බැචාලා (Batchmates)

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    *******
    එක්තරා අසල්වැසි රටක හමුදාවක කර්නල් වරයෙකු හදිසියේ ලිඳකට ඇද වැටුනා.
    වහා යුහුසුළු වූ අවට සිටි සෙබලුන් කඹයක් රැගෙන විත් ලිඳට දමා එමගින් කර්නල්වරයා ගොඩට ගන්නට උත්සාහ කරනවා.
    කඹය අල්ලාගෙන උඩට එන කර්නල් දකින විට සෙබලුන් සියල්ලෝම ඔහුට ආචාර දක්වනවා (salute) කරනවා.
    ඉතින් කඹය අතහැරෙනවා.
    කර්නල් ආපහු ලිඳටම වැටෙනවා. මේ විදියට කීප වාරයක්ම සිදුවෙනවා.
    පසුව සෙබලෙකුට අදහසක් පහල වෙනවා.
    කර්නල්ට වඩා තනතුරෙන් ඉහල කෙනෙක් හිටියා නම් මේ ගැටලුව විසඳෙන බව සිතා වහා ගොස් බ්‍රිගේඩියර් කෙනෙක් කැඳවා ගෙන එනවා.
    ඔහුත් පෙර පරිදි ලිඳට කඹය දමා කර්නල් ව ගොඩට ගන්නට උත්සාහ කරනවා.
    පෙර පරිදිම අමාරුවෙන් උඩට ඇදෙන කර්නල්වරයාට තම ඉහල නිලධාරියා දකින්නට ලැබෙනවා.
    උන්හිටිතැන් අමතක වී ඔහුට සැලියුට් කරනවා.
    කඹේ අතහැරෙනවා.
    ආයෙත් ලිඳ ඇතුලට පතබෑ වෙනවා.
    මේ විදියටත් කීප සැරයක් වෙනවා.
    නමුත් කර්නල් තවම ලිඳ ඇතුලෙ.
    කීප සැරයක්ම නැවත නැවත ලිඳට වැටීමෙන් හොඳටම හෙම්බත් වෙලා.
    අඩපන වෙලා. සෙබලු තවම දහ අතේ කල්පනා කරනවා.
    හිටි හැටියෙම ලිඳ ඇතුලෙන් ගෝරනාඩුවක් ඇහෙනවා.
    ' මෝඩ යක්කුනේ. තොපි මක් කරනවද. පලයවු..
    ඉක්මනට මගෙ බැචෙක් (a batchmate) හොයාගෙන වරෙව්. පලයව්...’
    *( බැචාලා {batchmates} ඉතාම වැදගත්. ඔවුන්ට ඔබව මරණයෙන් වුව මුදා ගතහැකිය )
    සියලුම අයගේ බැචාලාට උපහාරයක් වශයෙනි
     
    • Haha
    Reactions: senewimala1988

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වයි පෙරලමාන්ගේ ලස්සන වසිලිස්සා මතක් උනා
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,733
    4,807
    113
    එලකිරි හන්දිය
    වයි පෙරලමාන්ගේ ලස්සන වසිලිස්සා මතක් උනා
    වයි පෙරෙලෙමාන්ගේ ද වසිලිස්සා පොත ? මම හිතුවේ වයි පෙරෙලේමාන් ලියලා තියෙන්නේ ගනිත විනෝදය කියන පොත විතරයි කියලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    වයි පෙරෙලෙමාන්ගේ ද වසිලිස්සා පොත ? මම හිතුවේ වයි පෙරෙලේමාන් ලියලා තියෙන්නේ ගනිත විනෝදය කියන පොත විතරයි කියලා

    ඔය ඉතින් බෑනේ කරන්න.
     
    • Like
    Reactions: chinthaka156

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,388
    19,519
    113
    Colombo
    වයි පෙරෙලෙමාන්ගේ ද වසිලිස්සා පොත ? මම හිතුවේ වයි පෙරෙලේමාන් ලියලා තියෙන්නේ ගනිත විනෝදය කියන පොත විතරයි කියලා
    වයි පෙරල්මාන් ලියලා තියෙන්නෙ මැත්ස් සහ පිසික්ස් පොත් සෙට් එකක් නේද
    ලස්සන වසීලිස්සා ලියලා තියෙන්නෙ වෙන කවුරුහරි මං හිතන්නෙ
     
    • Like
    Reactions: siri_ayya