total එක 125 ක් එන විදියට.
    හදන්න ගනින් මන් help එකක් දෙන්නම්